එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

නිරුවත.... ( සිඇසින්)

නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ඒ ව‍ගේ හැම ගැහැණියක්ම කැමතියි නිරුවත දකින්න.... පිරිමි නිරුවත දකින්න... නමත් සාපේක්ෂ ව‍ශයෙන් පිරිමින් ඒ දෙස බලන ආකාරයට කාන්තාවන් බලන්නේ නැහැ... බොහෝ විට කාන්තාවන් මේ දිහා බලන්නේ කාටවත් නොපෙනෙන්න.....

ගැහැණු හෝ පිරිමි දැන දැන නිරුවත් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි... තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඉදිරියේ.... එහෙමත් නැත්නම් වෛද්‍යවරයක් ඉදිරියේ..... අවසානයේ දී එම්බාම් කරන මනුස්සයා ඉදිරියේ... මේ වගේ බොහොම සීමිත අවස්ථා වලදී ඇරෙන්න අපි නිරැවත් වෙන්න කැමැති නැහැ... ඒ අපි තුල තියෙන්නාවු ලැජ්ජාවත්.... අපේ හැදුන පරිසරයත්.... අපේ තියන වටපිටාවත් පදනම් කරගෙන.... ඒ තරමට නිරුවත අපිට ආගන්තුකයි.... විශේෂයෙන් ගැහැණියක් පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වීම.....

නමුත් බොහොමයක් බටහිර රටවල් වල නිරුවත කියන්නේ  මහා දෙයක් නෙමෙයි..... සමහර රටවල් තියනවා නිරැවත් මුහුදු වෙරළ.. නිරුවත් සංචාරක කළාප.... නිරැවත් සාද.... නිරුවත් සමාජ ශාලා වගේම නිරුවත් ගුවන් සේවා පවා තියනවා.... බොහෝ විට මේ වගේ විශේෂිත අවශ්‍යතා ඇතිවෙ‍න්න බොහෝ විට ඒ ඒ රටවල් වල දේශගුණික තත්වයන් බලපානවා වෙන්න පුලුවන්.... බොහොමයක් බටහිර රටවල් අවුරුද්දේ මාස කීපයක් අධික ශීතල... ඒ කාලේ හැම දෙනෙක්ම අඳින්නේ පළඳින්නේ ඒ දේශගුණයට ගැලපෙන විදියට.... ඉස්මුදුනේ ඉඳලා යටිපතුල  වෙනකම්ම ආවරණය කරලා....  ඒ වගේ තත්වයකදී ඔවුන් හොඳින් ඉර එළිය වැටෙන කාලයට ඇඳුම්අඳින්නේ අඩුවෙන්...ඒ රටවල ඒ ආකාරයේ විලාසිතා එළියට එනවා..... ඒ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන හිරැ එළිය ලබාගන්න... ඒතනදි බොහෝ දෙනෙක් අඳින්නේ ඒ හා සමාන ඇඳුම් පැලඳුම්..වැඩි දෙනෙක් ඒක වගේ ශරීරය නිරාවරණය කරගෙන යන නිසා ඒක අනෙක් අයටත් එහි ‍අමුත්තක් නැහැ.

අපේ රට තාම ඒ තත්වයේ නැහැ.... අපි ජීවත්වෙන රාමුවක් තියනවා... අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා... අද කෙල්ලෙක් කොටට ඇඳුමක් ඇඳලා යන කොට කීදෙනක් ඒ දිහා හැරිලා බලනවද.... කර පලල හැට්ටයක් ඇඳගෙන බස් එකක යනකොට උඩින් බලන කී‍ දෙනෙක් ඉන්නවාද ? පන්තියක..... කාර්යාලෙක... එහෙමත් නැත්නම් පංසලක, පල්ලියක බෝක්කුවක් දැක්කොත් (මේ කියන්නේ අර හවසට වාඩි වෙලා ඉන්න ඒවා නෙමෙයි) ඒ දිහා නොබලන්නේ කීයෙන් කීදෙනාද ? බලලා නිකම් ඉන්නවද ?...පට්ට කෑල්ල... මරු ගල් දෙක.... මරු ගෙඩි දෙක.... කියලා හිතින් විඳින්නේ නැද්ද ?..... අපි ඉන්නේ මේ වගේ සමාජෙක... මේක තමයි අපේ පරිසරය... මොකද අපි කුඩා කාලේ ඉඳලම දැක්කේ නිරුවත මහා වරදක් විදියට.... ඇත්තමට ඒක වදරක්ද ?

දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කෙල්ලෙක් මොන විදියේ ඇඳුමක් ඇන්දත් මොකද ?, ඒ දිහා වනචර විදියට නොබලා හිටියානම් ඉවරයිනේ කියලා..... එහෙමත් නැත්නම් ඇයි මේ මිනිස්සුන්ට තමුන්ගේ සහෝදරිය, මව දිහා බලන ඇහින් වෙනත් සහෝදරියෙක් දිහා බලන්න බැරි ?....

එහෙම දෙයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ.. මොකද රහත්වෙච්ච වත්... ආසාවන් දමනය කරපු හෝ එහෙම නැත්නම් ඉටි පන්දම් හඳුන්කූරැ කන මිනිස්සු නෙමෙයි නේ අපේ සමාජේ ඉන්නේ... ඒක නිසා අපිට මුලු මහත් සමාජයක් හදන්න බැහැ... අපි දැනගන්න ඔනේ අපි කොහොමද තැනට අදාලව තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්නේ කියලා... පන්සලට අඳින්න ඕන ඇඳුම... පල්ලියට අඳින්න ඕන ඇඳුම වගේම සාමාන්‍ය ගමනක බිමනකදී අඳින්න ඕන පිළිවෙලත්..... උත්සවයට සහභාගීවීමේදී අපි යන්න ඕ‍නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගකීමක් තියනවා තමන්ගේ දරැවන් විශේෂයෙන්ම දියණිය අඳින ඇඳුම් පැලඳුම් ගාන අවධානය යොමුකරන්න....

අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ....එහෙම වෙනවා නම් අද ගබ්සාව නීති කිරීම සඳහා නිති රීති සම්පාදනය නොකර කාන්තාවන් දුෂණයට ලක්වීම නවත්වන්න තිබුනා...

ඒ වගේම තමයි අද තියන ෆේස් බුක් වගේ සමාජ ජාලාවල මේ වගේ සිද්ධීන් ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා... තමන්ට ලැබුන පහත් පණිවිඩයක් ගැන.... එහෙමත් නැත්නම් චැට් බොක්ස් එකට ලැබුන අනවශ්‍ය යෝජනාවක් ගැන.... එහෙමත් නැත්නම් තමන්ගේ පිංතූරයක් බද්ධ කරලා අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන... මෙවැනි විවිධාකාර දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.....සමහර ගැහැණු ළමයින් තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ඕන පිංතූර මුලු අන්තර්ජාලයත් එක්කම බෙදාගන්නවා.... එහෙම වෙන්න එක් හේතුවක් තමයි අපි එළියට දෙන අපේ ප්‍රතිරූපය....බොහෝ දෙනෙක් ඒක තීරණය කරන්නේ අපේ බාහිර ස්වරූපය අනුව...ඉතා සරළවම කිව්වොත් 

"අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

සැබි ඇසැබි බෙදුම්වාදය...!!!

අදහස්‌ ප්‍රකාශනයෙහි ලා භාෂාව මගින් ඉටුකරනුයේ සුවිශේෂ මෙහෙවරකි. මානව නිර්ගමනයේ මූලික අවධියේ පටන්ම ස්‌වකීය අදහස්‌ හා සිතුම් පැතුම් අනෙකුන් වෙත ප්‍රකාශ කිරීමට විවිධාකාරයේ ඉරියව් හා ශබ්ද භාවිත කළ මානවයා අවසානයේදී භාෂාව නම් ප්‍රකාශන මාධ්‍යය නිර්මාණය කරගෙන තිබේ. ලෝකයේ භාෂාවන් 6000 කට අධික ප්‍රමාණයක්‌ පවතී. භාෂාව නිර්මාණය වීමේ මූලික අධ්‍යාශය වන්නේ ස්‌වකීය අවශ්‍යතා අනෙකා වෙත සම්ප්‍රේෂණය කරවීම වන අතර එහිදී ලිංගිකත්වය නමැති සාධකය සම්බන්ධයෙන් අනෙකා වෙත ප්‍රකාශනය කිරීමට ද විවිධාකාරයේ ක්‍රමවේද භාවිත කරනු ලැබ තිබේ. ලෝකයේ සංස්‌කෘතිය විසින් හික්‌මවනු ලැබූ සියලුම රටවල පවතින්නා වූ භාෂා ව්‍යවහාරයන් තුළ මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිsර්මාණය වී තිබෙන වචනවලට යම් යම් සීමා බාධක පැනවී තිබේ. භාෂාව විවිධාංගීකරණය වීමෙන් නිෂ්පන්න වූ සිනමාව, චිත්‍රණය, සාහිත්‍ය, ගීතය වැනි නෙක්‌ කලාවන් විෂයෙහි ද මේ තත්ත්වය බලපා ඇත. ලාංකීය ජන සමාජය තුළ "කුණුහරුප" ලෙසින් ද නැතහොත් "කුණුහබ්බ" ලෙසින් ග්‍රාම්‍ය ව්‍යවහාරයේ දී ද පොදුවේ යෙදෙන්නේ මේ ප්‍රකාශනයන් හා සම්බන්ධ අරුත් ගැබ් වූ වදන්ය. වර්තමානය වන විට "කුණුහරුප" යන යෙදුම පවා සමාජයේ පිළිකුළට බඳුන් වන සෙයක්‌ පෙනෙන්නට ඇත. මේ අසභ්‍ය වදන් නිර්මාණය වීමේ දී කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමක්‌ සිදුවී ඇත. ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික අවයවයන් සම්බන්ධ ප්‍රකාශන ඒ අතර ප්‍රමුඛ වේ. ඒ නිසා යට කී අර්ථ සහිත වදන් හැඳින්වීම උදෙසා "අසභ්‍ය වචන" යෑයි කියනු ලැබෙයි. මේ අසභ්‍ය වදන් භාවිතය සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය විමසුමක්‌ වෙත යැම අපගේ අපේක්‍ෂණයයි.

"අසභ්‍ය" යන වදනෙහි අරුත නම් "සභ්‍ය නොවන" යන්නයි. එනම් "සභාවට" නොහොත් "සමාජයට අනුචිත" යන අරුතයි. සමාජය නමැති ප්‍රපංචය තුළ පොදුවේ කතිකා කළ නොහැකි වන හෙයින් එවන් අර්ථ සහිත වදන් සමාජය විසින් වාරණය කරනු ලැබේ

අසභ්‍යවාදය සම්බන්ධව බටහිරට යැමට පළමුව ඉන්දීය සමාජය හා මෙරට තුළ විමැසුමකට යාම වඩා උචිතය. ලාංකීය සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතිකා කිරීම පිළිබඳ පාරම්පරික තහංචි සමුදායක්‌ තිබේ. අසභ්‍ය වදන් මෙන්ම අසභ්‍ය ක්‍රියාකාරකම් ද ඇත. මේවා කියන්නන් හා කරන්නන්ට සමාජය වෙතින් එල්ල වනුයේ සුළුපටු ප්‍රහාරයක්‌ නොවේ. ඒ තබා විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අත්වැල් බැඳ යැම පවා මෙරට පාරම්පරික සංස්‌කෘතිය විසින් වාරණය කොට තිබෙයි. මෙය කිසිසේත් වැරදි යෑයි අපි නොකියමු. ලිංගිකත්වය වැනි පොදු මාතෘකා විෂයෙහි විද්‍යාත්මක හා ශාස්‌ත්‍රීය කතා බහක්‌ තිබිය යුතු වුවත් ඒ පිළිබඳ ව ග්‍රාම්‍ය මට්‌ටමේ සංවාද දුරැලිය යුතුය. නමුත් දැන් දැන් නාගරික සමාජ පද්ධතීන් තුළ මේ සම්බාධක ලිහිල් වෙමින් පවතින ආකාරයක්‌ දකින්නට ලැබේ. කෙසේ නමුත් මේ "අසභ්‍ය සංකල්ප" ලාංකීය සමාජය තුළ වඩා තදින් රෝපණය වී තිබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී යුගයන්හි බව ඇසීමෙන් බොහෝ දෙනා පුදුමයට පත් නොවන්නේ වී නම් එය අනිවාර්යෙන්ම තවත් පුදුමයක්‌ වනු ඇත. නමුත් එය සැබෑවි.

