එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Tuesday, June 6, 2017

විශ්ව විද්‍යාල සංස්කෘතියේ එක් හෑල්ලක්

විශ්වවිද්‍යාල තුළ සාමාන්‍ය සමාජයට වඩා අමුතු බවක් ඇති බව ප්‍රචලිත මතයකි. එය විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවූ සියල්ලන්ට ඊර්ෂ්‍යා සහගත ආශාවක් ඇති වන ආකාරයේ කථිකාවක් විය. මූලික වශයෙන් ඒ සඳහා විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉලක්ක කර ගෙන තිබුණි. ප්‍රධාන වශයෙන් චිත්‍රපට, නවකතා, කවි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය විසින් එකී සංවාදය තවත් තහවුරු කරන ලදී. එම කලා නිර්මාණ තුළ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ පැවති සෙනෙහෙවන්ත සෞන්දර්ය හද බසට නගා උත්කර්ෂයට නංවා තිබුණි. ඉතාම ප්‍රගතිශීලී අර්ථයෙන් එය පාසල් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගැනීමට පවා උත්තේජකයක් සැපයීය. නමුත් ක්‍රමයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුළ, විශ්වවිද්‍යාලයේ මෙම සුන්දරත්වය පිළිබඳ අදහස, සමාජ කථිකාව තුළ සුන්දර දිශාවකට යොමු නොවුණි. වෙනත් ආකාරයට කියන්නේ නම් විශ්වවිද්‍යාල පිළිබඳ අද සමාජයේ පවතින අදහස පෙර සේ හද බසට නො නැගෙයි. මෙම ලිපිය මගින් උත්සහ කරන්නේ සරසවිය නම් ඒ ඥාන ගවේෂී සෞන්දර්ය තක්සලාවේ උප සංස්කෘතියේ වත්මන් තත්වය පිළිබද විශ්ලේෂණයක් කිරීමට ය.
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය යනු කුමක්ද ? උප සංස්කෘතියක් පවතිනවා යනු මහා සංස්කෘතියක් පවතින බව නිතැතින් ගම්‍ය කරවන අදහසකි. මහා සංස්කෘතිය තුළ පවතින උප සංස්කෘතියේ පැවැත්ම තීරණය වන්නේ එය මහා සංස්කෘතිය සමඟ දක්වන සම්බන්ධතාවය තුළ යි. මේ සංස්කෘති දෙක අතර පරතරය වැඩි වෙත් ම උප සංස්කෘතියේ පැවැත්ම ස්ථාරව වෙයි. නමුත් උප සංස්කෘතිය සෑම විට ම මහා සංස්කෘති‍යෙන් පෝෂණය ලබයි. උප සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ එයට ම අනන්‍ය වූ භාෂාවක්, හැසිරීම් රටාවක්, ආචාර ධාර්මික පද්ධතියක් මුල් කර ගෙන ය. ඒවා ඇති වන්නේ පවතින මහා සංස්කෘතිය විසින් යෝජනා කරන ඇතැම් තත්ත්වයන් සමඟ මුහුණ දීමට යොදා ගන්නා සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් මත ය.
මහා සමාජයේ බලපෑම් හා වර්තමාන විශ්වවිද්‍යාල උප සංස්කෘතියෙහි මූලයන් මීට වසර 30 කට වඩා පැරණි ය. එම නිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පැවැත්ම තරමක් ගැටලුකාරී වී ඇත. තවත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අද දවසේ අපහසුවෙන් නඩත්තු කරන උප සංස්කෘතියක් බවට පත් ව ඇත. අද දවසේ ලෝකය තුළ බොහෝ උප සංස්කෘති විවිධ තත්ත්වයන් මත විකාශනය වන නමුත් නොයෙක් ආධානග්‍රාහී කුලකයන්, නොයෙක් උප සංස්කෘති ඔවුනට අනන්‍ය අයුරින් රැකබලා ගැනීමේ අවධානමකට ලක් වී ඇත. වෙනත් ආකාරයට කියන්නේ නම් උප සංස්කෘතිය තුළ වෙනස් වීම, විකාශනය වීම අවහිර කර ඇත. ඒවා බොහොමයක් ආගමික පසුබිමක් තුළ ගොඩ නැගෙන මූලධර්මවාදී ආස්ථානයක පිහිටයි. අදටත් ඉන්දියාවේ කුඩා ගම්මාන, මියන්මාරයේ ආගමික සංවිධාන, ඉන්දුනීසියාවේ මුස්ලිම් සංවිධාන, වනාන්තර ආශ්‍රිත අප්‍රිකානු ගැමි සමාජ, එංගලන්ත රාජ පෙළපත මූළික කරගත් උප සංස්කෘතිය උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය. මන්ද ගෝලීයකරණ හා සන්නිවේදන තත්ත්වයන් පුළුල් වීමේ දී ඇති වී තිබෙන