එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

මගේ ආදරේ.....

මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම්
මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් නැ යලි අරන්
මම ආදරෙයි රත්තරන් 

අහම් බෙන් ඇවිත් ලං වෙලා
වෙනස් කලා මගේ ජිවීතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුනොත් සොවින්

හීන් ඇස් වලින් බල බලා
මතක් කලා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුනොත් සොවින්

ආදරේ... තරම

girl---   අපි මේ සම්බන්දෙ නවත්වමු

Boy----  ඒ... ඇයි එක පාරටම

Girl----   මන් අසනීපෙන් hospital ඉදපු එකදවසක් වත් ඔයා ආවද මාව බලන්න මන් ඇස් රිදෙනකම් බලා ඉදිය, අඩු තරමෙ ඔපරේෂන් එක දවසෙවත්.
Pls මගෙන් ඈත්වෙන්න
මෙහෙම ආදරයක් මට වැඩක් නෑ.

පසුව ලියමි...
-------------------------------------------------------

රෝහලේ නුඹ බලන් ඉන්නැති
නෙත් ඔබේ  මගෙ රුව සොයන්නැති
ඒත් කෙලෙසක ලගට එන්නද
මමත් සිටියේ ලෙඩ ඇදේ

නෙත්වසා මරුවා සමග ඔබ
දවස් ගනනක් සටනෙ උන්නා
බලා ඉන්නට නොහැකි තැන මම
ඔබට මගෙ වකුගඩුවක් දුන්නා

අඩපණව ගියමුත් මගේ ගත
හැම විටම නෙතු ඔබව සෙව්වා
රහසක්ය මෙය ඔබට නොකියන
ලෙසට මම සැම දෙනට කිව්වා

යා යුතුයි නම් මගේ සෙවනින්
තහනමක් නෑ පිටව යනු මැන
හුස්ම ගන්නා වරක් පාසා
මගේ පෙම යලි සිහිකරුනු මැන


සමීර මදුසංක.....