පුරාණ සමාජය තුළ නිරුවත නමැති සංකල්පය සම්බන්ධයෙන් පැවැති සමාජගත ආකල්පය වර්තමානයේ තරම් උග්‍රව පැවතියේ නැත. ලිංගික අවයවයන් සම්බන්ධයෙන් හැරුණු විට වෙනත් ශාරීරික අංගයන් සම්බන්ධයෙන් සමාජයේ පැවැති ආකල්පය අදට වඩා වෙනස්‌ වූ ස්‌වභාවයක්‌ උසුලා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් සොයාගත් මාතෘ දෙවඟනගේ රුවෙහි යෝනිය තුළින් නික්‌මෙන පැළෑටියක්‌ දක්‌වා තිබීම මගින් ද ප්‍රකට වන්නේ නිරුවත හා ලිංගිකත්වය සශ්‍රීකත්වය පතා වන්දනා කිරීමට පැරණි සමාජය උත්සුක වී තිබෙන බවයි. එපමණක්‌ද නොව, පශ්චාත් වෛදික සමයේදී ශිව ලිංග වන්දනාව සහ යෝනි වන්දනය ද පැවැතී තිබේ. එමෙන්ම ඉන්දියාවේ වෛදික යුගයන් හි දී නිරුවත් බමුණෝද විසූහ. විශේෂයෙන්ම නිගණ්‌ඨයෝ නිරුවත ව්‍රතයක්‌ සේ සැලකූහ. රජුන් හා වෙනත් ප්‍රභූන් පවා නිරුවත් පූජකයන්ට වන්දනාමාන පවත්වා තිබේ. එකල ඔවුන් නිරුවත් යයි කියා කිසිදු තැනකට යැමට බාධක තිබූ බවක්‌ ද නොපෙනේ. තවද නිරුවත් ස්‌ත්‍රී රූපවලට වන්දනාමාන පවා පවත්වා තිබේ. ඉන්දියානු කලා නිර්මාණ අතර, සාංචි තොරණ, භාරුත් කැටයම්, එල්ලෝරා ලෙන්, අජන්තා ලෙන් වැනි ස්‌ථානවල ඇති පූර්ණ හා අර්ධ නග්න කාන්තා රූප සම්බන්ධයෙන් විමසීමේදී ද පෙනී යන්නේ එකල අද තරම් නිරුවත හා ලිංගිකත්වය සම්බන්ධයෙන් තියුණු වූත්, අද තරම් ප්‍රබල වූත් සංස්‌කෘතික විවේචන නොතිබූ බවය. මේ අතර වඩාත්ම වැදගත් නිදර්ශනය වන්නේ ක්‍රි. ව. 2 වන ශතවර්ෂයේදී පමණ ඉන්දියාවේ විසූ පඬිවරයෙකුවූ "වත්ස්‍යයාන" විසින් රචනා කරන ලද "කාම සූත්‍ර" නම් වෛද්‍ය ශාස්‌ත්‍ර කෘතිය යි. සමකාලීන රජුන් හා ප්‍රභූන්ගේ ලිංගික දිවිය සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක්‌ සේ සකස්‌ කර තිබෙන "කාමසූත්‍ර" කෘතිය අද වනවිට වැරදි පුද්ගලයන් අතට පත්වීම කරණකොටගෙන හුදු කාමෝද්දීපන කෘතියක්‌ බවට පත්ව තිබේ. නමුත් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඇති "කාහුජාරෝ" හි කාමසූත්‍ර දේවාලය වැනි ස්‌ථානයන්හි රමණ දිව්‍යත්වයෙන් යුක්‌තව ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ද පෙනී යන්නේ පෙරදිග සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය "කුණුහරුපයක්‌" නොවූ බවය.

එමෙන්ම පැරණි ශ්‍රී ලාංකීය සමාජය නිරීක්‍ෂණය කිරීමේදී ද පෙනී යන්නේ මෙරට ද ලිංගිකත්වය සම්බන්ධයෙන් අසභ්‍යවාදයක්‌ නොතිබූ බව ය. ක්‍රි. ව. 4 - 5 සියවස්‌වලට අයත් සේ ගැනෙන සීගිරියේ බිතුසිතුවම් වුව වර්තමානයේ අසභ්‍ය කුලකයෙහි ලා සැලකීමට බොහෝ දෙනා උත්සුක වෙතත් ඒවා නිර්මාණය වූ වකවානුවේදී ඒ හා සම්බන්ධව එවන් අසභ්‍ය යෑයි සම්මත ආකල්පයක්‌ නොතිබූ බව නිසැකය. විශේෂයෙන්ම සීගිරිය වූ කලී පසුකාලීනව බෞද්ධ විහාරයක්‌ බවටද පරිවර්තනය වූ ස්‌ථානයක්‌ නමුත් යට කී සිතුවම් ඒ ස්‌ථානයෙන් ඉවත් කිරීමක්‌ සිදුකර නොමැත. එසේම පිදුරංගල වැනි ස්‌ථානවල ද එවන් නග්න රූප තිබේ. සමකාලීන කුලවත් කාන්තාවන් පවා මේ ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇඳි සිටි බවට මේ නිර්මාණ කදිම සාක්‌ෂ්‍යයක්‌ වෙයි. ඇතැම් දාගැබ්වල ගර්භවල පවා ඇඳ තිබෙන සිතුවම් අතර ද අර්ධ නග්න රූප තිබෙනු දැකගත හැකිය. තවද පොළොන්නරු යුගය වනවිට ද මේ තත්ත්වය මෙසේම පැවතී තිබේ. යාපහුව යුගයේ දී දළදා මාළිගාවට පිවිසෙන පියගැටපෙළ දෙපස අතිශයින්ම දුහුල් වූ සළුපිළි හැඳි රූප තිබේ. මාතලේ නාලන්දා ගෙඩිගේ ඇති කැටයම් අතර පුද්ගලයන් තිදෙනකු එකවර රමණයේ යෙදෙන ආකාරයක්‌ පවා දක්‌වා ඇත. ලිංගිකත්වය සම්බන්ධයෙන් පැරණි සමාජය අනුගමනය කර තිබෙන්නේ අතිශයින්ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ බව මේ අනුව මනාව පැහැදිලි වේ. ගම්පොළ හා කෝට්‌ටේ යුගයන්හි රචනා කරන ලද සංදේශ කාව්‍යයන් හි පවා පියයුරු පිටතට පෙනෙන සේ වීදි සැරි කාන්තාවන් පිළිබඳව තොරතුරු මුණගැසේ. මහනුවර යුගය වනවිට බිතුසිතුවම් අතර උඩුකය නග්න කාන්තා රූප අනන්තවත් දැකගත හැකිය. සමකාලීන සමාජයේ කාන්තාවන් පවා ඒ අනුව ස්‌වකීය ඇඳුම් සකස්‌ කරගෙන සිටි බව ද මේ අනුව සනාථ වේ. පහත් කුල කාන්තාවන් විශේෂයෙන්ම නිරුවත්ව සිටි බව ද මහනුවර යුගයේ සමාජ යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව පෙනී යයි. නමුත් කිසිවිටෙක ඔවුන් මෙසේ සිටි පමණින් ඒ මත පදනම් ව සමාජයෙන් ඔවුන් ප්‍රතික්‌ෂේප වූ බවක්‌ පිළිබඳ තතු ඉතිහාසයෙන් හමුවන්නේ නැත.

මහනුවර යුගයේ සමාජය තුළ පැවැති මේ "අසභ්‍ය" තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කෙරෙන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ 1696 දී Robert Knox විසින් ලියන්නට යෙදුණු An Historical Relation of the Island of Ceylon නමැති කෘතියයි.

"ඔවුන් ඇණුම් බැණුම් සඳහා භාවිත කරන කර්ණ කඨොර වචන බොහෝය. සහෝදරයා තවත් සහෝදරයකුට බැණ අඬගැසීමේදී සිය මව ඉදිරිපිට ම සිටියත් "තෝ මෝ..." යයි කියයි. එවිට අනිකා "පල තෝ ගිහින් මෝ...." යනුවෙන් බැණ වදී. මව දුවට බැණ වැදීමේදි "තෝ අප්ප..." ආදියෙන් බැණ වදින්නීය. කුඩාවෝ තමන් ගේ නිදොස්‌කම සනාථ කර ගැනීමට කථා කරන කල්හි සැර වැර කරමින් "හරි උපන්නා" යයි කියන්නෝය. බැණ ගැනීමේදි "රිංපිය මගෙ නාහෙ කපා ගියා" යනාදියෙන් බැණ වදිති. ශාප කිරීමේදී හැවිළි කැවීමේදී "තෝ පංසියක්‌ ජාති නරකාදියෙ...." යනාදියෙන් සාප කරති. ගම්වැසියන්ගේ වත්තකින් කෙසෙල් කැණක්‌ බඳු යම් කිසිවක්‌ යමෙකු සොරකම් කර ගතහොත් "මේක කරපු එකා නීච...... කූට ජාතක...." යනාදියෙනුත්..." (එදා හෙළදිව: ඩේවිඩ් කරුණාරත්න - 2004( 301 පිට)

මේ අනුව පෙනී යන්නේ මහනුවර යුගයේ දී පවා භාෂාවේ "අසභ්‍ය" යෑයි පිළිගත් වදන් මාලාවක්‌ නොතිබූ බවය. මව ඉදිරිපිට සිටියදී ම සොහොයුරන් බැණගන්නා ආකාරය අනුව ද පෙනී යන්නේ එවන් වදන් සම්බන්ධයෙන් උග්‍ර සංස්‌කෘතිකමය වාරණයක්‌ එකල බලපැවැත්වී නොතිබුණු බවය. කෙසේ නමුත් මේ සමාජ තත්ත්වය වෙනස්‌ වන්නේ බටහිරුන්ගේ දෘෂ්ටිය හේතුවෙන්ය. නොක්‌ස්‌ මේ පුවත් පාඨකයා හමුවේ තබනුයේ පිළිකුල් සහගත අන්දමිනි. ඉංග්‍රීසීන්ට වඩා ග්‍රාම්‍ය වූ සිංහලයන් අතර එදා පැවති මේ භාෂාත්මක භාවිතය නොක්‌ස්‌ට ඉහිලුම් නොදුන්නක්‌ වන්නට ඇත. නමුත් නිර්ව්‍යාජ සිංහලයන් අතර මේ ස්‌වභාවය සාමාන්‍යකරණය වූ තත්ත්වයක්‌ වූ බව නිසැකය. එමෙන්ම අමුඩය ලෙසින් අප හඳුන්වන වස්‌ත්‍රය ගත් කල ඉංග්‍රීසි සංස්‌කෘතිය තුළ එය ද නිර්වචනය වන්නේ අසභ්‍ය දර්ශනයක්‌ ලෙසිනි. නමුත් එය පැහැදිලිවම දේශීය සංස්‌කෘතියේ වස්‌ත්‍ර භාවිතයක්‌ වෙයි. අපේ සමාජය තුළ මේ දෑ අසභ්‍ය වූයේ නැත. නමුත් බටහිරකරණයක්‌ සමඟ මේ සාම්ප්‍රදායිකත්වයන් "අසභ්‍ය" ලෙසින් ලේබල්ගත කිරීම සිදුව තිබේ. වර්තමානය වන විට බටහිර සංස්‌කෘතිය දැඩි සේ දූෂ්‍යව පැවතියත් එකල එය බොහෝ සෙයින් ශික්‍ෂිතවත් වූවක්‌ විය. එකල බටහිර සමාජයේ පැවති ඇඳුම් ආයිත්තම් පවා සැකසී තිබුණේ එසේය. ඇඳුම් පැළඳුම් ආදිය නිර්මාණය වන්නේ ඒවා අඳින පළඳින ජනතාව දිවි ගෙවන භූමියේ දේශගුණික සාධකයන් මතය. ලංකාවේ පවතින උෂ්ණාධික දේශගුණය අනුව භාවිත වූ අමුඩය වැනි ඇඳුම් නිර්මාණයව තිබෙන්නේ එවන් වාතාවරණයක්‌ තුළය. ශීත දේශගුණය සමනය කරගනු වස්‌ කය හොඳින් වැසී යන පරිද්දෙන් ඇඳුම් නිර්මාණය කරගත් බටහිරුන් අමුඩය වැනි ඇඳුම් දැක තිබෙන්නේ නිරුවත ප්‍රකාශ කෙරෙන ඇඳුම් වශයෙනි. මේ නිසා බටහිර සංස්‌කෘතිය අනුව ස්‌වකීය දිවිපැවැත්ම හුරු කර ගැනීමට පෙළඹුණු සිංහලයෝ ද මේ දේශීයත්වය අසභ්‍ය සේම නිර්වචනය කළහ.