සීමා රහිත සන්නිවේදන සම්බන්ධතා ජාලා මත සංස්කෘතිය ස්වකීයත්වය අහිමි කරගන්නා දෙයක් බවට පත් වී තිබේ. නමුත් උප සංස්කෘතියක් බලෙන් රඳා පවත්වා ගන්නවා යනු, මෙම නවීන විද්‍යාවේ ඇගෑලුම් කම් හා නොයෙක් සමකාලීන දැනුම් පද්ධති වාරණය කිරීමට එම සංස්කෘතිය තුළින් නිතැතින් ම උත්සහ කිරීම ලෙස හැඳින්විය හැකි ය. කෙසේ වෙතත් පාරිභෝජනවාදයේ සූක්ෂම සංවිධානගත වීම හේතුවෙන් උප සංස්කෘති තුළ වෙළදපළ කාර්යභාරය ඉතා දියුණු මට්ටමක පවතියි. එනම් විශ්වවිද්‍යාල තුළ සිම් කාඩ්, කෝපි කඩ, ජූස් බාර් වැනි වෙළද ව්‍යාපාර සඳහා අවකාශය පිටත සමාජයට වඩා තහවුරු කර දී ඇත. එම අර්ථයෙන් වෙළඳපළ විසින් මෙම උප සංස්කෘතිය භාර ගන්නේ ඔවුන්ට ආයෝජනය කළ හැකි සක්‍රීය කළාපයක් ලෙස ය.
මෙහි දී අපට වැදගත් වන කරුණ නම් පවතින තත්ත්වය විසින් තීරණය කරන හෝ ඉල්ලා සිටින සමාජ හැසිරීම උප සංස්කෘතිය තුළින් ප්‍රතික්ෂේප කරනවා ද යන්න යි. 70 හා 80 දශකයේ මෙරට වාමාංශික දේශපාලනයට හා බුද්ධිමය කථිකාවට විප්ලවාකාරී මැදිහත්වීමක් කිරීමට එවකට විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හැකි විය. ඓතිහාසික සාධකවලට අනුව එවකට තරුණයාගේ දේශපාලන මතය, කලාවේ හැසිරීම හා සමාජ කථිකාව තුළින් එවැනි නිගමනයකට පැමිණිය හැකි ය. 70, 80 දශකයේ උප සංස්කෘතිය පාලනය කළ රටාවන්, අද දවසේ ජීවිතය පිළිබඳ විකල්ප අදහසක් නැති විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළට බලෙන් පැටවීමෙන්, මානුෂීය බැඳීම් ස්ථාර වීම හා නව දැනුමක් ආනයනය වීම විශ්වවිද්‍යාලයට අහිමි වී ඇත. අවසානයේ අද දවසේ විශ්වවිද්‍යාල තුළින් සමාජයට තරුණ රැඩිකල් පිරිසක් යොමු කිරීම අහිමි වී ඇත. තවත් පුළුල් අර්ථයෙන් කිවහොත් වමේ ව්‍යාපාරය බිඳ වැටීම, විකල්ප කලා භාවිතයන් විනාශ වී යාම, බුද්ධිමය දරිද්‍රතාවයක් දක්වා සමාජය යොමු වී ම තුළ විද්‍යාර්ථියා විශ්මයජනක නොදැනුමක ජීවත් වෙයි. එවැනි පසුබිමක 70, 80 දශකයේ උප සංස්කෘතිය යනු තවදුරටත් අද දවසේ ආගමික අර්ථයකින් පෙනී සිටින්නක් මිස බුද්ධිමය මැදිහත්වීමක් කරන්නක් නොවන බව කිව යුතු නොවේ ද ?
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් මේ වන විට පවත්වා ගෙන යන ප්‍රමුඛත ම ක්‍රියා දාමය ‘රැග්’ නැති නම් ‘නවක වදය’ ලෙස හැඳින්විය හැකි ය. නවක වදය සිදු කරන්නේ ඇයි ? එය කා වෙනුවෙන් ද ? යන ගැටලුව අද දවසේ විද්‍යාර්ථයින්ට ද තාර්කික පිළිතුරක් ගොඩ නැඟිය හැකි ද? ඒ සඳහා ඔවුන්ගේ පිළිතුර වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එය පවත්වා ගෙන යන බව යි. එමගින් විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොදු නාරටිය නවක වදය හා බැඳී පවතින බව පැහැදිලි ය. එනිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතික ගුණාංග ආරක්ෂා කිරීමට පෙළ ගැසෙන විද්‍යාර්ථයින් එය සටන් පාඨයක් කර ගනිමින් හා එය නියෝජනය කරමින් එයට ආත්මීයව බැඳී සිටියි. දැන් අපට නවක වදය දෙන්නේ ඇයි? යන ප්‍රශ්නයට යම් පමණක සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී ඇත. එනම් නවක වදය උප සංස්කෘතිය රැක ගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන්නක් බව. අපට අසනන්ට වන ඊළග ප්‍රශ්නය, “උප සංස්කෘතිය පවත්වාගෙන යා යුත්තේ ඇයි?” යන්න යි. විද්‍යාර්ථයින්ට ඊට තාර්කික පිළිතුරක් ලබා දිය හැකි ද?