පිටකොටුවේ කෙරුවාව... විමර්ෂණගත වාර්ථාව

1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees) කියූ බවයි.
අද ඉතා ජනාකීර්ණ ගොඩනැඟිලි බහුල ගෙන්දගං රස්‌නය දෙන කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ වුවද එදා පිටකොටුව සහ කොළොංතොට ආශ්‍රිත පරිසරය ඉතා සිත් ගන්නා සුලු මනරම් මල් වත්තකින් තණකොළ පිට්‌ටනියකින් සහ වැවකින් සමන්විත විය.
එවකට කෝට්‌ටේ රජවූ 8 වැනි පරාක්‍රමබාහු රවටා ගසා ගත් වංචනික ගිවිසුම මත පෘතුගීසීන් තම බලකොටුව සහ ආධිපත්‍යය මේ වරාය සහ ඒ අවට පුරාත් මුහුදුබඩ තීරයේත් පතුරාගත් අතර කොළොංතොට කොළඹ හෙවත් කළම්බු ලෙස නම් කළහ. කොටුවෙන් පිට ප්‍රදේශය පිටකාටුව ලෙස සිංහලුන් අමතන්නට වූ අතර ඉන්දියාවේ කේරළයෙන් මෙහි පැමිණි වෙළෙන්දන් ඔවුනගේ රටේ තිරුවනාපුරම් නගරයට ආසන්න කෝලම් වෙරළට ආසන්නයේ ඇති පෙටා නැමැති කුඩා වරාය සහ නගරය සිහිවන්නට මෙම පිටකොටුවට පෙටා කියා නම් තැබීය. පෘතුගීසීන් මෙන්ම පසුව 1656 දී ඔවුන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන්ද මෙම පෙදෙස වෙළෙඳ කලාපයක්‌ බවට පත් කරගත් අතර ඔවුහු අප රට තුළ වවන්නට ආරම්භ කළ කුරුඳු, පොල්, රබර් වැනි දේ නැව් ගත කිරීමට කොළඹ වරාය භාවිත කළහ.
1796 දී ඉංග්‍රීසීන් විසින් කොළඹ අල්ලාගත් අතර ඔවුන් 1815 දී උඩරට රජුන් සමග ගැසූ ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුනගේ අගනුවර ලෙස නම් කරන ලදී. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක්‌ බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දමිළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගැවසෙන බහු ජන කලාපයක්‌ බවට පත්විය.
තම නිෂ්පාදන සහ කෘෂි ද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණණ පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සීතාවකින්, සබරගමුවෙන්, ඈත රුහුණෙන් ගැල් සහ තවලම් පිටින් ගැමියෝ සහ කුලී කරත්තකාරයෝ කොළඹට ඇදී එන්නට වූහ. එසේ එන මිනිසුන් තම ගැල් නිදහස්‌ කොට ගවයන් දිගේලි කර ගිමන් හැරියේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එහි පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම් තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් ඔවුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ දිගාවී විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ සුද්දියන්ගේ රැඟුම් මෙන්ම ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාගඩම් නාටක රසවිඳිමින් සිටි බව පැරණි වාර්තාවල සඳහන්වේ. එකල එංගලන්තයෙන් නැටුම් කණ්‌ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස්‌ කණ්‌ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මල්වත්තේ සහ තණ පිට්‌ටනියේ තම සෙල්ලං පෙන්වා ඇත. අදටත් මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. ඇස්‌වාට්‌ටුව අසළ ඇති දවටගහ පල්ලිය අයත් භූමියේ එදා ඒ විශාල දවටගහ පිහිටා තිබුණි. කුණු කසළ එක්‌ව අද අපිරිසිදුවට ජරාවාසයට පත්වී ඇති බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ සුනිල දියදහරක්‌ හා ගිමන නිවන ජල තටාකයක්‌ තිබී ඇත.
එදා සුද්දන්, සුද්දියන් සෙල්ලං පෙන්වූ, මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසි වුණ ගම්පෙරළියේ යුගාන්තයේ, සඳහන් වන පියල්ලා, සයිමන්, කබලානලා තම ව්‍යාපාරවලට අත්පොත් තැබූ අලංකාර තණ පිට්‌ටනිය මත කෙලෝනියල් ක්‍රමයට ගොඩනැඟිලි ඉදිවී පිටකොටුව තනිකරම සුන්දරත්වයෙන් ඈත්වී ගොසිනි. අපි දැන් එදා කොළඹ ගැන නොව අද කොළඹ සහ පිටකොටුව දෙස බලමු.
කොළඹ යනු තාමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයයි. පරිපාලන බෙදීමට අනුව කොළඹ ප්‍රධාන කොටස්‌ 15 කට වෙන්කර ඇත කොළඹ 01 කොටුව වන අතර ඉතිරිවා පිළිවෙළින් කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුලපන හා නාරාහේන්පිට, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන, පිටකොටුව, අලුත්කඩේ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌ සහ මට්‌ටක්‌කුළියයි. ඉන් 11 වන කොළඹ යනු පිටකොටුවයි.
බහුතරයක්‌ වැදගත් මර්මස්‌ථාන වලින් පිරි කොළඹ 01 වන කොටුවට නැගෙනහිර දෙසින්ද, එක්‌ පැත්තකින් වරායෙන්ද, අනික්‌ පසින් කොටුව දුම්රියපළ ඉදිරියෙන් දිවයන ඕල්කොට්‌ මාවතින්ද, උතුරින් ගෑස්‌පහ හන්දිය සහ වුල්µeන්ඩ්ල් මාවතෙන්ද වටවී ඇති පිටකොටුව අද අප රටේ ඇති ජනප්‍රියම සහ කාර්යබහුලම නගරය යෑයි කිව හැකිය.
කොළඹ ජාත්‍යන්තර වරාය, ගමනාගමන මණ්‌ඩලයට අයත් ප්‍රධාන බස්‌ නැවතුම් පළ, විශාල ඉපැරණි බෝගස සහ බෝධිරාජ විහාරය, රතු පල්ලිය තුන්වන හරස්‌ වීදියේ මුස්‌ලිම් දේවස්‌ථානය, වුල්න්ඩ්ල් පාරේ ඉපැරණි ඕලන්ද පල්ලිය, පැරණි නගර ශාලාව, පිලිප් නේරි නම් කතෝලික පල්ලිය, පිටකොටුව පොලිසිය, මැනිං මාර්කැට්‌ටුව හෙවත් එළවළු වෙළෙඳපොළ, ස්‌වර්ණාභරණ සඳහා ප්‍රසිද්ධ හෙට්‌ටිවීදිය වැනි සුප්‍රසිද්ධ ස්‌ථානවලට අමතරව අද අප රටේ රෙදිපිළි ව්‍යාපාරයේ මෙන්ම හාල් පිටි සීනි අල ලූනු කුලුබඩු බෙහෙත් බඩු වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ වල තොග වෙළෙඳාම තනිකරම රැඳී ඇත්තේ පිටකොටුවේ ව්‍යාපාර කරන වෙළෙඳුන් අත බව සියල්ලෝම දනිති.
සඳුදා සිට සෙනසුරාදා දක්‌වා අලුයම සිට ගොම්මන දක්‌වා ඉතා කාර්ය බහුල ජනාකිර්ණ වාතාවරණයක්‌ පිටකොටුව වීදී සහ පාරවල් තුළ තිබුණද රාත්‍රී කාලයේ සහ ඉරිදා දිනවල මෙහි ඇත්තේ අමුතු නිහඬ නිශ්චල බවක්‌ සහ ගුප්ත පරිසරයකි. සතියේ දිනවල එහෙ මෙහෙ යන සෙනඟ, කරත්ත තල්ලු කරගෙන සහ කරේ තබාගෙන බඩු මලු එහෙ මෙහෙ අදින නාට්‌ටාමිවරු, කෑ මොර දෙමින් ටොයිස්‌ බඩු සපත්තු, රෙදිපිළි ආදිය විකුණන පදික වෙළෙන්දන්, යාචකයන් වෙනුවට රාත්‍රි කාලයේ අපට පිටකොටුවේ වීථි අතරේ දකින්නට ලැබෙන්නේ නිදි මතේ එහෙට මෙහෙට වැනෙන රාත්‍රී මුරයට සේවයට වාර්තා කරන සිකියුරිටි ලොක්‌කන්, ඔහේ පාරවල් දිගේ ඇවිදින පාදඩයන්, භූතයන් මෙන් එහෙට මෙහෙට වැනෙමින් ගමන් කරන බේබද්දන් සහ පැයෙන් පැයට හෝ පැය කීපයකින් කීපයකට පැට්‍රොaල් පොත් අස්‌සන් කරන්නට ඇවිදින පොලිස්‌ නිලධාරීන්ය.