".....අවුරුදු පහකට උඩදී කුඩා ගැමි දරුවෝ සෙළුවෙන් ඇවිද්දෝය. ගැමි ගැහැනු ඒ කුඩා දරුවන් සුරතල් කරමින් ඔවුන්ගේ ඇඟ හැම තැන සිම්බෝය. ඔවුන්ගේ සිඹීමට දරුවන්ගේ රහසඟ ද හසුවිය. එය දකුණු පළාතේ ගැමි ගැහැනු අමුත්තන් ඉදිරියේ "සුන්නිය" නමින් හැඳින්වූහ. දරුවන්ගේ සෙළු කය අසභ්‍ය දර්ශනයක්‌ කොට සලකන්නට අප පුරුදු වූයේ වික්‌ටෝරියා රැජිනගේ කාලයෙහි වූ යුරෝපීය සභ්‍යත්වයෙහි බලපෑම නිසාය." (සිංහල සකස්‌කඩ - මාර්ටින් වික්‍රමසිංහ - 1962(39) සහ 40 පිටු)

අසභ්‍ය යෑයි සැලකෙන සියලු දේ ලිංගිකත්වය හා සමගාමී වන කරුණු කාරණාය. අසභ්‍ය වදනින් මුක්‌ත එකම බස මාගධි නොහොත් පාලි බස යෑයි කියනු ලැබේ. එයට හේතුව එය බුද්ධ භාෂිත භාෂාවක්‌ වීම යෑයි ඇතැම්හු කියති. කෙසේ වෙතත් සෙසු භාෂා සියල්ලකම පාහේ "කුණුහරුප" තිබේ. ඒවා භාවිත කරන්නෝ තත් සමාජයේ පිළිකුළට පවා පාත්‍ර වෙති. අපේ පැරණි සාහිත්‍යයේ ඇති ඇතැම් පැරණි වදන් 'කුණුහරුප' යෑයි සලකා පාසල්වලින් පවා මඟහැර යන අවස්‌ථා නැත්තේ නොවේ. මෙයට හොඳම උදාහරණයක්‌ නම් 'කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ' එන ඇතැම් වදන්ය.

"සන්තින්ද්‍රියෝච නිපකෝච-අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති"

"යේච දූරේ වසන්ති අවිදූරේ - භූතා වා සම්භවේ සී වා"

යනාදී පද කියවන බොහෝ දෙනා ඒවායේ නිසි අරුත් නොදැන කියවන ගමන්ම කට කොණින් සිනා නගනු අප නිරන්තරයෙන්ම දැක තිබේ. එමෙන්ම ඇතැම් සාහිත්‍ය කෘතිවල ද මෙවන් දෑ සුලබය. ගුත්තිල කාව්‍යයේ 494 වැනි කවිය එහි මුල් මුද්‍රණවල ආරම්භ වන්නේ.

"තිඹිරි පතක්‌ දුන් අඟනක්‌ සඟන දැක"

(සංඝයා වහන්සේ දැක තිඹිරි ගෙඩියක්‌ දුන්නා වූ ස්‌ත්‍රිය....)

ලෙසිනි. නමුත් දැන් එළිදකින අලුත් මුද්‍රණවල මෙය අසභ්‍ය යෑයි සලකා 'තිඹිරි පලක්‌ දුන් අනෙක්‌ පහන දැක' යනාදී වශයෙන් වෙනස්‌ කර තිබේ. මහනුවර යුගයේ රචිත 'සඳකිඳුරු දා කවෙ' හි,

"වේසක්‌ නැතිව සැප විsඳ විඳ ඉන්ට"

(වෙහෙසකින් තොරව සතුටින් කල් යෑවීමට....)

යන පදය කියවන සාමාන්‍ය පෙළ සිසුවෝ ද මහත් හඬින් හිනැහෙති. ගැහැනු ළමෝ මුහුණ රතුකරගෙන ඇඹරෙති.

"තන ගස මුස කළෙමි නිදොසිම් ලු හා නුගියට"

ලෙසින් කාව්‍යශේඛරයේ 12 වැනි සර්ගයේ 559 වැනි කව ද ඇතැම් දෙනා අසභ්‍ය සේ විවරණය කරති.

සැළලිහිණි සංදේශයේ ද එසේය.

"වෙසඟන තුඟු කන යුග රොන් කොකු මඟර" 

(23 කව)

"සලා දූලා පියොවරැ තඹර රොන් රත" (38 කව)

මේ ආදී වශයෙන් පැරණි සාහිත්‍යයේ එන්නා වූත්, වර්තමානයේ අසභ්‍ය සේ ගැනෙන්නා වූත් උදාහරණ අනන්තවත් සැපයිය හැකිය. විශේෂයෙන්ම මහනුවර යුගයට අයත් 'රති වැනුම්' සහිත ශෘංගාරාත්මක කාව්‍ය සම්බන්ධයෙන් මේ තත්ත්වය උපරිමයෙන් මෙන් පවතී. නමුත් නිසි අර්ථ නොදැනීමෙන් හා රස විඳීමේ පවතින දුබලතාවයන් නිසා වර්තමානයේ බොහෝ දෙනා මේවා දෙස බලා කට කොණින් සිනහ නඟති. නැතොත් අසැබි සේ සලකා බැහැරලති.

ගාල්ලට නුදුරු 'පයාගල' නම් නගරය. මෙයින් වසර තුන හතරකට පමණ පෙර ව්‍යවහාර කළ එහි මුල් නම වූයේ 'පයියාගල' යන්නයි. නමුත් දැන් එහි නම අසභ්‍ය සේ සලකා වෙනස්‌ කර තිබේ.

භාෂාවේ අසභ්‍ය සම්ප්‍රදාය එසේය. ඇතැම් තැන්හි පැරණි සාහිත්‍යයේ එන වදන් අසභ්‍ය සේ ගෙන තිබෙන්නේ ඒවායේ නිවැරැදි අර්ථය හා සම්බන්ධ වූ අල්පමාත්‍රයකුදු දැනුමින් මුක්‌තව ය. විශේෂයෙන් වර්තමානයේ සිදු වී තිබෙන 'රස සායනය' නොහොත් 'රස වින්දනයේ' පවතින නායයැම හේතුවෙන් මෙවන් දෑ සිදුව තිබේ. අතීත ජන සමාජයේ විසුවෝ සියල් දෑ කලාවෙන් විඳි බව පුරාණ කලා නිර්මාණ ඇගයීමෙන් මනාව අවබෝධ කරගැනීමට පිළිවන. නමුත් වර්තමානයේදී මේ තත්ත්වය සපුරාම වෙනස්‌ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරිකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගත ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරීකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගතව ඇත. පැරණි සමාජයේ දෙවියන් සමඟ යාවීමක්‌ සේ සැලකූ ස්‌ත්‍රී පුරුෂ සංවාසය වෙතින් එහි පූජනීයත්වය වර්තමානයේ ගිලිහී ගොස්‌ ඇත්තේය. මේ සමාජ ආකල්පමය වෙනස සිදුව තිබෙන්නේ ලෝකය ව්‍යාපාරීකරණය වීමේ අනිටු ඵලයක්‌ වශයෙනි. මෙහි වගකීම හුqදු බටහිර ලෝකයටම පවරා වැරැද්දෙන් නිදහස්‌ වීමට පෙරදිග අපට නුපුළුවන. බටහිර සංස්‌කෘතිය මුළුමනින්ම දූෂිත යෑයි කීමට ද අපට නොහැක. එමෙන්ම ඔවුන් තුළ මෙයින් දශක හතරකට හෝ පහකට පමණ පෙර සංස්‌කෘතිකවත් සමාජ රටාවක්‌ පැවැති බව පිළිගැනීමට ද අපට සිදුවේ.

අසභ්‍ය යෑයි සමාජ සම්මත ප්‍රපංචය වුව රසවිඳීම ඔස්‌සේ 'සභ්‍ය' බවට පත්කළ හැකිය. මනසින් උසස්‌ ප්‍රජාවක්‌ භාවිත කරන බසක 'අසැබි' යෑයි පොදු සම්මතයක්‌ නැති වන්නේ මේ නිසා ය. රසාස්‌වාදයේ හා විචාරයේ උපරිමයට පත් වූ කල එතැන 'අසභ්‍ය' දෙයක්‌ තිබිය නොහැක. 'කලාව' නමැති සන්දර්භය තුළ අසභ්‍ය දැයක්‌ නැත. සාහිත්‍ය හෝ කලා නිර්මාණකරණයේදී නිර්මාණකරුවා තුළ මෝදු වන විචාරාතම්ක පරිකල්පනය කරණ කොටගෙන ඔහු තුළ රාගය හෝ කාමය බිහි නොවේ. නිර්මාණකරුවා සේම වින්දකයා සහ විචාරකයා ද එවන් ප්‍රබුද්ධ මනෝභාවයෙන් සපිරුණේ වී නම් මානව ආකල්ප වඩා හොඳින් කුළුගැන්වෙන නිර්මාණයක්‌ එතැන සිදුවනු ඇත. 'අසභ්‍ය' සේ පොදුවේ ගැනෙන්නේ 'රාගය හා ලිංගිකත්වය' නම් ඒ දෙකම උසස්‌ මනසින් රස විඳින තැනැත්තා කෙරෙහි 'අසභ්‍ය' යෑයි සැලකිය හැකි දෘෂ්ටියක්‌ කිසිදා ඇති වන්නේ ද නැත.

නිරුවත සහ අඩනිරුවත

බොහෝ දෙනා කථාකරන, බොහෝ දෙනා පිළිකුලෙන් බැහැර කරන මාතෘකාවක්. ගැටළු මතුවන්නේ කාන්තාවගේ නිරුවත හා අඩනිරුවත ගැනයි. පුරුෂයා සම්බන්ධව ඉහත මාතෘකාව වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ තවමත් නොවැදගත්. කිසිවකු ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් ස්ත්‍රියගේ..,
වඩා භයානක නිරුවතද? අඩනිරුවතද? සමාජ සම්මතයට අනුව නම් නිරුවතයි. නමුත් මෙන්න මගේ අදහස, විවේචනයට ඉඩක්.


යම් කිසිදෙයක් ආකර්ශනීය වෙන්නේ එය මිනිසා තුල යම් කුතුහලයක්, බලාපොරොත්තුවක් ඇතිකරන විටයි. නිරුවත ආකර්ශනීය වන්නේ, නැතිනම් කුතුහලයක් ඇතිකරවන්නේ එය පළමුවර දකින තෙක් පමණයි. එතැනින් එහාට එහි ඇති දෙයක් නැහැ, හැමදාම දකින කුකුලගේ කරමල වගේ වන්නටද බැරි නැත. එක වරක් නිරුවත දකින පුද්ගලයා තුල එය නැවත නැවත දැකීමෙන් අලුත් ආකර්ශනීය බවක් ජනිත නොකරන්නේ ඒ නිසයි. නමුත් අඩනිරුවත,

අඩනිරුවත පුද්ගලයට සිතන්නට දෙයක් ඉතිරි කරනව. ඔහු තුල බලාපොරොත්තුවක් ඇතිකරනව. අඩනිරුවත් ස්ත්‍රී රුවක් දෙස කෙලෙස් ප්‍රහීන නොකළ ඕනෑම පුද්ගලයෙකු බලන විට, "අනේ ඉතිරි ටිකත් පෙනුණා නම්" යන සිතිවිල්ල කොහේ හෝ කොනක මතු වෙනවා. ඒ සිතුවිල්ල යටපත් කරගැනීමේ හැකියාව මත මිනිසුන් කොටස් වෙනවා, ඒ ගැන පස්සෙ කථා කරන්න ඉඩ තියමු. ඉතින් අර සිතුවිල්ල නිසා අඩනිරුවත වඩා ආකර්ශනීය බවක් ගන්නවා. සමහරුන් තමන් දකින අඩනිරුවත් රුවෙහි ඉතිරිව ඇති ඇඳුම් සිතින් අපේක්ෂිත නිරුවත් රුව මවාගන්න උත්සහ කරනවා. මෙය එක්තරා ආකාරයක මානසික රෝගයක්. අනුන්ට මෙන්ම තමන්ටද අනතුරුදායක මානසික රෝගයක්.