පෙර කළ කී දෑ කාලය හා අවකාශීයත්වය පිළිබද අදහසක් නොමැති ව ඒවා එලෙස ම පවත්වා ගෙන යනවා යනු එහි ඇත්තේ ඇදහීම හා ආධනග්‍රාහීත්වය යි. මෙහි දී ලොව සියල්ල තාර්කිකත්වයට ඌනනය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ නැත. නමුත් සිදු වන්නේ විශ්වවිද්‍යාලය තුළ නූතනත්වය ප්‍රකාශමානවීමට ඇති ඉඩ හකුලා දැමීම යි. පවතින තත්වය එලෙස ම පවත්වා ගැනීමේ ඇදහිලි සම්ප්‍රදායට අද විශ්වවිද්‍යාල උප සංස්කෘතිය නඩත්තු කරන්නෝ පැමිණ තිබේ. පැහැදිලිව හා ඉතා ඕනෑ කමින් කිව යුතු වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් අනවශ්‍ය බව මෙයින් යෝජනා නොකරන බව යි. විශ්වවිද්‍යාල තුළ උප සංස්කෘතියක් පවත්වා ගෙන යන්නේ නම් එය මහා සංස්කෘතියේ ජරා ජීර්ණත්වයට වඩා යහපත් තලයක පැවතිය යුතු ය. ඉතා සහෝදරත්වයෙන් කියන්නේ නම්, විය යුත්තේ පවතින සමාජයට එරෙහි විකල්ප අවකාශය විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කිරීමයි.
මේ සඳහා කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබද අදහස සළකා බලමු. මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය යනුවෙන් නම් කරන්නේ පවත්නා සමාජ අවස්ථාවක් එම ආකාරයටම පැවතිය යුතු යැයි කියා විශ්වාස කිරීම යි. මේ සමාජය, මේ සමාජ ක්‍රමය, මේ ආකාරයට ම සකස් වීම සඳහා අපට පරම වූ හේතුවක් ලබා දිය හැකි වන්නේ ද? මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය ලෙස නම් කළ හැක්කේ මේ ප්‍රශ්නයට ‘ඔව්’ කියා ලබා දෙන පිළිතුරු වෙයි. සත්‍ය වශයෙන්ම ඕනෑ ම සමාජ අවස්ථාවක් පැහැදිලිව පෙනෙන හේතුවකින් තොරව සිතා ගත නොහැකි ආකාරයකට වෙනස් විය හැකි වේ. අනාගතවාදී දේශපාලනය පදනම් වන්නේ මෙම දැනුම මතයි. තරමක් සරල ලෙස කියන්නේ නම් මේ සමාජ වෙනස් වීම අවබෝධ කර නොගන්නෝ අද දවසේ දේශපාලනය තුළ පරාජය ලබන්නෝ වෙති. කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස අප විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය වෙත ආදේශ කළොත් අපට පැමිණිය හැකි නිගමනය කුමක් ද?
අප විශ්වවිද්‍යාල පද්ධතියෙන් අපේක්ෂා කරන්නේ පවතින තත්ත්වය වෙනස් කරන රැඩිකල් නැඹුරුවකි. අප ඉහත විස්තර කළ උප සංස්කෘතිය විසින් සීමා කෙරෙන්නේ ශිෂ්‍යයාගේ රැඩිකල්බව නොවේද? අප ජීවත් වන ව්‍යාජ ලෝකයේ නැතිනම් වෙළඳපළ විසින් තීරණය කරනා මේ ව්‍යාජ පැවැත්ම තුළ අව්‍යාජ පැවැත්මක් ලෙස පවතිනවා යන්නෙහි ඇත්තේ ඔහු පවතින ක්‍රමය වෙනස් කරනවා හෝ එයට අනුගත නොවනවා යන අදහසයි. එබැවින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා අතින් රැඩිකල් ලෙස මග හැරී ගොස් ඇත්තේ මේ ඓතිහාසික කාර්ය භාරය නොවේ ද? විශ්වවිද්‍යාල තුළ පවතින ආගමක් බදු උප සංස්කෘතිය එලෙස ම භාරගන්නා අයෙක් සමාජය හමු වේ මහා සංස්කෘතිය වෙනස් කරන්නට උත්සහ කරයි ද? විද්‍යාර්ථියා දූපත් මානසිකත්වයකින් සමාජයට හා අභිමුඛ වන විට, අද සමාජයේ පවතින ධනවාදී යාන්ත්‍රණය තව දුරටත් ප්‍රශ්න කිරීමකින් තොරව භාර ගන්නවා හැරෙන්නට විද්‍යාර්ථියාට වෙනත් මාවතක් හමු වන්නේ නැත. අද දවසේ පවතින ධනවාදී ආධිකාරීත්වය ඉල්ලා සිටින්නේ ද පවතින තත්වය ප්‍රශ්න කිරීමකින් තොර ව භාර ගන්නා කීකරු විද්‍යාර්ථයින් පිරිසක් මිස නවක වදය හා උප සංස්කෘතිය උඩු යටිකුරු කරන රැඩිකල් තරුණ පිරිසක් නොවේ. නවක වදය එදවස ධනවාදය එරෙහි ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිය ද අද සිදු වෙමින් තිබෙන්නේ එය ධනවාදයට සේවය කරන ධනවාදයේ ආගමිකත්වය, ආධනග්‍රාහිකත්වය හා බෙලහීනතාවය නඩත්තු කරන ආගමික කාඩර්වරුන් නිර්මාණය කරන අසීමාන්තික තකතීරු විභවයකි.