මේ අයට අමතරව තවත් කොටසක්‌ රාත්‍රියට පිටකොටුවට එලි බසිති. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති පළවෙනි හරස්‌ වීදියේ මුල සහ අනෙකුත් හරස්‌ වීදි මැද තම රජ දහන කරගත් රාත්‍රී වීදි ලිංගික ශ්‍රමිකාවන්ය. (ගණිකාවන්) ඔවුන්ගෙන් බහුතරයක්‌ හෙරොයින් කුඩුවලට තදින්ම ඇබ්බැහි වූ කෘෂවූ සිරුරු ඇති ඉතා අසංවර ලෙස ඇඳ පැළඳගත් ගරුසරුව කතා කිරීමට නොදන්නා ගැහැනුය. නිතර බුලත් විටකින් කට පුරවා සිටින මෙවැන්නියන් අත දුම්වැටියද සුලබය. ඔවුනගේ සේවය සොයා එන සල්ලාලයන්ගෙන් බහුතරයක්‌ දෙපැත්තට වැනෙන බීමත් මිනිසුන්ය. ඕල්කොට්‌ මාවතට මුහුණලා සහ අඳුරු හරස්‌ පාරවල ඉතා අඩු මුදලට ලොඡ් සහ අපිරිසිදු කාමර තිබුණද ඔවුන්ට තම කාරිය කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ජනශූන්‍ය පාර අයිනේ අඳුරු මුල්ලක අටවා ගත් තාවකාලික කාඩ්බෝඩ් ආවරණයක්‌ හෝ කඩයක අගු පිලකි. මෙම ගැහැනුන් ගණිකාවන් මෙන්ම මහා හොර දෙටුවන්ය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලිංගික සේවා සැපයීම නොව තමා සොයා එන අසහනකාරී අහිංසක සල්ලාලයා බය කර ඔහුගේ පසුම්බියට පහර දීම හෝ ඔහුගේ ඉහේ සිට දෙපතුළ දක්‌වා සුද්ධ කර ගැනීමය. එම කාන්තාවන්ට සහයට පිරිමිද ඒ අවට සැඟවී සිටිති. බොහෝ විට එවැන්නකු බේබද්දෙකු නැතහොත් හෙරොයින් මත්ලෝලී පිම්පියෙකු වන අතර ඔහුගේ රාජකාරිය වන්නේ දෙදෙනා තම කාර්යයට සෙට්‌ වීම අයිනක සැඟවී සිට බලා හිඳ වැඩේ උච්ච අවස්‌ථාවට ළංවෙද්දී “අඩෝ උඹ මගේ ගෑණිට මොනාද කරන්නේ” කියා කෑ ගහගෙන මැද්දට පැන පිහි කොටයක්‌ පෙන්නා මෑන්ව සුද්ද කිරීමයි. එසේත් නැත්නම් “ඔන්න පොලිසියෙන් එනවා. දුවපාං” කියා කෑගසමින් පාරට පැනීමයි. මෙම ක්‍රියාව අතරතුරේදී ගැහැනිය තම සේවාලාභියාගේ මුදල් පසුම්බියට හෝ කර බැඳි රන් මාලයට ගානට වග කියා අවසානය. පිහි කොටය දැක මරණ බියට හෝ පොලිසියට අසුවුවහොත් ඇතිවන ලැඡ්ජාව නිසා zකස්‌ටමර්දZ පස්‌ස නොබලා දුවගොස්‌ නවතින්නේ එක්‌කෝ මධ්‍යම බස්‌ නැවතුම් පොලේයි. නැතිනම් ඉස්‌ටේසමේය. සමහරු තේ බොන්නට මෙන් රෑ කඩේකට රිංගා තම කලිසමේ බොත්තං පියවා ගනිති.
රාත්‍රියට එසේ වුවද දවාලට මෙසේය. අප නිතර නිතර පිටකොටු එන රැසකගෙන්ම පිටකොටුව පිළිබඳ අත්දැකීම් සහ අදහස්‌ විමසා සිටියෙමු. මේ ඔවුන් කීප දෙනෙකුගේ අදහස්‌ය.
“මම සතියකට දෙතුන් වතාවක්‌ පිටකොටු එනවා. අපේ කඩවත රෙදි සාප්පුවට ඇඳුම් අරන් යන්න. මං ගෑනු කෙනෙක්‌ නිසා මුලින්ම මට පොඩි බයක්‌ ආවා තනියම එන්න. ඒත් දැන් පුරුදුයි. මෙහෙ ඉන්න මුදලාලිලා ගොඩක්‌ හොඳයි. ඒත් පාරේ යද්දි නම් හරියට කේන්ති යනවා. මිනිස්‌සු ඇඟටමයි එන්නේ. හරියට පාරේ යන්නේ අඬු විහිදගත්ත කකුළුවො වගේ. එහෙම නැත්නං පිල් විදහගත්තු මොනරු වගේ. ඒ මොකද දන්නවද ගෑනු අපේ අඟ පසඟ වල ඒ අයගෙ අත් වද්දගෙන වින්දනයක්‌ ගන්න. බොරුනං මහත්තයො තව ගෑනු අයගෙන් අහල බලන්න මං කියන්නෙ බොරුද කියල.”
මම තවත් කාන්තාවන් කීප දෙනෙකුගෙන්ම මේ ගැන විමසා සිටි අතර සමහරු ලැඡ්ජාවෙන් සිනාසී බිම බලා ගත් අතර අනික්‌ අය බහුතරයක්‌ ඒ ඇත්ත බවට ස්‌ථිර කළෝය.
“මං දැන් අවුරුදු තිහක්‌ මේ බජාර් එකේ වැඩ. මං නාට්‌ටාමියෙක්‌ කර ගහල තමයි සල්ලි හොයන්නෙ. සමහරදාට හත් අට දාහ හොයනව මං ඉස්‌සර කුඩු බිව්ව. දැන් නවත්තලා අවුරුදු අටක්‌ වෙනව. ඒත් අපේ අනික්‌ නාට්‌ටාමිලාගෙන් වැඩි දෙනෙක්‌ මොනා හරි මත් වෙන එකක්‌ පාවිචිචි කරනවා. වැඩි දෙනෙක්‌ කුඩ්ඩො. පව් වැඩේ මහන්සියෙන් හම්බ කරන දාස්‌ ගාණක්‌ කුඩු පැකට්‌ එකකට නාස්‌ති කරනවා. කොච්චර සංවිධාන මත් කුඩුවලට විරුද්ධව කෑගැහුවත් අපේ උන් ගාවට කවුරුවත් එන්නෙ නැහැ.”
ඒ තුන්වැනි හරස්‌ වීදියේ ඉම්රාන්ගේ අදහසයි.
කාන්ති අක්‌කා නගර සභාවේ රථ පාලිකාවක්‌ හෙවත් පාකිං නෝනා කෙනෙකි. මේ ඇගේ දැක්‌මයි.
“දැන් නං පිටකොටුව කියන්නෙ මහ අසූචි වළක්‌. වැස්‌සදාට කානු බ්ලොක්‌ වෙලා මුළු පලාතම යට වෙනව. ඒකට හේතුව කඩවලින් එළියට දාන පොලිතින් පෝර බෑග් වගේ දේවල් බෝක්‌කු කාණු අස්‌සෙ හිරවෙලා වතුර බහින්න බැරි වෙනව. මොන ආණ්‌ඩුව ආවත් මේකට තාම හරි විසඳුමක්‌ දුන්නෙ නැහැ. අනික පාකිං කෙරුවාව, පිටකොටුව වටේ කොච්චර කාර් පාකිං තැන් තිබ්බත් මුදලාලිල ලේසියට තමන්ගේ වාහනේ තමන්ගේ කඩේ ඉස්‌සරහ තමයි පාක්‌ කරන්නේ. පිටකොටුවෙ තියෙන පාරවල් හරිම පටුයිනෙ. වාහනයක්‌ නැවැත්තුවම මුළු පාරම වැහෙනව. ඒක නිසා බ්ලොක්‌ එක වැඩියි. අපි කිව්වට අහන්නෙ නැහැ ඇත්තම කීවොත් පොලිසිය පණ මදි. තද නීති දැම්මනං වාහන බ්ලොක්‌ එකයි. කාණු බ්ලොක්‌ එකයි. දෙකම ලේසියෙන්ම නවත්ත ගන්න පුලුවනි.”
මහ පාරට කාරා කෙළගැසීම ප්‍රසිද්ධියේ සෙම් සොටු සූරා ඒවා හැම තැනම දැමීම, බුලත් කා කෙළගැසීම, සිගරට්‌ කොට එතැනම දැමීම අද පිටකොටුවේ බොහෝ සුලබව දකින්නට ඇති අසික්‌කිත දසුන්ය. මොහිදීන් ඒ ගැන මට විස්‌තරයක්‌ කළේ මෙසේය.
“බොස්‌, අපේම අය තමයි වැඩියෙන්ම ඒවා කරන්නෙ. වාඩිවෙලා ඉන්න තැනම කෙළ ගහනවා. සමහරු කොල කෑල්ලකින් ගොට්‌ටක්‌ ගහල ඒකට කෙළ ගහල පස්‌සෙ ගොට්‌ට ගුලි කරල පාරට දානවා. ඉතින් පාරේ යන අයට ඕක පෑගිල හැම තැනම ගෑවෙනව. ඒ වගේම සමහරු දන්නෙ නැහැ හරියට වැසිකිළියක්‌ පාවිච්චි කරන්න. ගියාම එන්නෙ මුලු ලැට්‌ එකම වනසල මං හිතන්නෙ අපේ රටේ විතරයි වැසිකිළිවල බෝඩ් ඇඳල මතක්‌ කරන්නේ පාවිච්චි කළ පසු වතුර ගසන්න කියල. සමහරු ලැට්‌ වළ විතරක්‌ නෙමෙයි පඩි පෙළවල් අයිනෙයි තරප්පු යටයි කෙළ ගහල මල මුත්‍ර කරල තමන්ට නෙමෙයි වගේ මාරු වෙනවා. මේව බොරු නෙමෙයි. නිතර පිටකොටු එන ඕනි කෙනකුගෙන් අහන්න බොස්‌…”
රාත්‍රි කාලයට පිටකොටුව මදුරුවන්ගේ සහ මීයන්ගේ රාජධානියක්‌ය. කෙයිසර් වීදියේදී මට හමුවූ පරමේශ් නම් දමිළ තරුණයා කියන පරිදි බජාර් එකේ මීයෙක්‌ පොඩි පූසෙක්‌ විතර විශාලය. මදුරුවෙක්‌ කැරපොත්තෙක්‌ විතර ලොකුය. “බොසා මෙහෙම සත්තු බෝ වෙන්නෙ අපේම අයගෙ වැරදි නිසා. ඉඳුල් එක්‌ක බත් පැකට්‌ හැම තැනම දාන නිසා. මීයොන්ට පොංගල්. වැහි වතුර කාණු හිස්‌ භාජන නිසා මදුරුවො හැමතැනම. ඉතින් ආණ්‌ඩුව කෑගහනව ඩෙංගු, ඩෙංගු කියල.”
අපිරිසිදුකම, රථවාහන තදබදය, ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය, මත් ජාවාරම සහ භාවිතය, වෙළෙඳුන්ගේ කූට ප්‍රයෝග, තැරැව්කරුවන්ගේ සහ ජල්බරි කාරයන්ගේ මගඩි සහ ජල්තර, මී මදුරු උවදුර, භීෂණය, මැරකම සහ හොරකම, කප්පං ගැනීම සහ බලහත්කාරය, ජාතිවාදය සහ ආගම්වාදය වැනි මෙකී නොකී කරුණු කාරණා නිසා එදා මනරම් මල්වත්තක්‌ සහ සුන්දර තණකොළ පිට්‌ටනියක්‌ව තිබූ පිටකොටුව ඇත්තටම අද මිහිපිට අපායකි.
මෙයට හේතුව එහි නිතර යන එන සහ රැඳී ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ගේ නොමනා හැසිරීම් රටාව සහ නොසැලකිල්ලත් පිටින් එන නරුමයන්ගේ ක්‍රියා පටිපාටියත් බව රහසක්‌ නොවේ. පිටකොටුව ආරක්‍ෂා කිරීම සහ හොඳින් නඩත්තු කිරීමේ වගකීම ඉස්‌සර නම් තිබුණේ මා දන්නා හැටියට කොළඹ මහ නගර සභාවටයි. නව සංකල්ප වන මෙගා පොලිස්‌ ව්‍යාපෘතියට අනුව මහ නගර සභාව පිටකොටුවෙන් අත පිසදා ගත්තාදැයි සමහරු සැක කරති. කෙසේ වෙතත් විවිධ ජන කොටස්‌ නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් නාගරික මන්ත්‍රීවරුන් බුරුත්තක්‌ම තේරී පත්වුණ කොළඹ මහ නගර සභාව සහ දක්‍ෂ අවංක ක්‍රියාශීලී නිලධාරීන් පත්ව එන පිටකොටුව පොලිසිය තම වගකීම මනා ලෙස ඉටු කර යළිත් මල්වත්තක්‌ නොව අඩුම ගානේ සහනයෙන් සමාදානයෙන් බඩු මුට්‌ටුවක්‌ මිලදී ගැනීමට හැකි වාතාවරණයක්‌ සහිත ප්‍රදේශයක්‌ පවට පත් කරනු ඇතැයි අප ඇතුළු බහුතරයකගේ ප්‍රාර්ථනාවයි.

