එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

විනාඩි දෙකක් අරන් කියවලා යන්න..



" අනේ අයියේ දැන් ඇති නේ තරහා වෙලා හිටියා..කතා කරන්නකෝ මාත් එක්ක.. ""අනේ සෙනූ මේහ්.. නිකන් බොරුවට හුරතල් වෙන්න හදන්න එපා බබෙක් වගේ.. "" හරි දැන් ඔයා මොකටද ඔය තරහා වෙලා ඉන්නේ...? ""තරහා... තරහ නෙමෙයි... තමුසේ මොකද එන්න පරක්කු උනේ.. ? ""ඕකටද ඔයා ඔය තරහා වෙලා ඉන්නේ... අනේ අයියේ.. මං කිව්වෙ ඔයාට මට ගෙදරින් එන්න චුට්ටක් පරක්කු උනා.. අම්මට සනීප නැති උනනේ අදත්.. ""ඔව් ඔව් දැන් ඉතින් බොරු හද හද කියනවා මං කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා.. කවුද දන්නේ වෙන එකෙක් එක්ක ඉදලා ආවද කියලා "" අ..නෙ..හ්.. ඇ.. ඇයි අයියේ.. ඔයා මට මෙහෙම ක්.. කතා කියන්නේ.. ඔ.. ඔයාට මාව අ.. අවිශ්වාසද? මට මගෙ සුදු අයියා ඉන්දැද්දී වෙන කවුරුත්මොකටද දෙයියනේ .."වැලහින්නක් වගේ හොටු බේර බේර සෙනූ අඩන්න ගත්තා... පුංචි දුකක් වත් මගේ හිතට දැනුනෙ නෑ .. මේ කරදරෙන් බේරෙන්නයි මට ඕනේ.."සෙනූ ඒපාර ටැප් එක ඇර ගත්තද? මට මෙතන ලැජ්ජා කරන්නද ඕනේ? "වට පිට බල බල කෙල්ල කදුලු පිහිදගත්තා.." මං ගිහින් එන්නම් අයියේ.. "" මොකද්ද හදිස්සිය? පැයක් දෙකක් ඉන්න පුලුවන් කියලා නේද කිව්වේ? ඇයි මොකෝ තව එකෙක් එනවා කිව්වද කොහෙට හරී?"" ඔයාට ලැජ්ජයි නේ මං ඉන්නකොට.. ම... මං කවදා වත් මගේ අයියට ලැජ්ජා කරන්නේ නෑ .. ඔයාට වරදක් කරන්නෙත් නෑ .. මේ හිතේ ඉන්නේ ඔයා විතරයි මගේ අයියේ.. පරිසමෙන් ගෙදර යන්න.. බුදුසරණයි.. "කදුලු පේලි දෙකක් කම්මුල් දිගේ බේරෙද්දි පුරුදු විදියටම සෙනූ මට දණ ගහලා වැන්දාසෙනූ මේ රටෙ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා මං තමුසෙට හැමදාම කියනවා.********************************" සෙනූ තමුසේ පැයක් තිස්සේ ඔන්ලයින් ඉදගෙන මොක්ද කරන්නේ... "" ආහ් අනෙ නෑ අයියේ.. මට ඒකෙන් ලොග් අවුට් වෙන්න බැරි උනා.. ඔන්ලයින් පෙන්නුවට මං හිටියේ නෑ මං අම්මා ලග හිටියේ.."