එනිසා වඩා භයානක අඩනිරුවත නොවේද?

සමාජ ආකල්පය

නිරුවත හා අඩනිරුවත ගැන සමාජ මතය පිලිබඳ අදහස් දැක්වීමද මෙහිදී වටී. එහි කොටස් දෙකකි
  •     නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කරන
  •     නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප නොකරන
නමුත් නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප නොකිරීම යන්නෙන් නිරුවත/අඩනිරුවත පිලිගන්නවා යැයි කියන්න බැහැ. එවිට එහිට කොටස් දෙකක් දක්වන්න පුළුවන්
  •     නිරුවත/අඩනිරුවත ඉතා හොඳයි, එහි වරදක් නැහැ
  •     නිරුවත/අඩනිරුවත තිබුනත් එකයි, නැතත් එකයි
නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් කරන්නේ ඇයි? මම දකින විදිහට එය ප්‍රතික්ෂේප කරන්නන් ගෙන් බහුතරය එසේ කරන්නේ සමාජ සම්මතයේ රැඳී සිටීම සඳහා පමණයි. තම සිහිනෙන් වත් නිරුවත ගැන නොපතන කෙනෙකු ලෙස සමාජයට පෙන්වනවා. නිරුවත පිළිගැනීමෙන් තමා 'වල්' පුද්ගලයෙකු ලෙස සමාජයේ හංවඩු ගැසෙවි යැයි බිය වෙනවා. එසේම නිරුවත ප්‍රතික්ෂේප  නොකරන්නවුන්ව වල්  අය ලෙස ලේබල් කරනවා. මේ සියල්ලම වෙන අතරතුර ඔහුත් නිරුවත/අඩනිරුවත දෙස ඕනෑම මිනිසෙකු බලන බැල්මෙන්, අදහසෙන් බලනවා, එය සන්ගවනවා, තමන්ටම වංචා කරගන්නවා.

සෑම පුද්ගලයෙකුම පොදුවූ සිතුම් පැතුම්, ආශාවන් ගොන්නක් උපතේදී රැගෙන එනවා. නමුත් පසුකාලීනව විවධ ආවරණ වලින් වස ගැනෙනවා. ඒත් ඒ ආශාවන් නිරතුරුවම එලියට පනින්නට වෙරදරනවා. වෙනසකට තියෙන්නේ ඒවා එලියට එන කාලයේ වෙනස විතරයි.


ඔය කරුණු කාරණා කොහොම වුනත් මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න අපි සමාජ ක්‍රමයට, සමාජ සම්මතයන්ට අනුකුල වෙන්න ඕනෙ. (මං මේ කතා කරන්නේ අනුගත වීමක් ගැන නෙවෙයි) නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කලත් නොකලත්, ඇඟපත වැහෙන්න, පෙනිය යුතු තැන් විතරක් පෙනෙන්නවට අඳින කාන්තාවට කිසිවෙකු දොස් කියන්නේ නැහැ. එහෙම අඳින විටදීයි සබැ ස්ත්‍රී සුන්දරත්වය ඕනෑම කාන්තාවකගෙන් ඉස්මතු වෙලා පෙනෙන්නේ.  ගැහැනියක් අඳින්න ඕනෙ තමන්ගේ ලස්සන ලෝකෙටම පෙන්න නෙවයි, සැබෑ ස්ත්‍රීත්වය කියන්නේ තමන්ගේ ලස්සන පෙන්විය යුතු පුද්ගලයාට විතරක් පෙන්වන එකයි. තමන්ගේ ලස්සන, අඟපසඟ ලෝකෙටම පෙන්නන්න යන බොහොමයක් කාන්තාවන්ගේ කතාව බාහිර පෙනුම තරම් ලස්සන නම් නැහැ.

එක එක අය එක එක කතා කියනවා,
    "ඒ එයාගේ ස්ටයිල් එකනේ"
    "එය හැදුන පරිසරේ ඒකනෙ"
    "එක එයාගේ නිදහසනෙ"

ඔය කතා මොනවා වුනත් කාගෙන්වත් බැණුම් නො අසා තමන්ගේ ලස්සන පෙන්නන්න ඕනෑතරම් ශිෂ්ට ක්‍රම තියෙද්දී ඇයි අශිෂ්ට අසම්මතයන් කර ගිහින් අමාරුවේ වැටෙන්නෙ?

ලෝකය කියන්නේ ඒ වගේ, කළු-සුදු, හොඳ-නරක, හරි-වැරදි විදියට ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා. ලෝකය පවතින්න ඔය දෙකම තියෙන්න ඕනෙ. මතක තියාගන්න සුදු අය සුදුවට පෙන්නේ එයාල ඇත්තටම සුදු නිසාම නෙවෙයි, කළු අයත් ඉන්න නිසයි.කවුරුත් කැමතියි සුදුවට ඉන්න. සුදු පාටට හැමෝම ආදරෙයි. ඒත් ඒ සුදු පාටට ආදරෙන් අපි කළු උනොත් ????

උපුටා ගන්න ලදීය..




නිරුවත සහ සිනමාව

නිරුවත සහ සිනමාව" බඳු මාතෘකාවක් සාකච්ඡා කිරීමේදී නිරවද්‍ය නිගමන කරා එළඹීමට ඉවහල් වියහැකි යැයි අප සලකන ප්‍රශ්ණ සමූහයක් ඉදිරිපත් කිරීමට අප සූදානම් වෙමු.

"සිනමාව" නිර්මාණාත්මක කලා ශිල්ප මාධ්‍යයන්ගෙන් එකකි. එහි ජීවිතය ඊටම ආවේණික වූ ඇතැම් කලාත්මක නිර්මාණ විදීන්ගෙන් හා සංදර්භයන්ගෙන් නිශ්චය වෙයි. පැරණි මුණිවරුන් කලා කෘතියක මෙම ආවේණික ජීවිතය හැදින්වූයේ "නාට්‍ය ධර්මතාව" නමිනි. "නිරුවත" හුදෙකලාව ගත්විට ස්වභාවධර්මයේ අතිශයින්ම ලෞකික වූ සෞන්දර්යාත්මක වස්තුවකි. ඊට අනුබද්ධ ජීවන සංකල්ප බොහෝමයක් "ලෝක ධර්ම"තාවයන්ට සම්බන්ධ වෙයි. 

සිනමාව හෝ වෙනත් කලා මාධ්‍යයක "නාට්‍ය ධර්ම" හෙවත් "කලා ධර්ම" සහ ලෞකික ජීවිතයේ "ලෝක ධර්ම" අතර පවතින සම්බන්ධතාවය කුමක් ද?

නිරුවත හෝ නග්නතාවය සොබාදහමේ සෞන්දර්යාත්මක අංගයකි. හුදෙකලාව ගත් විට එහි හොඳක් හෝ නරකක් නොමැත. නිරුවත ප්‍රදර්ශනය කිරීම හෝ එය දෙස බැලීම එදිනෙදා ජීවිතයේ හොඳ නරක ආකල්ප වලට ආශ්‍රිත චර්යාධර්මයන්ගෙන් පැන නඟින්නේ "උචිතානුචිත"තාවයන්ට සම්බන්ධවය. ජීවිතයේ ඉතාම ස්වභාවික පැවැත්මක්, හොඳ වන්නේ නරක වන්නේ ඒවා යෙදෙන ස්ථානය අවස්ථාව වැනි කාරණා අනුවය. කලාවේ ද මෙබඳු සදාචාර යැයි හැඳින්විය හැකි ස්වභාවයක් පවතියි. බෝහෝ පැරණි කලා විචාරකයෝ (රසාස්වාදියෝ) කලා කෘතීන් උත්තම හෝ අධම තත්ත්වයට වර්ග කරන ලද්දේ "ඖචිතවාදය" මිණුම් දණ්ඩක් කොට ගැනීමෙනි. නිරුවත වැනි සාධකයක් පමණක් නොව ඉතා සරල උපමාරූපකයක් වේවා, ඉතා ගැඹුරු බුදු බණක් වේවා උචිත ලෙස සමස්ථ කලා ජීවිතයේ අභ්‍යන්තර ජීවිතයට ගැලපී නැත්නම් එම කලා කෘතිය "ඖචිතයෙන්" අධම වෙයි.

මේ අනුව කිසියම් සිනමා කෘතියක් අධම ගනයේ කෘතියක් වන්නේ නිරුවත ඇතුලත් වීම නිසාද? නොවේ නම් එය අධම වන්නේ ඖචිත සිද්ධාන්තයන් තම නිර්මාණාත්මක ක්‍රියාදාමයේදී මැනවින් පරිහරණය කිරීමට අසමත් වී ඇති නිසා ද?

කලා කෘතියකට ජීවිත දෙකක් ඇත. යථා ලෝකය පිළිබඳ තම සිත්හි හට ගන්නා වූ විවිධාකාර හැඟීම්, කලා ඉතිහාසය විසින් නිෂ්පාදනය කොට ඇත්තා වූ ශිල්පී විධීන් වහල් කොට ගෙන කලාකාරයා තම පරිකල්පන ශක්තියෙන් ප්‍රතිභාවයෙන් ප්‍රතිනිර්මාණය කරයි. මෙම නිර්මාණය මින් පසු එය පරිහරණය කරන ප්‍රේක්ෂකයා හෝ සහෘදයාගේ භාවලීලාවන්ගෙන් ද සමස්ථ වෙමින් අලුත් ජීවිතයක් අරඹයි. මෙහිදී කලාකරු නොසිතූ විරූ අර්ථයන් ප්‍රේක්ෂකයාට දකින්නට පුලුවන. කලාකරුට එතරම් වැදගත් නොවූ අංග ප්‍රේක්ෂකයාට මහ මෙරක් සේ අවධානය වන්නට ද පුලුවන. පාරේ යන කාන්තාවක් දකින කෙනෙකුගේ ඇගේ ඇඳුමේ මෝස්තරයෙන් රස විඳිනවා විය හැක. තව කෙනෙකු එම ඇඳුම විනිවිද දැකිය හැකි රසවතෙකු විය හැක. තවත් එකෙකු එම ඇඳුම ද කාය භාව ලීලාවන්ද සමස්ථයක් වශයෙන් ගෙන සුන්දරතාවයක් දකින්නට පුළුවන. ඇඳුම ද ඇඳුමේ මෝස්තරය ද එය සිරුරෙහි දැවටී ඇති ආකාරය ද කාන්තා සිරුර ද යන සියල්ල එතැන විය. එහෙත් විවිධ අය කාන්තාව සහ ඇඳුම දුටුයේ විවිධ ආකාරයට ය.



මේ අනුව, කලා කෘතියක් පරිහරණය කරන්නන් කලා කෘතියක් තුළට ආරෝපණය කරන්නා වූ ආකල්පයන්ට වගකීමේ සම්පූර්ණ බර කලාකරුවා පිට පැටවීම සාධාරණ ද?

ලොව ඉතාම ශ්‍රේෂඨ කලා කෘතීන් වශයෙන් හැඳින්වෙන නිරුවත් ස්ත්‍රීන්ගේ චිත්‍ර අපි දකිමු. මෙවැනි රූ ඇඳීමට පුරුදු වෙන ශිෂ්‍යයන් ඉදිරියේ නග්න කාන්තාවෝ වාඩිගෙන සිටිති. පුරුෂයන්ගේ සත්වයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ ද රූපයක් සාර්ථකව චිත්‍රගත කිරීමට ඔවුන්ගේ හෙලු මස් පිඬු ආශ්‍රිත ශරීරය නග්නව දැකීම අත්‍යාවශ්‍ය වෙයි. සීගිරියේ අර්ධ නග්න ස්ත්‍රී රූප ද එසේ ඇන්දා විය හැක.