මහාචාර්යය නන්දසේන රත්නපාලයන්.......

ග‍්‍රන්ථ ග‍්‍රහණය කළ ද දුර්ජනයන් කණ්ඨ මානික්‍යය සහිත විසකුරු නයින් වැනි යැයි සිදත් සඟාවේ අරුත්බර වැකියක් එයි. නාගයා ගේ ගෙලෙහි ඇති මැණික උගේ විස දළ නිසා කිසිවකුට ගත නොහැකි ය. ඒ සමීපයට ලංවීමටත් නොහැකි ය.
මහා ප‍්‍රඥාවන්තයන් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින ඇතැම් උගතුන්ගේ දැනුම ද, විෂය ඥානය ද, විසකුරු දළින් යුතු විෂඝෝර නාගයා ගේ කණ්ඨ මාණික්‍යය මෙනි. මෙවන් උගතුන් ගෙන් කවර ඵලයක් ද? මේ නරුම උගතුන් ගෙන් පිරුණ රටකට කවර අනාගතයක් ද?
මා මේ ප‍්‍රශ්නය නඟන්නේ සිය දැනුම මුළු මහත් මිනිස් වර්ගයා ගේ ම හිත සුව පිණිස නිරාමිෂ ව පූජා කළ උතුම් ප‍්‍රඥාවන්ත මිනිසකු ජාතියට අහිමි වී, තුන්මසක් ගෙවුණු තැන ය. සියලු සත්පුරුෂයන් සන්තාපයට පත් වූ සමයක ය.
දැනුම දැනුම සඳහා නො ව ජනතාව සඳහා විය යුතු ය යන අදිටනෙහි පිහිටා මුළු මහත් විශ්වයට ම ආදරය කළ මේ ප‍්‍රඥාවන්ත මිනිසා “දහසක් මැද හුදකලා වී” ලෝකයට ම කථා කෙළේ ය.
යහපත් යහපත ලෙස දකින්නටත්, අයහපත අයහපත ලෙස දකින්නටත් හැකි විමැසුම් ඇස පුබුදු කෙළේ ය. එතුමා, මෙරට සරසවි ගුරු පරපුරේ මුදුන් මල් කඩක් බඳු වූ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් ගැන පසුගිය තෙමසක කාලය මුළුල්ලේ ම බොහෝ අය කථා කළ හ. බොහෝ දෑ ලියූ හ.
 ජීවත් ව සිටිය දී නන්දසේන රත්නපාල තේරුම් නොගත් බොහෝ අය තවමත් එතුමන් කළ කී දෑ සොයා බැලීමෙන් පෙනෙන්නේ එතුමා ගේ අර්ථ සම්පන්න ජීවිතය සැබැවින් ම මෙරට ජනතාව නැවත නැවතත් විමසා බලන අගනාකම්වලින් පිරිපුන් අගනා අත් පොතක් බව ය.
සමාජවිද්‍යාඥයකු, මානවවිද්‍යා පර්යේෂකයකු, අපරාධ විද්‍යාඥයකු හා ජනශ‍්‍රැති විද්‍යාධරයකු ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගේ අති මහත් සේවාව පිළිබඳ ව බොහෝ දෑ කියැවී ඇත. ලියැවී ඇත.
එහෙත් ඒ ක්ෂේත‍්‍රයන් ඔස්සේ මරණයේ අවසාන මිනිත්තුව දක්වා ම එක දිගට වැඩ කළ මේ උතුම් මිනිසා පිළිබඳ ව අපි නොදත්, එහෙත් දත යුතු දෑ අපමණ ය.
එතුමා ගේ ජීවිතයේ අවසාන කාලය එතුමාට අතිශයින් සමීප වූ මා ලද ඒ කරුණු අපේ ජනතාව දැන කියා ගැනීම එතුමා ගේ අභාවයෙන් තෙමසක් ගෙවෙන අද එතුමාට කරන ගෞරවයක් ලෙස සලකමි.
නන්දසේන රත්නපාල මහතා සිය අධ්‍යාපනික සුදුසුකම් උලුප්පා පෙන්වීමට වෑයම් නොකළ උගතෙකි. එහෙත් එතුමා ලද අධ්‍යාපනික සුදුසුකම් මෙරට කිසිදු මහාචාර්යවරයකු ලබා නොතිබූ ඉතා විරල ගණයේ සුදුසුකම් බව නොකියා ම බැරි ය.
ආචාර්ය උපාධි තුනක් පමණක් එතුමා දිනාගත් බව පැවැසෙතත් සැබෑ තත්ත්වය එය නොවන බව එතුමා අවසාන කාලයේ සැපැයූ මේ විස්තරයෙන් මට අවබෝධ විය. එතුමා ගේ අධ්‍යාපනික සුදුසුකම් මෙසේ දැක්විය හැකි ය.
B.A.(Hons.)MA, Diploma in Anthropology,
Dr. Phil (Germany) ph.D (U.S.) ph.D.(U.K.) ph.D. (Sri Lanka)
D. Litt (Sri Lanka, Degree earnde on research), D.Litt (Hon.)