අනේ නිකන් බොරු නොකියා ඉන්නවා සෙනූ මාව තම්බන්න තමුසෙගෙ ගොරකා මදි එක එක එවුන් එක්ක චැට් කර කර ඉදලා එනවා මෙතන බොරු කියන්න"අනේ ඇත්තමයි අයියේ... මං කාත් එක්කවත් කතා කලේ නැහැ.. කතා කරන්න මං හිටියෙත් නෑ .. ඇත්තමයි මගෙ අම්මා පල්ලා අයියේ""මේ සෙනූ මේහ් ඒ වයසක ගෑනිව බිල්ලට නොදී ඉන්නවා.. ""අ.. අයියේ... ඒ.. මගේ අම්මා..."" ඉතින් මං දන්නවා හලෝ"" අයියේ අම්මා කතා කරනවා මං තියන්නම්.."" ඔව් යනව යනවා දැන් අනිත් එවුන්ට රිප්ලයිකරන්නත් එපැයි.."මේකිට මාව එපා වෙන්නේ නැති හැටි... කොච්චර කලත් කූඩැල්ලා වගේ එල්ලි එල්ලි එනවා මගේ කරුමේ..අවුරුදු 4 ක් දැන් මේකට. ඒත් පහුගිය අවුරුදු 2 ක්ම කලේ සෙනූ මගෙන් කතන්දර අහගත්ත එක.අනිත් ඒව වගේ මේකත් පටන් ගත්තේ ජොලියට මාසෙකින් දෙකකින් අතාරින්න.. ඒත් මොන කරුමෙකටද මන්දා සවීනව හම්බවෙනකන් මට මේක අතාරින්න අමතක වෙලා.. අවුරුදු 2 ක්ම ගිහින් මට දැනුනෙත් නෑ .සවීනා.. පට්ට.. මේ පරඩැල වගේ නෙමෙයි.. පට්ට ෆිගර් එක.. අම්මේ.. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවාඑදා ඉදන් මට ඕනේ උනේ මේ මල කරුමෙන් නිදහස් වෙන්න.. ඒත් මං මේ ගෑනිගේ පූරුවේ ණය කාරයෙක්ද කොහෙද පස්සෙන්ම එනවා. තවත් බලන්හිටියොත් මට සවීනව මිස් වෙනවා. මෙ ගෑනිට ඕන මගුලක් නටා ගන්න කියලා මං සවීනා ගෙන් අහනවා..එහෙම හිතුවේ මීට අවුරුද්දකට විතර කලින්..දැන් මගේ ලෝකේ ඉන්නේ සවීනා විතරයි..සෙනූත් එක්ක පන්සල් පල්ලි වල ගෙවිච්ච මගේබෝරින් ලයිෆ් එක ලස්සන කලේ සවීනා .. මේ ගෙවිච්ච අවුරුද්දට සවීනගේ මං නොදැකපු අගලක් නැති තරම්..ඒකට අර ගෑනි.. මගේ අතින් අල්ලන්නෙත් බයෙන්.********************************" වර්ශ මට සල්ලි ටිකක් ඕනේ.. "" ඒ මොකටද වස්තූ"" දෙන්න බැරිනම් බෑ කියන්න අනං මනං අහන්නැතුව"" හරි හරි බෑ කිව්වෙ නැහැනේ.. හදිස්සිද... ගිය මාසේ සැලරි එක නම් ඉවරයි කෙල්ලේ.. තව දවස් දෙකක් දෙනවද මට ""වර්ශ මට සල්ලි ඔනේ දැන් මිසක් තව දවස් දෙකකින් නෙමෙයි.""ආහ් .. ම්... මං මොකක් හරි කරන්නම්කෝ.. හවසට එනවනේ ඒවෙලාවට දෙන්නම්.. "-------------------------------හෙලෝ..සුදු අයියේ ඇයි මේ හදිස්සියෙම..හදිස්සියක් නෑ සෙනූ.. නිකන්.. මට ඔයාව මතක් උනා.ආ.. මං බය උනා එත් මේ අවේලාවේ කෝල් කරනකොට..ආ. නෑ සෙනූ නිකන්..ඔයා මොකක් හරි ප්රශ්නෙකද අයියේ ඉන්නේ.. ?