එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Tuesday, June 6, 2017

තප්පරක් නැවතිලා කියවලා පලයන්..

ධනයට කුළයට උගත්කමට පංතියට...
ආඩම්බරයෙන් ගලපන්න දෙමාපියන් .....
මගේ අත බැන්දූ ස්වාමිපුරුෂයා සමග දවසක්..
ඔහුගේ වාහනයෙන් ගමණක් යනකොට...
ටයරයක් පුපුරාගෙන වාහනේ නැවතුනා...
''ටයර් එක මාරු කරගමු මම කීවා ඔහුට,
පිස්සුද කවුරු හරි අදුනන කෙනෙක් දැක්කොත්...
මගේ තත්වේ ඉවරයි මං ඕක මාරු කරොත්...
මේ හරියේ මිනිස්සු ෂුවර් නෑ වාහනේ මෙතැන දාලා ගියොත්..
කෑලි හොයන්නත් බැරිවෙයි
මං කියන්නද
ඉස්සරහට ඔයා ගිහින්..
කවුරු හරි හොයාන එන්න වාහනේ තනි කරන්න බෑ...
මට අසරණ කමක් දැනුනා පාරේ ඇවිදන් යනකොට ..
මතක් වුනා ඉස්සර මං ආදරෙන් බැදිච්ච ''රස්තියාදු කාරයාගේ බයික් එක..
එයාගේ එකම වස්තුව බැනුම් අහගෙන මගෙන් නෝක්කාඩු අහගෙන..
ගෙදරට හොරා මාවත් දාගෙන පාරවල් දිගේ යන්න ආසා කරපු හැටි..
දවසක් යනකොට බයික් එක නැවතුනා ''පෙට්රල්'' නැතිව...
අපි තල්ලු කරන් යමු මං කීවා.... බෑ....ඇයි ඒ....
පෙට්රල් නැති බයික් එකක් තල්ලු කරන පෙම්වතියක් කරන්න මට බෑ..
මං හිනාවුනා ...එහෙනම් ඔයා හොයාන එන්න මං ඉන්නම් ...බෑ...ඇයි..
ඔයාව මහ පාරේ දාලා යන්න බෑ..
මං හිනාවුනා..
එහෙමනම් ඉතිං...
මං යන්නද...බෑ... ඒ ඇයි වදේ...
ඔයා නොදන්න පාරක අතරමං උනොත්..
කවුරු හරි අරන් ගියොත් මං මෙතැන ඉදලා මොකටද...
මං හිනාවුනා..
අපි දෙන්නම යමු බයික් එක නැති වුනත් ඔයා නැතිකර ගන්න බෑ...
පුහු තත්වය උජාරුව රැකගන්න ස්වාමියෙක් වෙනුවෙන් මං ඇවිදින කොට..
මට රැක ගන්න බැරිවෙච්ච මං වෙනුවෙන් කැපවෙච්ච ආදරය...
මගේ මතකයෙන් ඇදලා එලියට මගේ හිත..
හොද වැඩේ උඹට යැයි කියනවා වගේ..
ඔච්චම් කරනවාද මංදා...

දැනුනද එදා උඹට කරපු අහිංසක ආදරය.....!!!

No comments:

Post a Comment