මෙහි විශේෂත්වය නම් අවසාන වරට එතුමා ලබා ගත් පර්යේෂණ සඳහා වන සාහිත්‍ය ශූරී උපාධිය එතුමා ලබා ගත්තේ උතුම් අරමුණක් වෙනුවෙන් වීම ය.
සිය දර්ශන ශූරී උපාධිය ලබා ගත් පසු හැම අයකු ම තව දුරටත් පර්යේෂණ කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා දිරි ගැන්වීමක් ලෙස ඩී. ලිට් (සාහිත්‍ය ශූරී) උපාධිය ලබා දිය යුතු බවත් තම ජීවිතයෙන් පෙන්වා දීම එතුමා ගේ අභිප‍්‍රාය විය.
 එහෙත් එතුමා මෙන් පර්යේෂණ සඳහා ඩී ලිට් සම්මානයෙන් පිදුම් ලැබූවකු අද වෙන තෙක් බිහි වී නැත. සමාජ විද්‍යාව ඉගැන්වීමට එතුමාට සුදුසුකම් නැතැ යි ද එතුමා සිංහල විෂයය හදාළ අයෙකැ යි ද පවසමින් එවකට උසස් අධ්‍යාපන ඇමැති ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පෙත්සම් යැවූ ‘උගතුන්’ කීපදෙනකු ගැන පුවතත් ප‍්‍රසිද්ධ එකකි. එහෙත් රත්නපාල මහතා ගේ පී. එච්. ඩී. උපාධි අතර සිංහල විෂයයට ලබා ගත් උපාධියක් නැත.
විශ්වවිද්‍යාලය ගුරුවරයා ඉගැන්වීම, පර්යේෂණය කිරීම සහ පොත පත ලියා දැනුම බෙදා හැරීම කළ යුතු බවත්, පාසල් ගුරුවරයා පොතෙහි ඇති දෑ කියා දෙමින් දැනුම බෙදා දෙද්දී සරසවි ඇදුරා අලුත් පර්යේෂණ කරමින් නව දැනුම ලබා දෙන්නකු විය යුතු බවත් එතුමා නිරතුරු ව පැවැසූ දෙයකි.
රත්නපාල මහතා තරම් විදේශයන්හි සංචාරය කරමින් ශාස්තී‍්‍රය ජීවිතය පොහොසත් කර ගත් ඇදුරකු මෙරටෙහි ඇද්දැයි සැකයකි. රටවල් වශයෙන් ගතහොත් එය මුළු ගණන පනස ඉක්මවයි.
හිමෙන් වැසී ගිය උත්තර ධ‍්‍රැවයේ ඇස්කිමෝවරු සමඟ සීල් මත්ස්‍යයන් ආහාරයට ගනිමින් ද, නයාර් මුන්ඩුගර් තෝඩා ගෝති‍්‍රකයන්, අපි‍්‍රකාවේ සහරා කාන්තාරය අසල ජීවත්වන ගෝති‍්‍රකයන් ද සමීප මිතුරන් ලෙස ඇසුරු කරමින් ඔවුන් ගේ යාතු කර්මයන්ට සම්බන්ධ වෙමින් ඒ ගෝත‍්‍රවල සාමාජිකයකු වීමට එතුමාට හැකි විය. යේසුන් වහන්සේ ගේ ශුද්ධ භූමිය වූ ජෙරුසෙලමත්, ප‍්‍රංශයේ ලූර්දු ගුහාවත් එතුමා ගේ සියුම් නිරීක්‍ෂණයට අසු වූ තැන් ය.
මහාචාර්ය රත්නපාලයන් ගේ ශාස්තී‍්‍රය දිවියෙහි සුවිශේෂි තවත් කරුණක් නම් එය සමාජීය විද්‍යා ක්ෂේත‍්‍රයෙහි අති මහත් දැවැන්ත වපසරියක පැතිර පැවැතීම ය. එපමණක් නො ව ඒ විවිධ විෂය සන්දර්භයන් වෙත එතුමා ආකර්ශනය වූ යුගයක් ද අතිශයින් ම සංක‍්‍රාන්තික ය.
මෙරට ඒ ඒ විෂයන්හි ප‍්‍රාමාණිකයන් ලෙස සැලැකෙන උගතුන් සිටිය ද, ඔවුන් බොහෝ විට එක් විෂය ධාරාවකට සීමා වී කටයුතු කළෝ වූ හ. එහෙත් රත්නපාල සූරීහු කාලානුරූප ව විවිධ විෂය ක්ෂේත‍්‍ර ගණනාවකට ප‍්‍රාමාණිකයකු වීම විස්මයජනක ය.
1956 දී ‘සියබස් මතුර’ කාව්‍ය සංග‍්‍රහයේ සිට 2007 දී “මනුෂ්‍ය පෙ‍්‍ර්තයන් සමඟ කළ දුෂ්කර කි‍්‍රයාවක්” දක්වා එතුමා ලියූ සිංහල පොත් ගණන අසූවකට අධික ය. ඉංගී‍්‍රසි පොත් සංඛ්‍යාව තිස් පහ ඉක්මවයි.
ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කර ඇති පොත් ද ඒ අතර ඇත. අද ජනපි‍්‍රය ව ඇති පොත් දොරට වැඩීමේ උත්සව පැවැත්වීම මෙරටට හඳුන්වා දුන්නේ රත්නපාල මහතා ගේ “නොදනිමි කාගේ දොසා” නම් නවකතාව 1972 දී හඳුන්වාදීමේ උත්සවයෙනි.
රත්නපාල ශූරීන් ගේ විශ්වවිද්‍යාලයීය ශාස්තී‍්‍රය දිවිය මුළුමනින් ම විචිත‍්‍ර පෙරළිකාර එකකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මුල් වරට බෞද්ධ විහාරයක් ඇති කිරීමට බුදු පිළිමයක් රැගෙන විත් හොර රහසේ තැන්පත් කළ නන්දසේන රත්නපාල, ඒ නිසා ම නිකුලස් ආටිගල උපකුලපතිවරයා ගෙන් සති දෙකක පන්ති තහනමකට ලක් වූයේ ය.
ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණක් කතා කරන ශිෂ්‍ය සභාවේ පළමුවරට සිංහලෙන් කතා කිරීමේ වරදට රත්නපාල කලාගාරයෙන් පිටතට දැමූ බව ප‍්‍රකට ය. පේරාදෙණි සරසවියේ බෞද්ධ විහාරයක් ඇති කිරීමෙන් නොනැවතුන රත්නපාල සෑම පොහෝ දිනක ම සුදුවතින් සැරැසී සිසුන් පිරිවරාගෙන සීල ව්‍යාපාර සංවිධානය කරමින් එහි බෞද්ධ ප‍්‍රබෝධයට අඩිතාලම දැමුවේ අන්‍යාගමික සනාතන සභා බලධරයන් ගේ බලවත් විරෝධතා මැද ය.
මෙබඳු පෙරළිකාර කටයුතු ඔහු ගේ සාහිත්යික නිර්මාණවල ද ආරම්භයේ සිට ම දක්නට ලැබිණි. මුල් යුගයේ රචනා කළ “කවි රස විඳීම’ කෘතිය කවි විචාරය, වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කරනු පිණිස පෙම්වතුන් දෙදෙනකු ගේ පෙ‍්‍ර්ම සංලාපයකට මුසු කොට ලියූවකි.
පසු කාලයේ මාර්ටින් වික‍්‍රමසිංහයන් ගේ ‘නව පද්‍ය සිංහලය’ වැනි රසාලිප්ත විචාර ග‍්‍රන්ථයක් හැරුණු විට ඒ කෘතිය විවාදාත්මක කෘතියකි.
ඉන් අනතුරු ව මුල් යුගයේ දී එතුමා විසින් කරනු ලැබූ විප්ලවීය කාර්යයක් නම් විදුදයේ නූතන සිංහල පාඨමාලාව ආරම්භ කිරීම යි. මෙය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයෙහි කරනු ලැබූ විප්ලවීය අත්හදා බැලීමක් වුවත්, එයට එල්ල වූ ගල් මුල් පහරවල් අති විශාල විය.
බොහෝ අය සිතා සිටියේ රත්නපාල පේරාදෙණි ගුරුකුලවාදියකු වී විදුදය විනාශ කරන බව යි. එදා එතුමා මුහුණ දුන් කර්කෂ විවේචන අපට සිහිපත් කරන්නේ ඒවාට මුහුණ දීමට එතුමාට තිබූ ධී ශක්තිය යි.
එවකට ප‍්‍රකට විචාරකයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි වංශනාථ දේශබන්ධු නමින් තමා ගේ සාහිත්‍ය කොල්ලය කෘතියේ රත්නපාල මහතා විවේචනය කරන්නේ මෙසේ ය.
“හන්තානෙන් මාලිගාකන්දට බට තවත් වලි කාරයෙක් බා (බී,ඒ) වේ. ආනුභාවයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කුඹුරක් හාගෙන යයි. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ටවත් ඉන් මෙදාතුරේ කොයියම් ආචාර්ය, ප‍්‍රාචාර්යවරයාණ කෙනෙකුටවත් බැරිවුණු තරම් ගැඹුරට මාලිගාකන්දේ සාහිත්‍ය ක්ෂේත‍්‍රය සීසාන මේ පුද්ගලයා එහි කථිකාචාර්යවරයකු වන නන්දසේන රත්නපාල ය.” (සාහිත්‍ය කොල්ලය, පිටු: 94)