මෙම චිත්‍ර කලාත්මක වශයෙන් උසස් නම්, ඒවා ඇඳීමේදී භාවිතා කළ උපක්‍රම "අශෝභන" නම්, එම අශෝභනත්වය නිසා චිත්‍රයේ කලාත්මකභාවය ද අශෝභන යැයි අපට නිගමනය කළ හැක්කේ ද? ගෙම්බන් කපා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පුහුණුවන වෛද්‍යවරයෙකු "අවිහිංසාවාදය" අනුව "පාපියෙකු" ලෙස හැඳින්වීම හරි ද?

ඉතාම හුදෙකලා කලාකරුවා පවා සමාජයෙන් පෝෂණය වෙයි. එහෙයින්, සමාජ ධර්ම වලට ගරු කරන්නැයි ඔහුට බල කිරීමට සමාජයට අයිතියක් තිබේ. "නිරුවත" පිළිබඳ ප්‍රශ්නය සමාජ සංස්කෘතියේ සභ්‍ය අසභ්‍යතාවය ආශ්‍රිත ප්‍රශ්නයකි. එහෙයින් සභ්‍ය අසභ්‍ය කරුණු ගැන කලාකරුවන්ට කියාදීමට පෙර හෙළ සභ්‍යත්වය පිළිබඳ විද්‍යානූකූල විමර්ශනයක් කිරීමට අපි උනන්දු විය යුතු නොවේ ද?

විද්‍යාත්මක සාධක අනුව පස්වන සියවස ආශ්‍රිත කාලයේ හෙළ කුලීන වනිතාවන්ගේ වරප්‍රසාදයක් වූයේ පියයුරු විවෘතව තබාගෙන විවෘතව සමාජයේ හැසිරීමයි. පහත් කුලවල වනිතාවන් පියයුරු වැසිය යුතු විය. මහනුවර යුගය වන විට කුලීන කාන්තාවන් පමණක් උඩුකය වසා ගැනීමේ වරප්‍රසාදය ලද්දහ. පහත් කුලවල දැරියක තන වසා ගැනීමේ අවස්ථාව ලද්දේ දරුවකු ප්‍රසූත කිරීමෙන් කිරි එරෙන විට පමණකි. පහත් කුලවල පිරිමින්ට හිසේ හෝ කරේ රෙදි කඩක් දවටා ගැනීම කළ හැකි වූයේ උසස් කුලයක කෙනෙකු අවට නොමැති අවස්ථාවක පමණෙකි. මෝක්ෂය පමණක් නොව ඉන්දීය සංස්කෘතියේ පිළිගත් පරමාර්ථ වශයෙන් අර්ථය සහ කාමය ද නිරොගීව හා ස්වභාවිකය අගය කලහ. පූජනීය ස්ථානයන්හිදීම (කජුරාවෝ වැනි) කාම සූත්‍රයේ විවිධාකාර ඉරියව් ඉතාම තාත්වික ලෙස නිරූපණය කළහ. ජනතාව ද කුහක බවින් තොරව පවුල් පිටින් පැමිණ ස්වභාවික ජීවිත සෞන්දර්යයෙන් උපරිම තෘප්තියක් ලැබිය හැකි මාර්ග ඔස්සේ මෝක්ෂය සංකේතවත් කළ ධර්ම ගර්භයට දෙවනුව ඇතුල් වූහ.



හෙළ සභ්‍යත්වය නිරුවත පිළිබඳව දැක්වූ ආකල්පය කුමක්දැයි විද්‍යානුකූලව වටහා නොගෙන, කලා කාරයාට උපදෙස් දීමට යාම කොතරම් බුද්ධිගෝචර වන්නේ ද?

බුදුන් වහන්සේ ද අතැම් ශ්‍රාවකයින්ගේ මානසික තත්ත්වය අනුව භාවනාවට අරමුණු කර ගැනීම සඳහා කැපවූ නිමිත්තක් වශයෙන් මියගිය යෞවන ස්ත්‍රීන්ගේ නග්න කය සුදුසු යැයි අනුමත නොකලේද? මෙයින් පෙනෙන්නේ හුදෙක් හරි වැරදි වන්නේ නිරුවත පෙන්වීමම පමණක් නොවේ නේද? එය වැරදි වන්නේ පරමාර්ථය වැරදිනම් පමණක් නොවේද? යමක් පරිහරණය කරන්නේ වැරදි පරමාර්ථයකින් නම්, නිරුවත තබා ගහක් ගලක් පාවිච්චි කලත් එය වැරදිම නොවන්නේ ද? උචිත ලෙස උදාර කලාත්මක පරමාර්ථයකින් භාවිතාවට ගන්නේ නම් "රමණ අවස්ථාව" වුවද ගැබ් කොට ගත් කලා කෘතියක් උත්තම නිර්මාණයක් නොවන්නේ ද?

ලොව ශ්‍රේෂ්ඨ කලාකාරයින් කිසිවෙකුත් කලාව වාණිජ මාධ්‍යයක් කොට නොගත්හ. ඇතැම් ශ්‍රේෂ්ඨයින්ට අහම්බයෙන් වාණිජ සාධනය ඉෂ්ඨ වූවා පමණකි. නමුත් "නිරුවත" ජීවිතාංගයක් වශයෙන් නිර්මාණයේදී වහල් කොට ගත්තා වූ හැම කලාකාරයාම වාණිජ පරමාර්ථයෙන්ම එසේ කළ යැයි කිව හැකි ද? තවත් අතකින් වාණිජත්වය ඉහ වහා ගිය සමාජයක එම වාණිජත්වයෙන් කිළිටි නොවී සිටිය යුතු යැයි කලාකාරයාට පමණක් තහංචි පැනවිය හැකි ද? "හෙළුව" නොපෙන්වන කලාකාරයින් කී දහසක් ජීවිතාංග කීයක් වාණිජ පරමාර්ථයෙන් කලාවේදී පරිහරණය කරන්නේ ද? 
දොස් තැබිය යුත්තේ විනාශ කළ යුත්තේ වාණිජත්වයට ගොදුරු වුනු කලාකාරයා ද, නොවේ නම් වාණිජත්වය පදනම් කරගත් සමාජ අර්ථ ක්‍රමය ද?

විමසුම ඔබට භාරයි............!!!

විනාඩි දෙකක් අරන් කියවලා යන්න..