තවත් අර්ථයකින් සංස්කෘතිය යනු පාරිභෝජනය පිළිබඳ අදහසකි. එහි සියළු අඩංගුවන් පාරිභෝජනය වෙත දිශානත වී ඇත. අප දන්නා සරල අර්ථ කථනය අනුව සංස්කෘතිය යනු භාෂාව, ආගම, පාලන තන්ත්‍රය, ඇදහිලි, සිරිත් විරිත්…… වේ. මේ සියල්ල පාරිභෝජනය දරා සිටිනවා සේ ම සංස්කෘතිය ද නියෝජනය කරයි. මෙම පාරිභෝජනය වෙනස් වන වේගයෙන් සංස්කෘතිය ද වෙනස් වේ. නැවත අසන්නට ඇත්තේ මේ අර්ථයෙන් උප සංස්කෘතිය යනු වෙනස් නොවන අංගයක් ද? විශ්වවිද්‍යාල උප සංස්කෘතික නියෝජිතයින් එය වෙනස් නොවන දෙයක් ලෙස වටහා ගෙන සිටියි. තව තවත් පැහැදිලි වෙන ලෙස කියන්නේ නම් සංස්කෘතියක් නිර්මාණය වන්නේ අවශ්‍යතාවයක් පදනම් කර ගෙනයි. එහි දී යම් යම් වකවානුවල අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදන වුණු නොයෙක් සම්ප්‍රදායන් එම සමාජයේ එම අවශ්‍යතා අතුරුදහන් වී ගිය කල ඒවා නැවත නැවත ඇදහීම හෝ පවත්වාගෙන යාම වටිනා දෙයක් සුරැකීමක් ලෙස අප භාරගත යුතු ද?
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ තවත් සංකීර්ණ ගැටලුවක් වන්නේ ස්ත්‍රීත්වය ඇඳ දමා ඇති ආස්ථානය යි. ස්ත්‍රිය දෙවනු කොට සැළකීම, නායකත්වය ස්ත්‍රියගෙන් විතැන් කිරීම, උක්ත නවක වදය තුළ ඇයට හා පුරුෂයාට එකිනෙකාට වෙනස් තත්ත්වයන් ගෙන් නවක වදයට ලක් කිරීම, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සිදු වෙයි. ඇය විශ්වවිද්‍යාලය තුළ අත් විඳින පීඩාව අද මහා සමාජයේ දී වත් ඇයට මුණ ගැසෙන්නේ නැත. තරමක් කර්කශ ලෙස කියන්නේ නම් අද දවසේ ආගමික සංස්ථාව තුළ හැරුණු කොට වැඩිම ස්ත්‍රී පීඩිත සංස්කෘතික අවකාශය පවතින්නේ විශ්වවිද්‍යාලය තුළ යි. නැවත වෙනත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල යනු අද දවසේ ආගමික ස්ථානයක් හැර අන් තැනක් නොවේ.
ප්‍රංශ දාර්ශනික අලෙන් බදියු මනෝරම්‍ය ලෙස කියා සිටින්නේ අද දවසේ තරුණයා විද්‍යාව, කලාව, දේශපාලනය හා ආදරය නියෝජනය කරනා පැවැත්මක් විය යුතු බව යි. ඔහුට අනුව තරුණයා යනු සමස්ත ලෝකයේ ජීව ගුණය ආරක්ෂා කරන කොදු නාරටිය වේ. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු අද සමාජයේ ආධිපත්‍යය දරනා තාක්ෂණය වෙනුවට විද්‍යාවේ නවීනත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවා යනු පවත්නා බලාධිකාරයන්ගේ ආධිපත්‍යයට එරෙහිව පොදු මානව විමුක්තියේ විභවයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ආදරය වෙනුවෙන් පෙනී සිටිනවා යනු කාර්මිකකරණය වූ ලිංගික භාණ්ඩවලට එරෙහි ව ආදරයේ අදහස වෙනුවෙන් පෙනී සිටීමයි. මේ සියල්ලට වඩා, කලාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු, සංස්කෘතිය නම්, අප සියලු දෙනාට ස්වභාවයෙන් උරුම වන, අර්ථ විරහිත සාමූහික හැසිරීම වෙනුවට සෑම විට ම විශ්වීය වූත්, නවීන වූත් කලාවේ නිර්මාණශීලී චින්තනය වෙනුවෙන් පෙනී සිටීමයි. එම අර්ථයෙන්, ‘උප සංස්කෘතිය රැකගැනීම’ පිළිබඳ සටන් පාඨය, බෙහෙවින් ගැටලුකාරී එකක් ලෙස හඳුනා ගැනීමට හැකි වීම වැළක්විය නොහැක. විශ්වවිද්‍යාල විද්‍යාර්ථ ප්‍රජාව ධනවාදී අර්ථයෙන් යාවත් කාලීන විය යුතු යැයි අප යෝජනා නොකරමු. අපට අවසන් වශයෙන් කියන්නට ඇත්තේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යයක්ෂ බේලා තාර් වරක් ප්‍රකාශ දෙයයි. යමල්ලා! රැඩිකල් වෙයල්ලා! විප්ලවීය වෙයල්ලා!