“හන්තාන කුලයේ ඇබිත්තයකු වූ නන්දසේන රත්නපාල මේ කොයි දේ කීවත් ඒ ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ සිංහල සාහිත්‍යයේත් බුදු සමයේත් මුර දේවතාවුන් වශයෙන් ගැනෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය වැනි තැනක ඔහු ගේ මේ වෛකුල්‍ය මත පතුරුවන්නට උප කුලපතීන් වහන්සේලා ඉඩ හැර තිබීම ගැන ය.” (පිටුව 96)
මෙබඳු වාග් ප‍්‍රහාරවලට අමතර ව පෞද්ගලික පහරදීම්වලට ද සාහිත්‍යය නිසා ම එතුමා මුහුණ දුන් අයුරු කුංකම චන්දන කෘතියෙහි මෙසේ විස්තර කර ඇත.
“වරක් මම ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වා එළියට බසින විට මගේ මෝටර් රථයේ ටයර් හතර ම කපා දමා තිබිණ. තවත් තැනක දී මගේ මෝටර් රථයේ පැටෙ‍්‍ර¤ල් ටැංකියට සීනි දැමූ හ. කීප අවස්ථාවක දී ම ප‍්‍රසිද්ධ වේදිකාවේ දී ම මට පහර දීමට සමහරු ඉදිරිපත් වූහ.
වරක් පිළියන්දල දී තව වරක් වරකාපොල දීත්, ගාල්ලට යන අතරමඟ දීත් මැරයෝ මට පහර දුන් හ. සාහිත්‍යයේ උනන්දුව ඒ තරම් ම උණුසුම් විය. මම ඒ නිසා වඩාත් උනන්දු වී මහන්සි වී පත පොත ලීවෙමි.” (කුංකම චන්දන, පිටුව 88)
මෙබඳු උග‍්‍ර විවේචන එතුමාට එල්ල වුව ද එවකට ඇතිවුණ සාහිත්‍ය ප‍්‍රබෝධයෙන් උදම් වුණු එතුමා ගේ විදුදයේ සිංහල හැදෑරූ සිසුවෝ ‘එළිය’ නමින් සම්භාවනා කෘතියක් මුද්‍රණය කොට නන්දසේන රත්නපාල කථිකාචාර්යවරයාට අභිනන්දන උලෙළක් පැවැත්වූවෝ ය. සහකාර කථිකාචාර්යවරයකු වෙනුවෙන් මෙරටෙහි මුල්වරට සකස් කළ අභිනන්දනය වන්නේ එය යි.
රත්නපාල මහතා ගේ දෙවන ශාස්තී‍්‍රය යුගය සිංහලට ආයුබෝවන් කියා මානවවිද්‍යාවට පිවිසීමත් සමඟ ඇරැඹෙන්නකි. එයද විවාදාපන්න ය. නූතන සිංහල පාඨමාලාව වසා දැමීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟ මානවවිද්‍යාව ඉගෙනීමට ජර්මනියට යෑමට රත්නපාල මහතා තීරණය කෙළේ ය.
එවකට ශාරීරික මානවවිද්‍යාව පමණක් ඉගැන්වූ මානවවිද්‍යා අංශයට සංස්කෘතික සමාජ මානවවිද්‍යාව ද එකතු කරන්නැ යි එතුමා ගෙන් ඉල්ලා සිටියේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ය. කෙසේ වුව ද මානවවිද්‍යාව හදාරා ලංකාවට එද්දී විදුදයේ මානවවිද්‍යා අංශය නැති කොට ඉතිහාසයට ඒ විෂය සම්බන්ධ කර තිබෙනු රත්නපාල මහතාට දැකගත හැකි විය.
 රත්නපාල මහතාට සිංහලත් මානවවිද්‍යාවත් යන අංශ දෙක ම අහිමි වූවා පමණක් නො ව, මාස ගණනාවක් වැටුප් නොගෙවීමට ද බලධාරීහු කටයුතු කළ හ. කෙසේ වුව ද පසු ව මහාචාර්ය රත්නපාල මහතා නැවතත් සමාජ මානවවිද්‍යා අංශය තම සරසවියෙහි පිහිටුවා ගැනීමට පුරෝගාමි වෙමින් දශකයට වැඩි කලක් එහි අංශාධිපති ලෙස මහත් වූ කැප වීමකින් සේවය කෙළේ ය.
සමාජවිද්‍යාව පොදු ජන සමාජයට රැගෙන ගිය යුගය ඒ යුගය යි. ඉංගී‍්‍රසි කතා කරන සීමිත පිරිසකට සීමා වී තිබූ සුපිරි පැලැන්තියේ විෂයයක් වූ සමාජ විද්‍යාව දේශීය ඥානයෙන් ඔපවත් කොට, අපට ආවේණික සංස්කෘතිකාංග එකතු කොට දේශීය සමාජවිද්‍යාවක් ගොඩනැඟීම එතුමා ගේ ඒකායන පරමාර්ථය විය.
සමාජවිද්‍යාව පිළිබඳ එතුමා ගේ දෘෂ්ටිය පස්වන වරටත් නොබෝදා නිකුත් වූ සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්ම නම් කෘතියෙහි දක්වා ඇත්තේ මෙසේ ය.
“අද සමාජවිද්‍යාව ලංකාවේ දියුණු වී ඇත. අපට ආවේණික වූ සංස්කෘතියෙන් හා බුදු දහමින් ලබාගත හැකි සංකල්ප හා ක‍්‍රමවේදයන් ගැන අපේ සමාජ විද්‍යාඥයන් කල්පනා කොට නොමැත. බටහිර ආභාසයෙන් හා සම්ප‍්‍රදායයෙන් අඟලක් වෙනස්වීම අපේ සමාජ හා මානවවිද්‍යාඥයන් බොහෝ දෙනකුට කළ නොහැකි විය.
එය අවමානයක් ලෙස ඔවුහු සලකති. ඔවුනට එය විද්‍යාත්මක නැත.” (සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම, පි.01)
“... බුදු දහම හරිහැටි නොදත් සිංහල සංස්කෘතිය නොදන්නා අපේ සමාජ මානව විද්‍යාඥයන් එය කරන්නේ කෙසේ ද? එංගලන්තයේ හා ඇමරිකාවේ සමාජවිද්‍යාව උගත් ඒ අය තම ගුරුවරුන් ඉගැන්වූ දේ වෙනස් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. එසේ කරනවා නම් ඒ වෑයම විද්‍යාත්මක නොවන බව ඒ අය කල්පනා කරති.” (පිටුව 08)
නන්දසේන රත්නපාල මහතා හඳුන්වා දුන් සමාජවිද්‍යා සම්ප‍්‍රදායය කෙබඳු එකක් ද යන්න මින් පෙනේ. එහෙත් දශක තුනක පමණ කාලයක් මෙරටේ ස්ථාපිත වී තිබූ සමාජ විද්‍යා සන්දර්භය තුළ එය අශාස්තී‍්‍රය එකක් බව පෙනී යෑම ස්වභාවික ය.
ශාස්තී‍්‍රය බව මනින ඒ බටහිර මිනුම්දඬුවලට අභියෝග කරමින් එතුමා මෙරට අලුත් සමාජ විද්‍යා සම්ප‍්‍රදායයක් ගොඩනැංවීමට පුරෝගාමී විය. සමාජවිද්‍යාව, මානවවිද්‍යාව, අපරාධවිද්‍යාව, අපරාධ යුක්තිය පිළිබඳ ප‍්‍රධාන විෂය ධාරාවන් තුනක් උගන්වන ප‍්‍රධානතම ජාතික විශ්වවිද්‍යාලයය ලෙස විදුදය සරසවිය පෙරට ආවේ නන්දසේන රත්නපාල මහාචාර්යතුමා ගේ අප‍්‍රමාණ කැපවීමට පින්සිදුවන්නට ය.
නන්දසේන රත්නපාල මහතා සිය ජීවිතයෙහි අවසාන කාලය ද නිකරුණේ ගත කිරීම කැමැති නො වූ උද්යෝගිමත් චරිතයක් විය. ඒ කාලයේ දී එතුමා ගේ උනන්දුව ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ යොමුව පැවැතිණ.
ඉන් පළමු වැන්න නම් වීදි දරුවන් පිළිබඳ සුබ සාධනය යි. දෙවැන්න ගුප්ත ආත්ම පිළිබඳ ගවේෂණය යි. වීදි දරුවන් පිළිබඳ ව එතුමා දැක්වූයේ අප‍්‍රමාණ අනුකම්පාවකි. එතුමා ගේ පුරෝගාමීත්වයෙන් මීගොඩ පිහිටවූ සන්හිඳ ළමා නිවාසය මෙරටේ වීදි දරුවන් පුනරුත්ථාපනය කරන අංග සම්පූර්ණ නිකේතනය ලෙස හැඳින්විය හැකිය.
ඔවුන් සමඟ සිය ජීවිතයේ අවසාන කාලය ගත කරනු කැමැති වූ මහාචාර්යවරයා එහි ම කුඩා කුටියක් තනාගෙන පොත් පත් ලියමින් දරුවන් ගේ දුක සැප බලමින් කාලය ගත කෙළේ ය.
නන්දසේන රත්නපාල මහතා ප‍්‍රවාහිකාවක් ආශ‍්‍රය කරගෙන ගුප්ත ආත්ම ගවේෂණය ආරම්භ කෙළේ ඉතා මෑතක දී ය. තමා සමඟ ජීවත් වූ මිය ගිය මහා වියතුන් අපා දුක් විඳිමින් භූතයන් ලෙස ඒ ප‍්‍රවාහිකාව මඟින් එතුමා සමඟ කථා කළ අවස්ථා රාශියක් විය.
පුද්ගලයකු පෙ‍්‍ර්තයකු වී අපාගත ලබන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් දැරූ එතුමා, ජීවත් ව සිටින කාලයේ දී තමන් විසින් කරනු ලැබූ යම් යම් නොපනත් කම් නිසා ම තමන් පෙ‍්‍ර්තයන් වී දුක් විඳින බව ඔවුන් ගෙන් ම දැනගත් අතර, ඔවුන් කී කරුණු කොතරම් දුරට සත්‍ය දැයි ආනුභවික ව ම සොයා බලා ඔවුන් ගේ ඉදිරිපත් කිරීම් නිවැරැදි බව පිළිගත්තේ ය.