එහෙමත් එකක් නෙමෙයි සෙනූ මේ පොඩි සල්ලි ප්රශ්නයක්..ඇයි අයියේ ලොකු ගානක්ද?න්.. නෑ නෑ සෙනූ මේ 10 ක් විතර..කෙල්ල මගේ ගැටේට අහුවෙන්නයි යන්නෙ..ම්... මං ලගත් එචරනම් නෑ අයියේ 7 ක් විතර මදිද..ම්..හ් කමක් නෑ සෙනූ ๬ ඉතුරු ටික මං මොක්ක් හරි කරගන්නම්කෝ..එහෙනම් මං හවසට එන්නද?ආහ් මේ නෑ සෙනූ.. හවසට එපා.. දැන් ගෙනත් දුන්නන්ම් හරිහරි මං එන්නම් අයියේ බුදුසරණයි ..-------------------------------හදිස්සියක් උනොත් අම්මට බෙහෙත් ගන්න කියලා එකතු කරපු සල්ලි.. කම්ක් නෑ අයියටත් හදිස්සියක් නේ..මගේ අතට සල්ලි දෙනගම්න් සෙනූ කිව්වෙ එහෙමගිය මාසෙටත් වඩා ඒ කෙල්ල තවත් ඇදිලා ගිහින්..මේ වගේ කෙල්ලෙක් එක්ක මං ඉන්නවා ඔෆිස් එකේ එකෙක් දැකොත් මාව බයිට් කරලම විනාස කරයිහරි සෙනූ මං යන්නම් ශෝට් ලීව් එකක් දාල ආවේ..බොරුවක් කියලා කොහොම හරී ශේප් කරගත්තා.. නැත්තන් ඉතින් තව පැයක් දෙකක් විතර ඉදියිඇගේ වෙලි වෙලි.." හේයි ස්වීටී .. ඔන්න සල්ලි නම් හරී ඔයා එන්නෙ කීයටද?"ආ.. බබා මං මේ මග එන ගම්න්..හැබැයි කෙල්ලෙ 7 යි තියෙන්නේ.. මේ දවස් වල රිම් එකෙන් බබාවට්...?? ඔයා ලග එච්චර පොඩි ගානක් වත් නැද්දවර්ශ? ශිට් ඔය දෙකයි පනහ ගන්න මං මෙච්චර දුර ආපු එකත් පාඩුයි..හරි හරි බබා.. තව දවස් දෙකක් ඉන්න පුලුවන් නම් 10 ක් නෙමෙයි 20 ක් උනත් දෙන්න පුලුවන්හරි හරී ඒක එදාට ගමුකො.. මං පහල ඉන්නේ ඕක ඇවිත් දීල යන්න.****************************පැයක් විතර ගෙව්නා.. ඔෆිස් එකේ එකෙක්ගෙ බර්ත් ඩේ එකක්.. ගිෆ්ට් එක ගන්න යන්න උනේ මට.බයික් එක නැවත්තුවේ හවුස් ඔෆ් ෆැශන් එක ඉස්සරහා..ගන්න හොද ශර්ට් එකක් හොය හොය මං වටේ ඇවිද්දා.සයිඩ් එකෙන් වගේ හිටියේ කපල් එකක්. උන් දෙන්නටනම් විනයක් කියලා එකක් තිබ්බෙම නෑ.ලාවට වගේ පෙනිච්ච ඒ ඇදුම මට හොදට හුරුයි.. ආයෙමත් හැරිලා බැලුවේ කවුද කියලා..ඇස් දෙක ඉස්සරහා හෙන දාහක් පුපුරලා ගියා වගේ.." සවීනා තමුසේ..? මගෙන් සල්ලිත් ඉල්ලන් ඇවිත් මෙතන එක එකා එක්ක මගුල් නටවද?උන්හිටි තැනුත් අමතක වෙලා මං ශොප් එක මැදම කෑගැහුවාඔහ්.. වර්ශ ප්ලීස් තමුන් වගේ දෙකයි පනහේ මිනිහෙක් එක්ක මට කිසිම සම්බන්දයක් නෑ .. මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා.ලෙට්ස් ගෝ හනී.. අයි ඩෝන්ට් වෝන්ට් එනි තින්ග්.. දිස් ස්ටුපිඩ් වැනිශ්ඩ් මයි මූඩ්.. ඉඩියට් මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා යද්දී සවීනා ඒ කොල්ලගේ අතේ එල්ලිලා යන්න ගියා..********************************ඔහ් ගෝඩ් වර්ශයා..ඊට සති දෙකකට විතර පස්සේ ටවුන් එකේදි මගේ බොක්ක සෙට් උනා..කොහොමද බන්..තාමත් සවීනා මගේ හිතේ හොලම්න් කරන නිසා හිනා වෙලා කතා බහ කරන්න මට සිහියක් තිබ්බේ නෑ ..මං මේ උබව හම්බවෙන්න එන්න කියලමයි හිටියේඒමොකද බන්උබ දන්නවනේ අපේ ඩැඩී දැන් මහරගම ඉන්නේ.. මොකක් හරි උදව්වක් ඕනේ නම් හංගන් ඉන්නැතුව කියහන්.මොකටද බන්?මට හංගන්න දෙයක් නෑනෙ වර්ශයා.. බලහන් උබ මගේ බොක්ක වෙලත් නෙතූ කියනකන් මං මේ මුකුත් දන්නෙ නෑ ..කියන මගුලක් තේරෙන්න කියපන් බන්..දැන් එතකොට උබ කියන්නේ සෙනූශගේ සිටුවේශන් එක ගැන උබ දන්නේ නෑ කියලද?මදුකයගේ කටින් සෙනූ ගැන පිටවෙනකන් ගිය සති දෙක පුරාවට මට එයාව අමතක වෙලයි තිබ්බේ..වෙනදටනම් බැනුම් අහ අහා හරි සෙනූ දවසට මැසෙජ් තුන හතරක් වත් එවනවා.. ඒත් ඒ සති දෙක පුරාවට එයාගෙන් එක මැසෙජ් එකක් වත් ආවේ නෑ නේ..ම්.. මොකක්ද බන් සිටුවේශන් එක?එතකොට උබ කියන්නේ සෙනූශට බ්ලඩ් කැන්සර් එකක් කිය්ලා උබ දන්නෙ නෑ ?මට දැනුනේ මුලු ලෝකෙම මගේ වටේ කැරකෙනවා කියලා-----------------------------සවීනගේ ද්රෝහී කමත් එක්ක සවීනවයි සෙනූවයි තරාදියකට දැම්මොත්..දෙයියනේ.. බර වැඩි සෙනූගේ පැත්ත.. මං මෙච්චර කල් පන්නගන්න හදපු ඉවරයක් නැතුව රිද්දපු ඒ කෙල්ලගේ පැත්ත..ඒ අසරණ මූණ මට මැවි මැවී පේන්න ගත්තා.ම්.. ම්.. මං යන්න ඔනේ සෙනූව බලන්න.... මං යන්න ඕනේ.. හදිස්සියෙම ඇතිවෙච්ච අදහසකට මං බයික් එකට නැග්ගා.සෙනූ ආසම pooh ට.. අවුරුදු ගානක අතීතේ අවුස්සලා මං මතක් කලා.. මගදි මං ලොකු pooh කෙනෙකුයි ලස්සන රෝස මලකුයි ගත්තා..සෙනූගේ ගෙවල් කිට්ටු වෙනකොට මට දැනුනේ අමුත්තක්.මගේ ඇස් මං විශ්වාස කලේ නැහැ ..සෙනූගේ ටෙඩියවත් අරන් මං කඩාගෙන ගියේ ගේ ඇතුලටනෑ .. නෑ න්.. නෑ ඒක වෙන්න බෑ..ගෙයි මැද්දට වෙන්න තිබ්බ ලොකු පෙට්ටිය ඇතුලේ හිටියේ මට අවුරුදු ගානක් ආදරේ... කරපු සෙනූ..