උපුටා ගන්නා ලදී.....!!!

තප්පරක් නැවතිලා කියවලා පලයන්..

ධනයට කුළයට උගත්කමට පංතියට...
ආඩම්බරයෙන් ගලපන්න දෙමාපියන් .....
මගේ අත බැන්දූ ස්වාමිපුරුෂයා සමග දවසක්..
ඔහුගේ වාහනයෙන් ගමණක් යනකොට...
ටයරයක් පුපුරාගෙන වාහනේ නැවතුනා...
''ටයර් එක මාරු කරගමු මම කීවා ඔහුට,
පිස්සුද කවුරු හරි අදුනන කෙනෙක් දැක්කොත්...
මගේ තත්වේ ඉවරයි මං ඕක මාරු කරොත්...
මේ හරියේ මිනිස්සු ෂුවර් නෑ වාහනේ මෙතැන දාලා ගියොත්..
කෑලි හොයන්නත් බැරිවෙයි
මං කියන්නද
ඉස්සරහට ඔයා ගිහින්..
කවුරු හරි හොයාන එන්න වාහනේ තනි කරන්න බෑ...
මට අසරණ කමක් දැනුනා පාරේ ඇවිදන් යනකොට ..
මතක් වුනා ඉස්සර මං ආදරෙන් බැදිච්ච ''රස්තියාදු කාරයාගේ බයික් එක..
එයාගේ එකම වස්තුව බැනුම් අහගෙන මගෙන් නෝක්කාඩු අහගෙන..
ගෙදරට හොරා මාවත් දාගෙන පාරවල් දිගේ යන්න ආසා කරපු හැටි..
දවසක් යනකොට බයික් එක නැවතුනා ''පෙට්රල්'' නැතිව...
අපි තල්ලු කරන් යමු මං කීවා.... බෑ....ඇයි ඒ....
පෙට්රල් නැති බයික් එකක් තල්ලු කරන පෙම්වතියක් කරන්න මට බෑ..
මං හිනාවුනා ...එහෙනම් ඔයා හොයාන එන්න මං ඉන්නම් ...බෑ...ඇයි..
ඔයාව මහ පාරේ දාලා යන්න බෑ..
මං හිනාවුනා..
එහෙමනම් ඉතිං...
මං යන්නද...බෑ... ඒ ඇයි වදේ...
ඔයා නොදන්න පාරක අතරමං උනොත්..
කවුරු හරි අරන් ගියොත් මං මෙතැන ඉදලා මොකටද...
මං හිනාවුනා..
අපි දෙන්නම යමු බයික් එක නැති වුනත් ඔයා නැතිකර ගන්න බෑ...
පුහු තත්වය උජාරුව රැකගන්න ස්වාමියෙක් වෙනුවෙන් මං ඇවිදින කොට..
මට රැක ගන්න බැරිවෙච්ච මං වෙනුවෙන් කැපවෙච්ච ආදරය...
මගේ මතකයෙන් ඇදලා එලියට මගේ හිත..
හොද වැඩේ උඹට යැයි කියනවා වගේ..
ඔච්චම් කරනවාද මංදා...

දැනුනද එදා උඹට කරපු අහිංසක ආදරය.....!!!

Wednesday, May 10, 2017

ආදරය යනු කාමුකත්වය නොව... කමුකත්වය යනු ආදරේයේ තවත් සොදුරු හැගිමක් පමනි....