පෙ‍්‍ර්තයන් කියූ කරුණුවල ඇත්ත නැත්ත සෙවීමට බොහෝ දුර අපි ගමන් කෙළෙමු. පෙ‍්‍ර්තයන් ලෙස උපත ලැබූ තමා හඳුනන ආශ‍්‍රය කළ පුද්ගලයන් ගැන එතුමා දන්නා පෞද්ගලික තොරතුරු පසු ව ඔවුන් ගෙන් ලබා ගත් කරුණු සමඟ සසඳ්‍ර බලා නිගමනයට ඒමට එතුමාට අවශ්‍ය විය.
බොරු කීම, දුරාචාරය, මහජන මුදල් ගසා කෑම, දුරාචාරය මිනී මැරීම වැනි අපචාර මිනිසා කොතරම් විශාල ප‍්‍රපාතයකට ඇද දමන්නේ ද යන්න මුළු රටට ම පෙන්වා දීමට එතුමා දැරූ උත්සාහය අප‍්‍රමාණ ය.
මිය යෑමට සති තුනකට පමණ පෙර රාති‍්‍රයෙහි තමා ගේ කාමරයෙහි ජනේලය අසල සුදු පැහැති ආලෝක ධාරාවක් තමා සමඟ කථා කිරීමට උත්සහ කළ බවත්, තමා ඒ සඳහා ඔහුට ආරාධනා කළ ද ඒ ආත්මය තමා වෙතට ඒමට බිය වූ බවත් එතුමා මා සමඟ පවසා තිබිණි.
තම ජීවිත කාලය තුළ ගුප්ත බලවේග සමඟ මුහුණට මුහුණලා කතා කිරීමට තමාට හැකියාව ලැබෙන බව එතුමා නිතර ම විශ්වාස කෙළේ ය. එමෙන් ම පෙ‍්‍ර්තයන් ගේ ඡායාරූප කීපයක් ද එතුමා සතු ව තිබිණි. පෙ‍්‍ර්තයන් ගේ කටහඬ හා රුව ලබාගත හැකි විද්‍යුත් ආම්පන්න ලබා ගැනීමට ද ඒ ඔස්සේ ගුප්ත ආත්ම පිළිබඳ පොතක් ලිවීමට ද එතුමා ආශාවෙන් සිටියේ ය.
තමා කරන සියලු හොඳ නරක මරණින් මතු තමා සමඟ පැමිණෙන බවත්, ඒ කර්මයට පිටු පෑමට කිසිවකුට නොහැකි බවත් තරයේ විශ්වාස කළ එතුමා ඒ සත්‍යය ආනුභවික ව ම අත්හදා බලමින් මිනිසුන් සහ සතුන් මැරූ දරුණු අපරාධ කරුවන් ගේ අවසානය සියැසින් දැක “මෙලොව දී පලදෙන කර්මය” නමින් පොතක් ලීවේ ය.
සිවුපා සතුන් යහපත් කර්ම කිරීමට නොදන්නා නිසා ඔවුන් නිසැක ව ම සත්ත්ව සිවුපා ආත්මවලින් මිදෙන්නේ නැති බව විශ්වාස කළ එතුමා තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් ආගමික වතාවත් කරන වේලාවල ළඟින් තබාගෙන සිටීමට උනන්දු විය.
තමා ලියූ “නොදනිමි කාගේ දොසා” නවකතාව ලියද්දී තමා ළඟ වැතිරී සිට තමාට තනි රැක්ක ‘උලෝ’ නම් සුනඛයාට ඒ කෘතිය පිළිගැන්වීම එතුමා කැමැති විය. සිය නිවසේ ඇති කළ බල්ලන් සහ බළලුන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් දානමාන දී පින්පෙත් දීම ද එතුමා ගේ සිරිතක් ව පැවැතිණි.
මහාචාර්ය රත්නපාල මේ දහසකුත් පර්යේෂණ මැද අතිශයින් දයාබර කරුණාවන්ත, මිනිසකු සතු මනුස්සකම රැක ගත් උදාර චරිතයක් යයි මේ ලිපිය අවසන් කළ හැකි ය. එහෙත් එය එතුමා ගේ සංවේදී ගුණය පිළිබඳ නිසි ඇගයුමක් නො වේ.
මිනිසුන් ගේ නොපනත්කම්, අමතක කිරීම්, එතුමා තුළ ඇති කළ කම්පනය අතිමහත් ය. මුදල් සහ රාගය හැම තැන ම සර්පයන් ලෙස මිනිසාට දෂ්ට කරන බව එතුමා නිරන්තරයෙන් ම පැවැසුවේ ය.
දිනපතා උදේ හත හමාරටත් රාති‍්‍ර අටටත් දුරකථනයෙන් මා අමතන එතුමා හැමදාමත් කියන්නේ එක ම දෙයක්. “අද ඔබ කරන යහපත හෙට මිනිසුන් අමතක කරනු ඇත. ඒත් නොසැලෙන්න හොඳ දෙයම කරන්න යනුයි ඒ” නන්දසේන රත්නපාල මහතා ගේ චරිතය සැබැවින් ම විරෝධාලංකාර චරිතයක් බව නැවතත් කිය යුතු ය.
දහසක් මිනිසුන් මැද එතුමා හුදෙකලා වී සිටි චරිතයකි. එහෙත් ඒ හුදෙකලාව කලකිරීම, පසුතැවිල්ලකින් ගෙවා නොදැමූ එතුමා, නිරන්තරයෙන්ම යම් කාර්යයක නියැලී සිටිමින් ලබා දුන් ආදර්ශය විශිෂ්ට ය.
 ‘රොබර් ලවර්’ නමින් විස්මයජනක ගුප්ත ජීවිතයක් ගත කරන මිනිසකු පිළිබඳ ව රසවත් ඉංගී‍්‍රසි නවකතාවක අවසාන කොටස ලියමින් සිටි එතුමා, සිය මුළු මහත් ජීවිත කාලය තුළ හමු වූ දයාබරිත මිනිසුන්, ලොව පුරා තමා සංචාරය කළ තැන් පිළිබඳ ව පිටු දහස ඉක්මවූ කවි පොතක් ‘කලවානෙ දි ලියු කවි’ නමින් ලියා මා වෙත එවා තිබිණි.
නන්දසේන රත්නපාල මහතා තරම් මිනිසුන්ට අත දුන් මිනිසුන් ගේ දියුණුව ප‍්‍රාර්ථනා කළ, තමාට වඩා ඉහළ තැනකට තම ශිෂ්‍යයා ගමන් කරනු දැකීමට කැමැත්තෙන් සිටි සරසවි ඇදුරකු ගැන සිතීමට අමාරු ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ ගැටලු, ඔවුන් ගේ පැත්තෙන් බලා ඒවාට විසඳුම් දීමට එතුමා නිතර ම උනන්දු විය. වරක් එතුමාට දේශනයකට ඇරියුම් කිරීමට පැමිණි සටන්කාමී දේශපාලන පක්ෂයක නායකයකු ගෙන් එතුමා කළ එක් ඉල්ලීමක් මට මතක ය.
 “විශ්ව විද්‍යාලවල නවකවදය පිටුපස ඉන්න ශිෂ්‍ය සංවිධානවලට කියන්න නවක වදයට කිසි ම අනුබලයක් දෙන්න එපා කියලා. ඒ සංවිධාන ඔක්කෝට ම කතා කරන්න පුළුවන් ඔබ තුමාට විතරයි. ඒ පොරොන්දුව මට දෙන්න.
මම ඕන උදව්වක් කර දෙන්නම්.” නවක වදය නිසා ආබාධිත වූ නිවෙස්වල සිටින දහ අට දෙනකු හඳුනා ගත් රත්නපාල මහතා ඔවුන් හමුවීමට ගොස් ආපසු ආවේ බලවත් කම්පාවෙනි. මේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමේ වැදගත්කම එතුමා උසස් අධ්‍යාපන බලධරයන්ට ද ලියා එව්වේ ය. එහෙත් ඉන් කිසිදු පලක් සිදුවූයේ නැත. තමාට බරපතළ අසාධාරණයක් කළ අයකුට වුව ද එතුමා දැක්වූයේ පුදුම සහගත කරුණාවකි.
තමා උගත් දෙය මුදලට විකිණීම තරයේ ම ප‍්‍රතික්ෂේප කළ එතුමා මෑත දී ලැබුණු අන්තර්ජාතික ළමා අරමුදලේ උපදේශක තනතුර ප‍්‍රතික්‍ෂේප කෙළේ තම සේවය තම රටේ වීදි දරුවන් වෙත ලබාදීම එයට වඩා වැදගත් බව පවසමිනි. මියයන අවසාන මොහොත තෙක් ම එතුමා පොදු ජනතාවට සේවය කරමින් සිටි චරිතයක් බව විවාද රහිත ය.
නන්දසේන රත්නපාල මහතා දැන් අප අතර නැත. එහෙත් එතුමා මෙරටේ ජාතික සංවර්ධනයට කළ අනල්ප මෙහෙය තව බොහෝ කල් නොනැසී සිහිපත් කළ හැකි මෙහෙයකි. මුළු මහත් ජනතාවට ම දැනෙන එබඳු උදාර මෙහෙයක් සිදු කෙට මිය ගිය වෙනත් විශ්වවිද්‍යාලය මහාචාර්යවරයකු ගැන සිහිපත් කළ නොහැකි ය.
එතුමා නිතර පැවසූ දෙයක් මට සිහිපත් වේ. “මගේ ජීවිතයේ මට ම කියා මා උපයාගත් ධනයක් නැත. මට ඇති එක ම ධනය මා ලියූ පොත්ටික හා අවුරුදු හතළිහක් මා ඉගැන්වූ තිස්දහසකට ආසන්න වූ සිසු සිසුවියන් පිරිස පමණි. සැනසිල්ලේ මැරෙන්නට මට එය ඇති.”