" අනේ අයියේ දැන් ඇති නේ තරහා වෙලා හිටියා..කතා කරන්නකෝ මාත් එක්ක.. ""අනේ සෙනූ මේහ්.. නිකන් බොරුවට හුරතල් වෙන්න හදන්න එපා බබෙක් වගේ.. "" හරි දැන් ඔයා මොකටද ඔය තරහා වෙලා ඉන්නේ...? ""තරහා... තරහ නෙමෙයි... තමුසේ මොකද එන්න පරක්කු උනේ.. ? ""ඕකටද ඔයා ඔය තරහා වෙලා ඉන්නේ... අනේ අයියේ.. මං කිව්වෙ ඔයාට මට ගෙදරින් එන්න චුට්ටක් පරක්කු උනා.. අම්මට සනීප නැති උනනේ අදත්.. ""ඔව් ඔව් දැන් ඉතින් බොරු හද හද කියනවා මං කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා.. කවුද දන්නේ වෙන එකෙක් එක්ක ඉදලා ආවද කියලා "" අ..නෙ..හ්.. ඇ.. ඇයි අයියේ.. ඔයා මට මෙහෙම ක්.. කතා කියන්නේ.. ඔ.. ඔයාට මාව අ.. අවිශ්වාසද? මට මගෙ සුදු අයියා ඉන්දැද්දී වෙන කවුරුත්මොකටද දෙයියනේ .."වැලහින්නක් වගේ හොටු බේර බේර සෙනූ අඩන්න ගත්තා... පුංචි දුකක් වත් මගේ හිතට දැනුනෙ නෑ .. මේ කරදරෙන් බේරෙන්නයි මට ඕනේ.."සෙනූ ඒපාර ටැප් එක ඇර ගත්තද? මට මෙතන ලැජ්ජා කරන්නද ඕනේ? "වට පිට බල බල කෙල්ල කදුලු පිහිදගත්තා.." මං ගිහින් එන්නම් අයියේ.. "" මොකද්ද හදිස්සිය? පැයක් දෙකක් ඉන්න පුලුවන් කියලා නේද කිව්වේ? ඇයි මොකෝ තව එකෙක් එනවා කිව්වද කොහෙට හරී?"" ඔයාට ලැජ්ජයි නේ මං ඉන්නකොට.. ම... මං කවදා වත් මගේ අයියට ලැජ්ජා කරන්නේ නෑ .. ඔයාට වරදක් කරන්නෙත් නෑ .. මේ හිතේ ඉන්නේ ඔයා විතරයි මගේ අයියේ.. පරිසමෙන් ගෙදර යන්න.. බුදුසරණයි.. "කදුලු පේලි දෙකක් කම්මුල් දිගේ බේරෙද්දි පුරුදු විදියටම සෙනූ මට දණ ගහලා වැන්දාසෙනූ මේ රටෙ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා මං තමුසෙට හැමදාම කියනවා.********************************" සෙනූ තමුසේ පැයක් තිස්සේ ඔන්ලයින් ඉදගෙන මොක්ද කරන්නේ... "" ආහ් අනෙ නෑ අයියේ.. මට ඒකෙන් ලොග් අවුට් වෙන්න බැරි උනා.. ඔන්ලයින් පෙන්නුවට මං හිටියේ නෑ මං අම්මා ලග හිටියේ.."අනේ නිකන් බොරු නොකියා ඉන්නවා සෙනූ මාව තම්බන්න තමුසෙගෙ ගොරකා මදි එක එක එවුන් එක්ක චැට් කර කර ඉදලා එනවා මෙතන බොරු කියන්න"අනේ ඇත්තමයි අයියේ... මං කාත් එක්කවත් කතා කලේ නැහැ.. කතා කරන්න මං හිටියෙත් නෑ .. ඇත්තමයි මගෙ අම්මා පල්ලා අයියේ""මේ සෙනූ මේහ් ඒ වයසක ගෑනිව බිල්ලට නොදී ඉන්නවා.. ""අ.. අයියේ... ඒ.. මගේ අම්මා..."" ඉතින් මං දන්නවා හලෝ"" අයියේ අම්මා කතා කරනවා මං තියන්නම්.."" ඔව් යනව යනවා දැන් අනිත් එවුන්ට රිප්ලයිකරන්නත් එපැයි.."මේකිට මාව එපා වෙන්නේ නැති හැටි... කොච්චර කලත් කූඩැල්ලා වගේ එල්ලි එල්ලි එනවා මගේ කරුමේ..අවුරුදු 4 ක් දැන් මේකට. ඒත් පහුගිය අවුරුදු 2 ක්ම කලේ සෙනූ මගෙන් කතන්දර අහගත්ත එක.අනිත් ඒව වගේ මේකත් පටන් ගත්තේ ජොලියට මාසෙකින් දෙකකින් අතාරින්න.. ඒත් මොන කරුමෙකටද මන්දා සවීනව හම්බවෙනකන් මට මේක අතාරින්න අමතක වෙලා.. අවුරුදු 2 ක්ම ගිහින් මට දැනුනෙත් නෑ .සවීනා.. පට්ට.. මේ පරඩැල වගේ නෙමෙයි.. පට්ට ෆිගර් එක.. අම්මේ.. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවාඑදා ඉදන් මට ඕනේ උනේ මේ මල කරුමෙන් නිදහස් වෙන්න.. ඒත් මං මේ ගෑනිගේ පූරුවේ ණය කාරයෙක්ද කොහෙද පස්සෙන්ම එනවා. තවත් බලන්හිටියොත් මට සවීනව මිස් වෙනවා. මෙ ගෑනිට ඕන මගුලක් නටා ගන්න කියලා මං සවීනා ගෙන් අහනවා..එහෙම හිතුවේ මීට අවුරුද්දකට විතර කලින්..දැන් මගේ ලෝකේ ඉන්නේ සවීනා විතරයි..සෙනූත් එක්ක පන්සල් පල්ලි වල ගෙවිච්ච මගේබෝරින් ලයිෆ් එක ලස්සන කලේ සවීනා .. මේ ගෙවිච්ච අවුරුද්දට සවීනගේ මං නොදැකපු අගලක් නැති තරම්..ඒකට අර ගෑනි.. මගේ අතින් අල්ලන්නෙත් බයෙන්.********************************" වර්ශ මට සල්ලි ටිකක් ඕනේ.. "" ඒ මොකටද වස්තූ"" දෙන්න බැරිනම් බෑ කියන්න අනං මනං අහන්නැතුව"" හරි හරි බෑ කිව්වෙ නැහැනේ.. හදිස්සිද... ගිය මාසේ සැලරි එක නම් ඉවරයි කෙල්ලේ.. තව දවස් දෙකක් දෙනවද මට ""වර්ශ මට සල්ලි ඔනේ දැන් මිසක් තව දවස් දෙකකින් නෙමෙයි.""ආහ් .. ම්... මං මොකක් හරි කරන්නම්කෝ.. හවසට එනවනේ ඒවෙලාවට දෙන්නම්.. "-------------------------------හෙලෝ..සුදු අයියේ ඇයි මේ හදිස්සියෙම..හදිස්සියක් නෑ සෙනූ.. නිකන්.. මට ඔයාව මතක් උනා.ආ.. මං බය උනා එත් මේ අවේලාවේ කෝල් කරනකොට..ආ. නෑ සෙනූ නිකන්..ඔයා මොකක් හරි ප්රශ්නෙකද අයියේ ඉන්නේ.. ?එහෙමත් එකක් නෙමෙයි සෙනූ මේ පොඩි සල්ලි ප්රශ්නයක්..ඇයි අයියේ ලොකු ගානක්ද?න්.. නෑ නෑ සෙනූ මේ 10 ක් විතර..කෙල්ල මගේ ගැටේට අහුවෙන්නයි යන්නෙ..ම්... මං ලගත් එචරනම් නෑ අයියේ 7 ක් විතර මදිද..ම්..හ් කමක් නෑ සෙනූ ๬ ඉතුරු ටික මං මොක්ක් හරි කරගන්නම්කෝ..එහෙනම් මං හවසට එන්නද?ආහ් මේ නෑ සෙනූ.. හවසට එපා.. දැන් ගෙනත් දුන්නන්ම් හරිහරි මං එන්නම් අයියේ බුදුසරණයි ..-------------------------------හදිස්සියක් උනොත් අම්මට බෙහෙත් ගන්න කියලා එකතු කරපු සල්ලි.. කම්ක් නෑ අයියටත් හදිස්සියක් නේ..මගේ අතට සල්ලි දෙනගම්න් සෙනූ කිව්වෙ එහෙමගිය මාසෙටත් වඩා ඒ කෙල්ල තවත් ඇදිලා ගිහින්..මේ වගේ කෙල්ලෙක් එක්ක මං ඉන්නවා ඔෆිස් එකේ එකෙක් දැකොත් මාව බයිට් කරලම විනාස කරයිහරි සෙනූ මං යන්නම් ශෝට් ලීව් එකක් දාල ආවේ..බොරුවක් කියලා කොහොම හරී ශේප් කරගත්තා.. නැත්තන් ඉතින් තව පැයක් දෙකක් විතර ඉදියිඇගේ වෙලි වෙලි.." හේයි ස්වීටී .. ඔන්න සල්ලි නම් හරී ඔයා එන්නෙ කීයටද?"ආ.. බබා මං මේ මග එන ගම්න්..හැබැයි කෙල්ලෙ 7 යි තියෙන්නේ.. මේ දවස් වල රිම් එකෙන් බබාවට්...?? ඔයා ලග එච්චර පොඩි ගානක් වත් නැද්දවර්ශ? ශිට් ඔය දෙකයි පනහ ගන්න මං මෙච්චර දුර ආපු එකත් පාඩුයි..හරි හරි බබා.. තව දවස් දෙකක් ඉන්න පුලුවන් නම් 10 ක් නෙමෙයි 20 ක් උනත් දෙන්න පුලුවන්හරි හරී ඒක එදාට ගමුකො.. මං පහල ඉන්නේ ඕක ඇවිත් දීල යන්න.****************************පැයක් විතර ගෙව්නා.. ඔෆිස් එකේ එකෙක්ගෙ බර්ත් ඩේ එකක්.. ගිෆ්ට් එක ගන්න යන්න උනේ මට.බයික් එක නැවත්තුවේ හවුස් ඔෆ් ෆැශන් එක ඉස්සරහා..ගන්න හොද ශර්ට් එකක් හොය හොය මං වටේ ඇවිද්දා.සයිඩ් එකෙන් වගේ හිටියේ කපල් එකක්. උන් දෙන්නටනම් විනයක් කියලා එකක් තිබ්බෙම නෑ.ලාවට වගේ පෙනිච්ච ඒ ඇදුම මට හොදට හුරුයි.. ආයෙමත් හැරිලා බැලුවේ කවුද කියලා..ඇස් දෙක ඉස්සරහා හෙන දාහක් පුපුරලා ගියා වගේ.." සවීනා තමුසේ..? මගෙන් සල්ලිත් ඉල්ලන් ඇවිත් මෙතන එක එකා එක්ක මගුල් නටවද?උන්හිටි තැනුත් අමතක වෙලා මං ශොප් එක මැදම කෑගැහුවාඔහ්.. වර්ශ ප්ලීස් තමුන් වගේ දෙකයි පනහේ මිනිහෙක් එක්ක මට කිසිම සම්බන්දයක් නෑ .. මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා.ලෙට්ස් ගෝ හනී.. අයි ඩෝන්ට් වෝන්ට් එනි තින්ග්.. දිස් ස්ටුපිඩ් වැනිශ්ඩ් මයි මූඩ්.. ඉඩියට් මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා යද්දී සවීනා ඒ කොල්ලගේ අතේ එල්ලිලා යන්න ගියා..********************************ඔහ් ගෝඩ් වර්ශයා..ඊට සති දෙකකට විතර පස්සේ ටවුන් එකේදි මගේ බොක්ක සෙට් උනා..කොහොමද බන්..තාමත් සවීනා මගේ හිතේ හොලම්න් කරන නිසා හිනා වෙලා කතා බහ කරන්න මට සිහියක් තිබ්බේ නෑ ..මං මේ උබව හම්බවෙන්න එන්න කියලමයි හිටියේඒමොකද බන්උබ දන්නවනේ අපේ ඩැඩී දැන් මහරගම ඉන්නේ.. මොකක් හරි උදව්වක් ඕනේ නම් හංගන් ඉන්නැතුව කියහන්.මොකටද බන්?මට හංගන්න දෙයක් නෑනෙ වර්ශයා.. බලහන් උබ මගේ බොක්ක වෙලත් නෙතූ කියනකන් මං මේ මුකුත් දන්නෙ නෑ ..කියන මගුලක් තේරෙන්න කියපන් බන්..දැන් එතකොට උබ කියන්නේ සෙනූශගේ සිටුවේශන් එක ගැන උබ දන්නේ නෑ කියලද?මදුකයගේ කටින් සෙනූ ගැන පිටවෙනකන් ගිය සති දෙක පුරාවට මට එයාව අමතක වෙලයි තිබ්බේ..වෙනදටනම් බැනුම් අහ අහා හරි සෙනූ දවසට මැසෙජ් තුන හතරක් වත් එවනවා.. ඒත් ඒ සති දෙක පුරාවට එයාගෙන් එක මැසෙජ් එකක් වත් ආවේ නෑ නේ..ම්.. මොකක්ද බන් සිටුවේශන් එක?එතකොට උබ කියන්නේ සෙනූශට බ්ලඩ් කැන්සර් එකක් කිය්ලා උබ දන්නෙ නෑ ?මට දැනුනේ මුලු ලෝකෙම මගේ වටේ කැරකෙනවා කියලා-----------------------------සවීනගේ ද්රෝහී කමත් එක්ක සවීනවයි සෙනූවයි තරාදියකට දැම්මොත්..දෙයියනේ.. බර වැඩි සෙනූගේ පැත්ත.. මං මෙච්චර කල් පන්නගන්න හදපු ඉවරයක් නැතුව රිද්දපු ඒ කෙල්ලගේ පැත්ත..ඒ අසරණ මූණ මට මැවි මැවී පේන්න ගත්තා.ම්.. ම්.. මං යන්න ඔනේ සෙනූව බලන්න.... මං යන්න ඕනේ.. හදිස්සියෙම ඇතිවෙච්ච අදහසකට මං බයික් එකට නැග්ගා.සෙනූ ආසම pooh ට.. අවුරුදු ගානක අතීතේ අවුස්සලා මං මතක් කලා.. මගදි මං ලොකු pooh කෙනෙකුයි ලස්සන රෝස මලකුයි ගත්තා..සෙනූගේ ගෙවල් කිට්ටු වෙනකොට මට දැනුනේ අමුත්තක්.මගේ ඇස් මං විශ්වාස කලේ නැහැ ..සෙනූගේ ටෙඩියවත් අරන් මං කඩාගෙන ගියේ ගේ ඇතුලටනෑ .. නෑ න්.. නෑ ඒක වෙන්න බෑ..ගෙයි මැද්දට වෙන්න තිබ්බ ලොකු පෙට්ටිය ඇතුලේ හිටියේ මට අවුරුදු ගානක් ආදරේ... කරපු සෙනූ..න්.. නෑ .. නෑ නෑ .. සෙනූ නැගිටිනවා... තමුසෙට මෙහෙම කරන්න බෑ මට...නැගිටිනවා සෙනූ.. බොරු කලා ඇති හොදටම නැගිටිනවා..ඒ පෙට්ටිය බදාගෙන පැය ගානක් මං අඩන්න ඇති..ඒත් සෙනූ නැගිට්ටේ නෑදෙයියනේ සෙනූ නැගිටපන් කෙල්ලේ... උබෙ සුදු අයියා ආවා... නැගිටප...න් ....අන්තිම මොහොතෙත් ඒ සීතල කකුල් දෙක අල්ලන්මං කෑගැහුවා.. මදුක ඇවිත් මාව පැත්කට අරන් යනවා මතකයි මට..හැමදේම ඉවර වෙලා සෙනූගෙ අම්මා ආවේ මං ලගට..ආයෙමත් පැය ගානක් අම්මයි මායි අඩන්න ඇති..මේක දෙන්න කිව්වෙ මගෙ කෙල්ල පුතේ.. අන්තිම මොහොතෙත් බලන් හිටියා එයි කියලා. ඒත් ඉතින් වෙන රටක ඉදන් එහෙම ඕන ඕන වෙලාවට එන්න බෑ කියලා කෙල්ලම තමයි කිව්වේ.කියපු දේ නොතේරුනත් මං අම්ම දුන්න කඩදාසිය දිගෑරියා..සමාවෙන්න සුදු අයියේ.. දාලා යන්න හිතුවේ නෑ මන් කවදාවත් ඔයාව.. ඒත් මට දැන් යන්න වෙලා. අනේ මට බනින්න එපා.. මගේ උවමනාවට නෙමෙයි යන්නේ..මං කවදාවත් ඔයාට වරදක් කරලා නෑ අයියේ.. පොරොන්දු වෙනවා මං ඔයාට... මට හිටියෙත් ඉන්නෙත් මගෙ සුදු අයියයි මගේ අම්මයි විතරයි..මං ඔයාට කියලා තියෙන්නෙ එකම එක බොරුවයි අයියේ... කවදාවත් මගෙ අම්ම අසනිපෙන් හිටියෙ නෑ.. අසනිපෙන් හිටියේ මමයි.. ඒත් ඒව කියලා ඔයාට දුකක්දෙන්න ඔනේ උනේ නෑ මට සමාවෙන්න.... මං නිසා ඔයාට ගොඩක් ලැජ්ජා වෙන්න උනා නේද.. ඒකට මට සමාවෙන්න සුදු අයියේ..... අම්මලා ඔයාට දොස් කියයි කියලා මං අම්මට කිව්වා ඔයා ලංකාවෙ නෑ කිය්ලා.. එක එහෙම්මම කියන්න අයියේ..අද නම් ඔය කකුල් දෙක ලග වැටිලා වදින්න විදියක් නෑ මහත්තයෝ... නැගිටගන්න වත් බෑ මටඅද.. සමාව දෙන්න මේ පිස්සිට ආදරෙයි මහ හුගක්... ඒත් මේ ලෙඩ කෙල්ලව අමතක කරන්න.. මගෙ සුදු අයියට මට වඩා ලස්සන කුමාරිකාවක් වගේ කෙල්ලෙක් ලැබෙයි සවීනා වගේ..නවතින්නම් සුදු අයියේ මහන්සි මට ගොඩක්... මං ඔයාගේ සෙනූ...ඒක කියවලා ඉවර වෙනකොට මට දැනුනේ මගෙ හදවත කෑලි වලට කැඩිලා වගේ .ආයෙමත් ඒ කඩදාසිය පෙගෙනකන් මගේ කදුලු ඉවරවෙනකන් මං ඇඩුවා..සමාව දියන් සෙනූ මේ පව් කාරයට...නිමි.ස්තූතියි .."ඔබට සතුටක් වන ක්‍රියාවක් තවකෙකුට දුකක්නම් එය තව දුරටත් සතුටක් නොවනු ඇත."
උපුටාගැනීමකි..