18+ ..ඇය
මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා..
ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා
මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද..
බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ..
අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් .
බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි ..
හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි
මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්..
අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ
ගන්න බෑ..
බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි.
ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ..
නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල,මැරෙන්නෙ නැති එක විතරයි ..
පවු බන්..
හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද කියන්නෙ
උබ..සල්ලි වලට හරියන්න..සැපගන්න ඕනෑ ..මස්සිනා.වරෙන්කෝ යන්න..
උබ යමන් දිමුතුවා..මට බෑ බන්.. සිරාකතාව..මම කවදාවත් බඩු ගහලා නෑ.ලැජ්ජයි යකෝ..හසරැල් ..නැගපන් බයික් එකට..
අනේ බෑ බන්..උබ යමන්..
හරි හරි මාව දාලා වරෙන් ..
.....................................................
වරෙන් ඇතුලට යන්න..කෑල්ලි ටික බැලුවාම උබ බෑ කියන
එකක් නෑ..
අපෝ බෑ ..උබ වැඩේ කරන් වරෙන් ..
කෑල්ලි ටික බලන්න වරෙන්කෝ
හ්ම්ම් ...යමන්කෝ එහෙනම්..
ඔහු මාව ඇතුල් කාමරයකට එක්කන්
ගියේය..කාමරයේ තරුණ යුවතියන් 5ස් දෙනෙක් සිටියාය.ඔවුන් එක සේ සුන්දරයි ..සමහරුන්ට අවුරුදු
විස්සක් වත් නැති තරම්ය..
කොහොමද කෑල්ලි ටික..පට්ට නේද..අර කොනේම ඉන්න පොඩි එක ඒක
තමා මගෙ චොයිස් එක..තාම ෆුල් fresh බන් ඒකී..පොඩ්ඩක්
හිටපන් කෝල් එකක් ..මම එලියට ගිහින් එන්නම්..
අයියේ....
නොසිතූ ලෙස යුවතියක් මා සමීපයට ආවාය..
අනේ ..අයියේ ..පොඩි උදවුවක් කරන්න..
මොකද්ද ..
අනේ අර අයියට කලින් ..ඔයා මාව ගන්න..නැත්නම්
එයා මාව ගන්නෙ..මට උණ අයියේ..එයා අරගත්තොත්
මාව මැරෙයි .පන නැතිව ඉන්නෙ..එයා ගොඩක් වද
දෙනවා...
ආ.ආ.ආ මම කීවේ හසරැල් උබට දැක්කාම ආස හිතෙයි
කියලා .ඒත් ඕක මගෙ බන්..වෙන ඕනැ එකක් ගනින්.මම
සල්ලි දෙන්නම්..
දිමුතුවා ..මට අනිත් ඒවා interest නෑ බන්..අරක නම්
මරු..
හ්ම්ම් ..කමක් නෑ..මම වෙන එකක් උස්සන්නම්...උබ ගනින්
ඕක..
.....................................
ඇය කාමරේට ගියපසු මට දෑත් එක්කර වැන්දේය..
මහත්තයෝ අනේ පිංසිද්ද වෙනවා.මහත්තයෝ ගොඩක් මහන්සි
වෙන්න නම් බෑ..ඒත් මම මහත්තයට සලකන්නම්..
ඇය බ්ලවුස් එක කරෙන් පන්නමින් කීවාය..
එපා නංගි...ඔයා නිදාගන්න..
අනේ මහත්තයා ..එහෙම හරි නෑනෙ..ඔයාගෙ සල්ලි
අපරාදේ.හාරදාහක් නෙ.ඒත් අපිට හම්බවෙන්නෙ
කොමිස් එකක් මහත්තයා ..මේ මහත්තයා එක්ක අද ආපු
තුන්වෙනියා..දවසකට 5ක් එක්ක හිටියොත් 2000ක්