න්.. නෑ .. නෑ නෑ .. සෙනූ නැගිටිනවා... තමුසෙට මෙහෙම කරන්න බෑ මට...නැගිටිනවා සෙනූ.. බොරු කලා ඇති හොදටම නැගිටිනවා..ඒ පෙට්ටිය බදාගෙන පැය ගානක් මං අඩන්න ඇති..ඒත් සෙනූ නැගිට්ටේ නෑදෙයියනේ සෙනූ නැගිටපන් කෙල්ලේ... උබෙ සුදු අයියා ආවා... නැගිටප...න් ....අන්තිම මොහොතෙත් ඒ සීතල කකුල් දෙක අල්ලන්මං කෑගැහුවා.. මදුක ඇවිත් මාව පැත්කට අරන් යනවා මතකයි මට..හැමදේම ඉවර වෙලා සෙනූගෙ අම්මා ආවේ මං ලගට..ආයෙමත් පැය ගානක් අම්මයි මායි අඩන්න ඇති..මේක දෙන්න කිව්වෙ මගෙ කෙල්ල පුතේ.. අන්තිම මොහොතෙත් බලන් හිටියා එයි කියලා. ඒත් ඉතින් වෙන රටක ඉදන් එහෙම ඕන ඕන වෙලාවට එන්න බෑ කියලා කෙල්ලම තමයි කිව්වේ.කියපු දේ නොතේරුනත් මං අම්ම දුන්න කඩදාසිය දිගෑරියා..සමාවෙන්න සුදු අයියේ.. දාලා යන්න හිතුවේ නෑ මන් කවදාවත් ඔයාව.. ඒත් මට දැන් යන්න වෙලා. අනේ මට බනින්න එපා.. මගේ උවමනාවට නෙමෙයි යන්නේ..මං කවදාවත් ඔයාට වරදක් කරලා නෑ අයියේ.. පොරොන්දු වෙනවා මං ඔයාට... මට හිටියෙත් ඉන්නෙත් මගෙ සුදු අයියයි මගේ අම්මයි විතරයි..මං ඔයාට කියලා තියෙන්නෙ එකම එක බොරුවයි අයියේ... කවදාවත් මගෙ අම්ම අසනිපෙන් හිටියෙ නෑ.. අසනිපෙන් හිටියේ මමයි.. ඒත් ඒව කියලා ඔයාට දුකක්දෙන්න ඔනේ උනේ නෑ මට සමාවෙන්න.... මං නිසා ඔයාට ගොඩක් ලැජ්ජා වෙන්න උනා නේද.. ඒකට මට සමාවෙන්න සුදු අයියේ..... අම්මලා ඔයාට දොස් කියයි කියලා මං අම්මට කිව්වා ඔයා ලංකාවෙ නෑ කිය්ලා.. එක එහෙම්මම කියන්න අයියේ..අද නම් ඔය කකුල් දෙක ලග වැටිලා වදින්න විදියක් නෑ මහත්තයෝ... නැගිටගන්න වත් බෑ මටඅද.. සමාව දෙන්න මේ පිස්සිට ආදරෙයි මහ හුගක්... ඒත් මේ ලෙඩ කෙල්ලව අමතක කරන්න.. මගෙ සුදු අයියට මට වඩා ලස්සන කුමාරිකාවක් වගේ කෙල්ලෙක් ලැබෙයි සවීනා වගේ..නවතින්නම් සුදු අයියේ මහන්සි මට ගොඩක්... මං ඔයාගේ සෙනූ...ඒක කියවලා ඉවර වෙනකොට මට දැනුනේ මගෙ හදවත කෑලි වලට කැඩිලා වගේ .ආයෙමත් ඒ කඩදාසිය පෙගෙනකන් මගේ කදුලු ඉවරවෙනකන් මං ඇඩුවා..සමාව දියන් සෙනූ මේ පව් කාරයට...නිමි.ස්තූතියි .."ඔබට සතුටක් වන ක්‍රියාවක් තවකෙකුට දුකක්නම් එය තව දුරටත් සතුටක් නොවනු ඇත."
උපුටාගැනීමකි..

No comments:

Post a Comment