Tuesday, June 6, 2017

විශ්ව විද්‍යාල සංස්කෘතියේ එක් හෑල්ලක්

විශ්වවිද්‍යාල තුළ සාමාන්‍ය සමාජයට වඩා අමුතු බවක් ඇති බව ප්‍රචලිත මතයකි. එය විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවූ සියල්ලන්ට ඊර්ෂ්‍යා සහගත ආශාවක් ඇති වන ආකාරයේ කථිකාවක් විය. මූලික වශයෙන් ඒ සඳහා විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉලක්ක කර ගෙන තිබුණි. ප්‍රධාන වශයෙන් චිත්‍රපට, නවකතා, කවි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය විසින් එකී සංවාදය තවත් තහවුරු කරන ලදී. එම කලා නිර්මාණ තුළ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ පැවති සෙනෙහෙවන්ත සෞන්දර්ය හද බසට නගා උත්කර්ෂයට නංවා තිබුණි. ඉතාම ප්‍රගතිශීලී අර්ථයෙන් එය පාසල් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගැනීමට පවා උත්තේජකයක් සැපයීය. නමුත් ක්‍රමයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුළ, විශ්වවිද්‍යාලයේ මෙම සුන්දරත්වය පිළිබඳ අදහස, සමාජ කථිකාව තුළ සුන්දර දිශාවකට යොමු නොවුණි. වෙනත් ආකාරයට කියන්නේ නම් විශ්වවිද්‍යාල පිළිබඳ අද සමාජයේ පවතින අදහස පෙර සේ හද බසට නො නැගෙයි. මෙම ලිපිය මගින් උත්සහ කරන්නේ සරසවිය නම් ඒ ඥාන ගවේෂී සෞන්දර්ය තක්සලාවේ උප සංස්කෘතියේ වත්මන් තත්වය පිළිබද විශ්ලේෂණයක් කිරීමට ය.
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය යනු කුමක්ද ? උප සංස්කෘතියක් පවතිනවා යනු මහා සංස්කෘතියක් පවතින බව නිතැතින් ගම්‍ය කරවන අදහසකි. මහා සංස්කෘතිය තුළ පවතින උප සංස්කෘතියේ පැවැත්ම තීරණය වන්නේ එය මහා සංස්කෘතිය සමඟ දක්වන සම්බන්ධතාවය තුළ යි. මේ සංස්කෘති දෙක අතර පරතරය වැඩි වෙත් ම උප සංස්කෘතියේ පැවැත්ම ස්ථාරව වෙයි. නමුත් උප සංස්කෘතිය සෑම විට ම මහා සංස්කෘති‍යෙන් පෝෂණය ලබයි. උප සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ එයට ම අනන්‍ය වූ භාෂාවක්, හැසිරීම් රටාවක්, ආචාර ධාර්මික පද්ධතියක් මුල් කර ගෙන ය. ඒවා ඇති වන්නේ පවතින මහා සංස්කෘතිය විසින් යෝජනා කරන ඇතැම් තත්ත්වයන් සමඟ මුහුණ දීමට යොදා ගන්නා සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් මත ය.
මහා සමාජයේ බලපෑම් හා වර්තමාන විශ්වවිද්‍යාල උප සංස්කෘතියෙහි මූලයන් මීට වසර 30 කට වඩා පැරණි ය. එම නිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පැවැත්ම තරමක් ගැටලුකාරී වී ඇත. තවත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අද දවසේ අපහසුවෙන් නඩත්තු කරන උප සංස්කෘතියක් බවට පත් ව ඇත. අද දවසේ ලෝකය තුළ බොහෝ උප සංස්කෘති විවිධ තත්ත්වයන් මත විකාශනය වන නමුත් නොයෙක් ආධානග්‍රාහී කුලකයන්, නොයෙක් උප සංස්කෘති ඔවුනට අනන්‍ය අයුරින් රැකබලා ගැනීමේ අවධානමකට ලක් වී ඇත. වෙනත් ආකාරයට කියන්නේ නම් උප සංස්කෘතිය තුළ වෙනස් වීම, විකාශනය වීම අවහිර කර ඇත. ඒවා බොහොමයක් ආගමික පසුබිමක් තුළ ගොඩ නැගෙන මූලධර්මවාදී ආස්ථානයක පිහිටයි. අදටත් ඉන්දියාවේ කුඩා ගම්මාන, මියන්මාරයේ ආගමික සංවිධාන, ඉන්දුනීසියාවේ මුස්ලිම් සංවිධාන, වනාන්තර ආශ්‍රිත අප්‍රිකානු ගැමි සමාජ, එංගලන්ත රාජ පෙළපත මූළික කරගත් උප සංස්කෘතිය උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය. මන්ද ගෝලීයකරණ හා සන්නිවේදන තත්ත්වයන් පුළුල් වීමේ දී ඇති වී තිබෙන සීමා රහිත සන්නිවේදන සම්බන්ධතා ජාලා මත සංස්කෘතිය ස්වකීයත්වය අහිමි කරගන්නා දෙයක් බවට පත් වී තිබේ. නමුත් උප සංස්කෘතියක් බලෙන් රඳා පවත්වා ගන්නවා යනු, මෙම නවීන විද්‍යාවේ ඇගෑලුම් කම් හා නොයෙක් සමකාලීන දැනුම් පද්ධති වාරණය කිරීමට එම සංස්කෘතිය තුළින් නිතැතින් ම උත්සහ කිරීම ලෙස හැඳින්විය හැකි ය. කෙසේ වෙතත් පාරිභෝජනවාදයේ සූක්ෂම සංවිධානගත වීම හේතුවෙන් උප සංස්කෘති තුළ වෙළදපළ කාර්යභාරය ඉතා දියුණු මට්ටමක පවතියි. එනම් විශ්වවිද්‍යාල තුළ සිම් කාඩ්, කෝපි කඩ, ජූස් බාර් වැනි වෙළද ව්‍යාපාර සඳහා අවකාශය පිටත සමාජයට වඩා තහවුරු කර දී ඇත. එම අර්ථයෙන් වෙළඳපළ විසින් මෙම උප සංස්කෘතිය භාර ගන්නේ ඔවුන්ට ආයෝජනය කළ හැකි සක්‍රීය කළාපයක් ලෙස ය.
මෙහි දී අපට වැදගත් වන කරුණ නම් පවතින තත්ත්වය විසින් තීරණය කරන හෝ ඉල්ලා සිටින සමාජ හැසිරීම උප සංස්කෘතිය තුළින් ප්‍රතික්ෂේප කරනවා ද යන්න යි. 70 හා 80 දශකයේ මෙරට වාමාංශික දේශපාලනයට හා බුද්ධිමය කථිකාවට විප්ලවාකාරී මැදිහත්වීමක් කිරීමට එවකට විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හැකි විය. ඓතිහාසික සාධකවලට අනුව එවකට තරුණයාගේ දේශපාලන මතය, කලාවේ හැසිරීම හා සමාජ කථිකාව තුළින් එවැනි නිගමනයකට පැමිණිය හැකි ය. 70, 80 දශකයේ උප සංස්කෘතිය පාලනය කළ රටාවන්, අද දවසේ ජීවිතය පිළිබඳ විකල්ප අදහසක් නැති විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළට බලෙන් පැටවීමෙන්, මානුෂීය බැඳීම් ස්ථාර වීම හා නව දැනුමක් ආනයනය වීම විශ්වවිද්‍යාලයට අහිමි වී ඇත. අවසානයේ අද දවසේ විශ්වවිද්‍යාල තුළින් සමාජයට තරුණ රැඩිකල් පිරිසක් යොමු කිරීම අහිමි වී ඇත. තවත් පුළුල් අර්ථයෙන් කිවහොත් වමේ ව්‍යාපාරය බිඳ වැටීම, විකල්ප කලා භාවිතයන් විනාශ වී යාම, බුද්ධිමය දරිද්‍රතාවයක් දක්වා සමාජය යොමු වී ම තුළ විද්‍යාර්ථියා විශ්මයජනක නොදැනුමක ජීවත් වෙයි. එවැනි පසුබිමක 70, 80 දශකයේ උප සංස්කෘතිය යනු තවදුරටත් අද දවසේ ආගමික අර්ථයකින් පෙනී සිටින්නක් මිස බුද්ධිමය මැදිහත්වීමක් කරන්නක් නොවන බව කිව යුතු නොවේ ද ?
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් මේ වන විට පවත්වා ගෙන යන ප්‍රමුඛත ම ක්‍රියා දාමය ‘රැග්’ නැති නම් ‘නවක වදය’ ලෙස හැඳින්විය හැකි ය. නවක වදය සිදු කරන්නේ ඇයි ? එය කා වෙනුවෙන් ද ? යන ගැටලුව අද දවසේ විද්‍යාර්ථයින්ට ද තාර්කික පිළිතුරක් ගොඩ නැඟිය හැකි ද? ඒ සඳහා ඔවුන්ගේ පිළිතුර වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එය පවත්වා ගෙන යන බව යි. එමගින් විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොදු නාරටිය නවක වදය හා බැඳී පවතින බව පැහැදිලි ය. එනිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතික ගුණාංග ආරක්ෂා කිරීමට පෙළ ගැසෙන විද්‍යාර්ථයින් එය සටන් පාඨයක් කර ගනිමින් හා එය නියෝජනය කරමින් එයට ආත්මීයව බැඳී සිටියි. දැන් අපට නවක වදය දෙන්නේ ඇයි? යන ප්‍රශ්නයට යම් පමණක සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී ඇත. එනම් නවක වදය උප සංස්කෘතිය රැක ගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන්නක් බව. අපට අසනන්ට වන ඊළග ප්‍රශ්නය, “උප සංස්කෘතිය පවත්වාගෙන යා යුත්තේ ඇයි?” යන්න යි. විද්‍යාර්ථයින්ට ඊට තාර්කික පිළිතුරක් ලබා දිය හැකි ද?
පෙර කළ කී දෑ කාලය හා අවකාශීයත්වය පිළිබද අදහසක් නොමැති ව ඒවා එලෙස ම පවත්වා ගෙන යනවා යනු එහි ඇත්තේ ඇදහීම හා ආධනග්‍රාහීත්වය යි. මෙහි දී ලොව සියල්ල තාර්කිකත්වයට ඌනනය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ නැත. නමුත් සිදු වන්නේ විශ්වවිද්‍යාලය තුළ නූතනත්වය ප්‍රකාශමානවීමට ඇති ඉඩ හකුලා දැමීම යි. පවතින තත්වය එලෙස ම පවත්වා ගැනීමේ ඇදහිලි සම්ප්‍රදායට අද විශ්වවිද්‍යාල උප සංස්කෘතිය නඩත්තු කරන්නෝ පැමිණ තිබේ. පැහැදිලිව හා ඉතා ඕනෑ කමින් කිව යුතු වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් අනවශ්‍ය බව මෙයින් යෝජනා නොකරන බව යි. විශ්වවිද්‍යාල තුළ උප සංස්කෘතියක් පවත්වා ගෙන යන්නේ නම් එය මහා සංස්කෘතියේ ජරා ජීර්ණත්වයට වඩා යහපත් තලයක පැවතිය යුතු ය. ඉතා සහෝදරත්වයෙන් කියන්නේ නම්, විය යුත්තේ පවතින සමාජයට එරෙහි විකල්ප අවකාශය විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කිරීමයි.
මේ සඳහා කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබද අදහස සළකා බලමු. මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය යනුවෙන් නම් කරන්නේ පවත්නා සමාජ අවස්ථාවක් එම ආකාරයටම පැවතිය යුතු යැයි කියා විශ්වාස කිරීම යි. මේ සමාජය, මේ සමාජ ක්‍රමය, මේ ආකාරයට ම සකස් වීම සඳහා අපට පරම වූ හේතුවක් ලබා දිය හැකි වන්නේ ද? මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය ලෙස නම් කළ හැක්කේ මේ ප්‍රශ්නයට ‘ඔව්’ කියා ලබා දෙන පිළිතුරු වෙයි. සත්‍ය වශයෙන්ම ඕනෑ ම සමාජ අවස්ථාවක් පැහැදිලිව පෙනෙන හේතුවකින් තොරව සිතා ගත නොහැකි ආකාරයකට වෙනස් විය හැකි වේ. අනාගතවාදී දේශපාලනය පදනම් වන්නේ මෙම දැනුම මතයි. තරමක් සරල ලෙස කියන්නේ නම් මේ සමාජ වෙනස් වීම අවබෝධ කර නොගන්නෝ අද දවසේ දේශපාලනය තුළ පරාජය ලබන්නෝ වෙති. කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස අප විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය වෙත ආදේශ කළොත් අපට පැමිණිය හැකි නිගමනය කුමක් ද?
අප විශ්වවිද්‍යාල පද්ධතියෙන් අපේක්ෂා කරන්නේ පවතින තත්ත්වය වෙනස් කරන රැඩිකල් නැඹුරුවකි. අප ඉහත විස්තර කළ උප සංස්කෘතිය විසින් සීමා කෙරෙන්නේ ශිෂ්‍යයාගේ රැඩිකල්බව නොවේද? අප ජීවත් වන ව්‍යාජ ලෝකයේ නැතිනම් වෙළඳපළ විසින් තීරණය කරනා මේ ව්‍යාජ පැවැත්ම තුළ අව්‍යාජ පැවැත්මක් ලෙස පවතිනවා යන්නෙහි ඇත්තේ ඔහු පවතින ක්‍රමය වෙනස් කරනවා හෝ එයට අනුගත නොවනවා යන අදහසයි. එබැවින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා අතින් රැඩිකල් ලෙස මග හැරී ගොස් ඇත්තේ මේ ඓතිහාසික කාර්ය භාරය නොවේ ද? විශ්වවිද්‍යාල තුළ පවතින ආගමක් බදු උප සංස්කෘතිය එලෙස ම භාරගන්නා අයෙක් සමාජය හමු වේ මහා සංස්කෘතිය වෙනස් කරන්නට උත්සහ කරයි ද? විද්‍යාර්ථියා දූපත් මානසිකත්වයකින් සමාජයට හා අභිමුඛ වන විට, අද සමාජයේ පවතින ධනවාදී යාන්ත්‍රණය තව දුරටත් ප්‍රශ්න කිරීමකින් තොරව භාර ගන්නවා හැරෙන්නට විද්‍යාර්ථියාට වෙනත් මාවතක් හමු වන්නේ නැත. අද දවසේ පවතින ධනවාදී ආධිකාරීත්වය ඉල්ලා සිටින්නේ ද පවතින තත්වය ප්‍රශ්න කිරීමකින් තොර ව භාර ගන්නා කීකරු විද්‍යාර්ථයින් පිරිසක් මිස නවක වදය හා උප සංස්කෘතිය උඩු යටිකුරු කරන රැඩිකල් තරුණ පිරිසක් නොවේ. නවක වදය එදවස ධනවාදය එරෙහි ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිය ද අද සිදු වෙමින් තිබෙන්නේ එය ධනවාදයට සේවය කරන ධනවාදයේ ආගමිකත්වය, ආධනග්‍රාහිකත්වය හා බෙලහීනතාවය නඩත්තු කරන ආගමික කාඩර්වරුන් නිර්මාණය කරන අසීමාන්තික තකතීරු විභවයකි.
තවත් අර්ථයකින් සංස්කෘතිය යනු පාරිභෝජනය පිළිබඳ අදහසකි. එහි සියළු අඩංගුවන් පාරිභෝජනය වෙත දිශානත වී ඇත. අප දන්නා සරල අර්ථ කථනය අනුව සංස්කෘතිය යනු භාෂාව, ආගම, පාලන තන්ත්‍රය, ඇදහිලි, සිරිත් විරිත්…… වේ. මේ සියල්ල පාරිභෝජනය දරා සිටිනවා සේ ම සංස්කෘතිය ද නියෝජනය කරයි. මෙම පාරිභෝජනය වෙනස් වන වේගයෙන් සංස්කෘතිය ද වෙනස් වේ. නැවත අසන්නට ඇත්තේ මේ අර්ථයෙන් උප සංස්කෘතිය යනු වෙනස් නොවන අංගයක් ද? විශ්වවිද්‍යාල උප සංස්කෘතික නියෝජිතයින් එය වෙනස් නොවන දෙයක් ලෙස වටහා ගෙන සිටියි. තව තවත් පැහැදිලි වෙන ලෙස කියන්නේ නම් සංස්කෘතියක් නිර්මාණය වන්නේ අවශ්‍යතාවයක් පදනම් කර ගෙනයි. එහි දී යම් යම් වකවානුවල අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදන වුණු නොයෙක් සම්ප්‍රදායන් එම සමාජයේ එම අවශ්‍යතා අතුරුදහන් වී ගිය කල ඒවා නැවත නැවත ඇදහීම හෝ පවත්වාගෙන යාම වටිනා දෙයක් සුරැකීමක් ලෙස අප භාරගත යුතු ද?
විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ තවත් සංකීර්ණ ගැටලුවක් වන්නේ ස්ත්‍රීත්වය ඇඳ දමා ඇති ආස්ථානය යි. ස්ත්‍රිය දෙවනු කොට සැළකීම, නායකත්වය ස්ත්‍රියගෙන් විතැන් කිරීම, උක්ත නවක වදය තුළ ඇයට හා පුරුෂයාට එකිනෙකාට වෙනස් තත්ත්වයන් ගෙන් නවක වදයට ලක් කිරීම, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සිදු වෙයි. ඇය විශ්වවිද්‍යාලය තුළ අත් විඳින පීඩාව අද මහා සමාජයේ දී වත් ඇයට මුණ ගැසෙන්නේ නැත. තරමක් කර්කශ ලෙස කියන්නේ නම් අද දවසේ ආගමික සංස්ථාව තුළ හැරුණු කොට වැඩිම ස්ත්‍රී පීඩිත සංස්කෘතික අවකාශය පවතින්නේ විශ්වවිද්‍යාලය තුළ යි. නැවත වෙනත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල යනු අද දවසේ ආගමික ස්ථානයක් හැර අන් තැනක් නොවේ.
ප්‍රංශ දාර්ශනික අලෙන් බදියු මනෝරම්‍ය ලෙස කියා සිටින්නේ අද දවසේ තරුණයා විද්‍යාව, කලාව, දේශපාලනය හා ආදරය නියෝජනය කරනා පැවැත්මක් විය යුතු බව යි. ඔහුට අනුව තරුණයා යනු සමස්ත ලෝකයේ ජීව ගුණය ආරක්ෂා කරන කොදු නාරටිය වේ. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු අද සමාජයේ ආධිපත්‍යය දරනා තාක්ෂණය වෙනුවට විද්‍යාවේ නවීනත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවා යනු පවත්නා බලාධිකාරයන්ගේ ආධිපත්‍යයට එරෙහිව පොදු මානව විමුක්තියේ විභවයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ආදරය වෙනුවෙන් පෙනී සිටිනවා යනු කාර්මිකකරණය වූ ලිංගික භාණ්ඩවලට එරෙහි ව ආදරයේ අදහස වෙනුවෙන් පෙනී සිටීමයි. මේ සියල්ලට වඩා, කලාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු, සංස්කෘතිය නම්, අප සියලු දෙනාට ස්වභාවයෙන් උරුම වන, අර්ථ විරහිත සාමූහික හැසිරීම වෙනුවට සෑම විට ම විශ්වීය වූත්, නවීන වූත් කලාවේ නිර්මාණශීලී චින්තනය වෙනුවෙන් පෙනී සිටීමයි. එම අර්ථයෙන්, ‘උප සංස්කෘතිය රැකගැනීම’ පිළිබඳ සටන් පාඨය, බෙහෙවින් ගැටලුකාරී එකක් ලෙස හඳුනා ගැනීමට හැකි වීම වැළක්විය නොහැක. විශ්වවිද්‍යාල විද්‍යාර්ථ ප්‍රජාව ධනවාදී අර්ථයෙන් යාවත් කාලීන විය යුතු යැයි අප යෝජනා නොකරමු. අපට අවසන් වශයෙන් කියන්නට ඇත්තේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යයක්ෂ බේලා තාර් වරක් ප්‍රකාශ දෙයයි. යමල්ලා! රැඩිකල් වෙයල්ලා! විප්ලවීය වෙයල්ලා!