දෙනවා..නැත්තම් එක්කෙනෙක් එක්ක හිටියොත් අටසීයයි
මහත්තයා ..
මහත්තයා ...බේත් බීලා චුට්ටක් හිටියාම උන
අඩුවෙයි..කලින් අපු මිනිහා මාව මැරුවා
මහත්තයා ..ඒකයි උන වැඩි උනේ..තාත්තා වගේ ඒ
මිනිහා..ඒත් පුදුම වදයක් දුන්නෙ..මහත්තයා
විනාඩි 10නිදාගන්නම්.ඇහැරලා ඕනෑ දෙයක්
දෙන්නම්.
මොකුත් එපා..නංගි නිදාගන්න ..
ඔලුව රිදෙනවා මහත්තයා ගොඩක් ..
නිදාගන්න මම නින්ද යනකන් ඔලුව අත ගාන්නම්..
මගේ ඇගිලි තුඩු ඇගේ හිසකේ අතර දීවෙමි..ඇගේ ඇස් වලින් කදුලු
බිදු වැටිනි..
ඇයි අමාරුයි ද නංගි..
නෑ මහත්තයෝ ..මමත් ලේ මස් වලින් හැදුනු කෙල්ලක් මහත්තයෝ
..කවදාවත් කවුරුවත් ඇවිත් ඔහොම ඔලුව අතගාල
නෑ..මාම පොඩි කාලේ ආදරේ කියලා රැවටිලා
මිනිහෙකුට මෙහෙම උනේ..එදා ඉදන් එක එක මිනිස්සු මගෙ ඇග
උඩ නැග්ගා.මගෙ ඇගේ හැම සිදුරක්ම උන්ගේ කුනු
යවාගන්න පාවිච්චි කලා.මහත්තයා ඔලුව
අත ගාද්දී මටත් ආදරේ චුට්ටක් දැනුනා...ඒක මට
නුහුරුයි.ඒත් මට ගොඩක් වටිනවා..
මගේ පපුව හිරවිය..මම අපුලක් නැතිව ඇය තුරුලුකරන් හිස
අත ගෑවෙමි.
මහත්තයෝ ...ගොඩක් පිං...අයේ කවදාවත් මේ වගේ තැනකට
එන්න එපා..
එපා මහත්තයා කියන්න .අයියා කියන්න ..මම
කවදාවත් ඇවිත් නෑ..යාලුවා බල කරපු හින්දා
ආවේ..
මට දැනුනා මහත්තයා .නුහුරුවට අල්ලද්දී.
මේ ජීවිතෙන් යන්න ඔයා නංගි ..
බෑ මහත්තයා ..නංගිට ලියුකේමියාව..එයාගේ බේත්
වලට ගොඩක් සල්ලි ඕනෑ..
මම නිරුත්තර විය..
මහත්තයා ....
කියන්න නංගි..
අයේ දවසක මේ පැත්තේ ආවොත් ..අනේ ..මම යද්දී සල්ලි
දෙන්නම්.මෙහෙම තුරුල් කරන් ඉදලා යන්න.
ඒ කතාවට මගේ පපුව කඩාවැටුනාක් මෙන් දැනුනි
අනුන්ගේ වැරදි වලට මේ අහින්සකි මෙච්චර විදවිය යුතුද
කවදාවත් බඩු පොට් එකකට නොගිය මම මාසයට තුන්
හතර සැරයක් බඩු පොට් ගානේ රිංගන්න වුයේ මේ අහින්සකි
දැක ගනිමටමය
කෙමෙන් කෙමෙන් අනුකම්පාව වෙන හැගීමක් බවට පත්වෙන බව
මට කෙමෙන් කෙමෙන් දැනුනි'
එත් වටේ ගිය බඩ්ඩකට ආදරය කල හැක්කේ කෙසේද
මොලය හා හදවත අතර ගැටුමකට මා මැදිවුනි
(අවුරුවූ පහකට පසු)
තාත්ති හොදටම පරක්කු වෙලා අද නම් බබාට
ටිචගෙන්ගුටි කන්න තමයි වෙන්නේ පරක්කු වෙලා ගිහින් .
ඔන්න අම්මි නම් ඕවට පලි නැතෝ
අගේ හන්ඩින් අවදිවූ මා කඩිමුඩියේ සුදානම් වී
දරුවාත් සමග පිටත් වීමට එලියට බැස්සෙමි
තාත්ති පොඩ්ඩක් ඉන්ඩෝ. කෑම එක දාලද මැට්ටෝ යන්නේ
කෝ දෙන්න
පට්ටෝ පොඩ්ඩක් ඉන්න
ඒ සැරේ මොකද මෝඩි
ඇය ම අසලට පැමිණ නළලට හාදුවක් දී දණගසා
කකුල් දෙක අල්ල වැන්දාය
මේ මොකද රත්තරනේ
සුදුමහත්තය නොහිටින්න අද මන් මොනවගේ තැනක ඉදිද කියල
මතක් උනා පැට්ටෝ
දෙදෙනාගේම නෙතට පැමිණි කදුලැල් හංගන්නට ප්රථම
කඩා හැලුනි
එදා දිමුතුවා සමග බඩු පොට් එකකට රිංගුව එකට
තාමත් හිතේ පසුතැවිල්ලක් නැත
ලෝකයට එදා ඇයට බඩුවක්
එත් මට ඇය අද හොද බිරිදක් අම්ම කෙනෙක්
ඔබත් බඩු පොට් එකකට රිංගන්නට ප්රථම සිතන්න .
ඔබගේ අම්ම කෙනෙක් නංගි කෙනෙක් එතනට වැටුනානම්
..............

