පෑගුනත් හැමදෙනාගෙ දෙපයට
රැල්ල වෙරළට ආදරෙයි.....
වෙරළ තෙමමින් දියඹ වෙත ගොස්
ආයෙ එන්නේ ඒ නිසයි.....
බොහෝ ඉහළින් අහස තිබුණත්
අහස පොළොවට ආදරෙයි....
පොළොව උසුලන සියළු දුක් ගිනි
අහස දන්නේ ඒ නිසයි....
ඔබේ හදවත ගැහෙන රාවය
පවා හොදහැටි මට දැනෙයි....
ලොවේ කවුරුත් නොසිතු තරමට
ඔබට ලං වුනෙ ඒ නිසයි....
No comments:
Post a Comment