උපුටා ගන්නා ලදී.....!!!

තප්පරක් නැවතිලා කියවලා පලයන්..

ධනයට කුළයට උගත්කමට පංතියට...
ආඩම්බරයෙන් ගලපන්න දෙමාපියන් .....
මගේ අත බැන්දූ ස්වාමිපුරුෂයා සමග දවසක්..
ඔහුගේ වාහනයෙන් ගමණක් යනකොට...
ටයරයක් පුපුරාගෙන වාහනේ නැවතුනා...
''ටයර් එක මාරු කරගමු මම කීවා ඔහුට,
පිස්සුද කවුරු හරි අදුනන කෙනෙක් දැක්කොත්...
මගේ තත්වේ ඉවරයි මං ඕක මාරු කරොත්...
මේ හරියේ මිනිස්සු ෂුවර් නෑ වාහනේ මෙතැන දාලා ගියොත්..
කෑලි හොයන්නත් බැරිවෙයි
මං කියන්නද
ඉස්සරහට ඔයා ගිහින්..
කවුරු හරි හොයාන එන්න වාහනේ තනි කරන්න බෑ...
මට අසරණ කමක් දැනුනා පාරේ ඇවිදන් යනකොට ..
මතක් වුනා ඉස්සර මං ආදරෙන් බැදිච්ච ''රස්තියාදු කාරයාගේ බයික් එක..
එයාගේ එකම වස්තුව බැනුම් අහගෙන මගෙන් නෝක්කාඩු අහගෙන..
ගෙදරට හොරා මාවත් දාගෙන පාරවල් දිගේ යන්න ආසා කරපු හැටි..
දවසක් යනකොට බයික් එක නැවතුනා ''පෙට්රල්'' නැතිව...
අපි තල්ලු කරන් යමු මං කීවා.... බෑ....ඇයි ඒ....
පෙට්රල් නැති බයික් එකක් තල්ලු කරන පෙම්වතියක් කරන්න මට බෑ..
මං හිනාවුනා ...එහෙනම් ඔයා හොයාන එන්න මං ඉන්නම් ...බෑ...ඇයි..
ඔයාව මහ පාරේ දාලා යන්න බෑ..
මං හිනාවුනා..
එහෙමනම් ඉතිං...
මං යන්නද...බෑ... ඒ ඇයි වදේ...
ඔයා නොදන්න පාරක අතරමං උනොත්..
කවුරු හරි අරන් ගියොත් මං මෙතැන ඉදලා මොකටද...
මං හිනාවුනා..
අපි දෙන්නම යමු බයික් එක නැති වුනත් ඔයා නැතිකර ගන්න බෑ...
පුහු තත්වය උජාරුව රැකගන්න ස්වාමියෙක් වෙනුවෙන් මං ඇවිදින කොට..
මට රැක ගන්න බැරිවෙච්ච මං වෙනුවෙන් කැපවෙච්ච ආදරය...
මගේ මතකයෙන් ඇදලා එලියට මගේ හිත..
හොද වැඩේ උඹට යැයි කියනවා වගේ..
ඔච්චම් කරනවාද මංදා...

දැනුනද එදා උඹට කරපු අහිංසක ආදරය.....!!!