 සමාජෙට පනිවිඩයක් දීමට මෙය උපුටා ගන්න ලදී..


ආදරය යනු කාමුකත්වය නොව...
කමුකත්වය යනු ආදරේයේ තවත් සොදුරු හැගිමක් පමනි....
ආදරෙට ආදරේ කරන්න.....

නූපන් මල දරුවෙක්ගේ කතාව....!!!

රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ...
මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර...
පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන...
උරනවා තොල් මාර වේශයක් මවාගෙන...

පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක...
වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන...
වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට...
බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවවට...

ටික දොහයි ගත උනේ මාස තුන හතරකට...
මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස...
ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද...
ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත...

ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට...
මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන...
අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට...
තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන...

අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන...
ආපු ඒ බලු වෙදා කපා මා හීනියට...
අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව...
මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට...

මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස...
මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර...
උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව...
සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම...

අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී...
මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි...
මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී...
ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී...

දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී...
දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී...
ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී...
යට තියන පද හතර අහගන්න සවන්දී..

ආදරේ කරපියවු... ඇදන් උඩ පෙරලියවු...
ඇති තරම් කාමයේ... බදාගෙන සැනසියවු...
කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු...
අනේ මං වගේ තව එවුන් නොම මරපියවු...
#S #Niroshan

පසුගිය වර්ෂ කීපයේ මගේ චාරිකාවන් කීපයක්...

අනුරාධපුර අටමස්ථාන, ශ්රීපාදස්ථානය, දළදා මාළිගාව, ඉන්දියාවේ චෙන්නායි, කතරගම කිරිවෙහර, වැඩහිටිකන්ද, සෙල්ලකතරගම, නාගදීපය, යාපහුව, ඇතුගල් විහාරය, බදුල්ල, මුතියංගනය, ගාලු කොටුව, හික්කඩුව, ලිප්ටන් සීට්, ඇඩිසම් බන්ගලාව, මිහින්තලේ, පාහියන්ගල, සරදියෙල් ගම්මානය, සීතාවක උයන, සෙම්බුවත්ත, අම්බුලුවාව, සීගිරිය, කලුතර, රිච්මන්ඩ් මන්දිරය, නුවර එළිය, ලෝකාන්තය, වාරණ, මාතර, වෙහරහේන, දියත උයන, මානෙල්වත්ත, වෝටර්වල්ඩ්, නල්ලූර් කෝවිල, යාපනය පුස්තකාලය, උඩවත්ත කෑලේ, පේරාදෙණිය මල්වත්ත, දඹුල්ල, රිවර්ස්ටර්න්, අබේවල, දඹදෙණිය, මඩු පල්ලිය, බුදුරුවකන්ද, හත්තිකුච්චි විහාරය, තන්තිරිමලේ, නෙල්ලිකුලම, සංකපාල විහාරය, සේරුවිල, සෝමාවතිය, කන්දේගම, රජගල, අම්පාර, බුද්ධංගල, දීඝවාපිය, අරන්තලාව, අරලගන්විල, මාදුරුඔය, මහියංගනය, ඇම්බැක්කෙ, ගඩලාදෙනිය,..

තනිකම

පෑගුනත් හැමදෙනාගෙ දෙපයට
රැල්ල වෙරළට ආදරෙයි.....
වෙරළ තෙමමින් දියඹ වෙත ගොස්
ආයෙ එන්නේ ඒ නිසයි.....

බොහෝ ඉහළින් අහස තිබුණත්
අහස පොළොවට ආදරෙයි....
පොළොව උසුලන සියළු දුක් ගිනි
අහස දන්නේ ඒ නිසයි....

ඔබේ හදවත ගැහෙන රාවය
පවා හොදහැටි මට දැනෙයි....
ලොවේ කවුරුත් නොසිතු තරමට
ඔබට ලං වුනෙ ඒ නිසයි....

දෙව්දුවක් ඇවිත් මා

දෙව්දුවක් ඇවිත් මා
සිහිනෙ දැවටිලා
අතිනත් අල්ලාගෙන මා
සිත අවදි කලා
සුකුමල දෑසින් මා හා
රන් සිනහ නගා
පියමං, නැගුවා මා හා
සුදු වළාකුළු පුරා...//



මතකයේ සැමදා ඔබෙ රුව
                                     මැවෙන්නේ
දෙව්ලියේ ඔබ කොහිදැයි
                                         සිටින්නේ
නැහැනේ කිසිදා අමතක
                                          වෙන්නේ
ජීවිතයේ පුරා ඔබවයි
                                        රැඳෙන්නේ..


බලන්නේ... හැමතැන ඔබවමයි
සොයන්නේ... ඒ නිල් දෙව්ලියයි
මැවෙන්නේ... ඒ සොඳුරු රූපයයි
විඳින්නේ... මා දුටු සිහිනයයි...


ඇයි දැයි නොදනිමි මා...
           ඔබ ගැන ලතවෙන්නේ
කිම දැයි නොදනිමි මා...
           ඔබවම සිහිවන්නේ
කවදා නොදනිමි මා ...
           ඔබ මා හමුවන්නේ
දෙව්ලියේ නොදනිමි මා...
            සිහිනය නිමවන්නේ


දෙව්දුවක් ....




ගී පද = එරන්ද පෙරේරා
ගායනය = එරන්ද පෙරේරා