එකම පැතුම.....

සසර පුරාවට මගෙම වේවා...
සතුටින් ඔයා තව හිදීවා..
මොහොතක් මගෙන් වෙන් නොවේවා...
අහසක් තරම් පෙම දැනේවා..

නිරුවත.... ( සිඇසින්)

නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ඒ ව‍ගේ හැම ගැහැණියක්ම කැමතියි නිරුවත දකින්න.... පිරිමි නිරුවත දකින්න... නමත් සාපේක්ෂ ව‍ශයෙන් පිරිමින් ඒ දෙස බලන ආකාරයට කාන්තාවන් බලන්නේ නැහැ... බොහෝ විට කාන්තාවන් මේ දිහා බලන්නේ කාටවත් නොපෙනෙන්න.....

ගැහැණු හෝ පිරිමි දැන දැන නිරුවත් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි... තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඉදිරියේ.... එහෙමත් නැත්නම් වෛද්‍යවරයක් ඉදිරියේ..... අවසානයේ දී එම්බාම් කරන මනුස්සයා ඉදිරියේ... මේ වගේ බොහොම සීමිත අවස්ථා වලදී ඇරෙන්න අපි නිරැවත් වෙන්න කැමැති නැහැ... ඒ අපි තුල තියෙන්නාවු ලැජ්ජාවත්.... අපේ හැදුන පරිසරයත්.... අපේ තියන වටපිටාවත් පදනම් කරගෙන.... ඒ තරමට නිරුවත අපිට ආගන්තුකයි.... විශේෂයෙන් ගැහැණියක් පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වීම.....

නමුත් බොහොමයක් බටහිර රටවල් වල නිරුවත කියන්නේ  මහා දෙයක් නෙමෙයි..... සමහර රටවල් තියනවා නිරැවත් මුහුදු වෙරළ.. නිරුවත් සංචාරක කළාප.... නිරැවත් සාද.... නිරුවත් සමාජ ශාලා වගේම නිරුවත් ගුවන් සේවා පවා තියනවා.... බොහෝ විට මේ වගේ විශේෂිත අවශ්‍යතා ඇතිවෙ‍න්න බොහෝ විට ඒ ඒ රටවල් වල දේශගුණික තත්වයන් බලපානවා වෙන්න පුලුවන්.... බොහොමයක් බටහිර රටවල් අවුරුද්දේ මාස කීපයක් අධික ශීතල... ඒ කාලේ හැම දෙනෙක්ම අඳින්නේ පළඳින්නේ ඒ දේශගුණයට ගැලපෙන විදියට.... ඉස්මුදුනේ ඉඳලා යටිපතුල  වෙනකම්ම ආවරණය කරලා....  ඒ වගේ තත්වයකදී ඔවුන් හොඳින් ඉර එළිය වැටෙන කාලයට ඇඳුම්අඳින්නේ අඩුවෙන්...ඒ රටවල ඒ ආකාරයේ විලාසිතා එළියට එනවා..... ඒ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන හිරැ එළිය ලබාගන්න... ඒතනදි බොහෝ දෙනෙක් අඳින්නේ ඒ හා සමාන ඇඳුම් පැලඳුම්..වැඩි දෙනෙක් ඒක වගේ ශරීරය නිරාවරණය කරගෙන යන නිසා ඒක අනෙක් අයටත් එහි ‍අමුත්තක් නැහැ.

අපේ රට තාම ඒ තත්වයේ නැහැ.... අපි ජීවත්වෙන රාමුවක් තියනවා... අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා... අද කෙල්ලෙක් කොටට ඇඳුමක් ඇඳලා යන කොට කීදෙනක් ඒ දිහා හැරිලා බලනවද.... කර පලල හැට්ටයක් ඇඳගෙන බස් එකක යනකොට උඩින් බලන කී‍ දෙනෙක් ඉන්නවාද ? පන්තියක..... කාර්යාලෙක... එහෙමත් නැත්නම් පංසලක, පල්ලියක බෝක්කුවක් දැක්කොත් (මේ කියන්නේ අර හවසට වාඩි වෙලා ඉන්න ඒවා නෙමෙයි) ඒ දිහා නොබලන්නේ කීයෙන් කීදෙනාද ? බලලා නිකම් ඉන්නවද ?...පට්ට කෑල්ල... මරු ගල් දෙක.... මරු ගෙඩි දෙක.... කියලා හිතින් විඳින්නේ නැද්ද ?..... අපි ඉන්නේ මේ වගේ සමාජෙක... මේක තමයි අපේ පරිසරය... මොකද අපි කුඩා කාලේ ඉඳලම දැක්කේ නිරුවත මහා වරදක් විදියට.... ඇත්තමට ඒක වදරක්ද ?

දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කෙල්ලෙක් මොන විදියේ ඇඳුමක් ඇන්දත් මොකද ?, ඒ දිහා වනචර විදියට නොබලා හිටියානම් ඉවරයිනේ කියලා..... එහෙමත් නැත්නම් ඇයි මේ මිනිස්සුන්ට තමුන්ගේ සහෝදරිය, මව දිහා බලන ඇහින් වෙනත් සහෝදරියෙක් දිහා බලන්න බැරි ?....

එහෙම දෙයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ.. මොකද රහත්වෙච්ච වත්... ආසාවන් දමනය කරපු හෝ එහෙම නැත්නම් ඉටි පන්දම් හඳුන්කූරැ කන මිනිස්සු නෙමෙයි නේ අපේ සමාජේ ඉන්නේ... ඒක නිසා අපිට මුලු මහත් සමාජයක් හදන්න බැහැ... අපි දැනගන්න ඔනේ අපි කොහොමද තැනට අදාලව තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්නේ කියලා... පන්සලට අඳින්න ඕන ඇඳුම... පල්ලියට අඳින්න ඕන ඇඳුම වගේම සාමාන්‍ය ගමනක බිමනකදී අඳින්න ඕන පිළිවෙලත්..... උත්සවයට සහභාගීවීමේදී අපි යන්න ඕ‍නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගකීමක් තියනවා තමන්ගේ දරැවන් විශේෂයෙන්ම දියණිය අඳින ඇඳුම් පැලඳුම් ගාන අවධානය යොමුකරන්න....

අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ....එහෙම වෙනවා නම් අද ගබ්සාව නීති කිරීම සඳහා නිති රීති සම්පාදනය නොකර කාන්තාවන් දුෂණයට ලක්වීම නවත්වන්න තිබුනා...

ඒ වගේම තමයි අද තියන ෆේස් බුක් වගේ සමාජ ජාලාවල මේ වගේ සිද්ධීන් ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා... තමන්ට ලැබුන පහත් පණිවිඩයක් ගැන.... එහෙමත් නැත්නම් චැට් බොක්ස් එකට ලැබුන අනවශ්‍ය යෝජනාවක් ගැන.... එහෙමත් නැත්නම් තමන්ගේ පිංතූරයක් බද්ධ කරලා අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන... මෙවැනි විවිධාකාර දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.....සමහර ගැහැණු ළමයින් තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ඕන පිංතූර මුලු අන්තර්ජාලයත් එක්කම බෙදාගන්නවා.... එහෙම වෙන්න එක් හේතුවක් තමයි අපි එළියට දෙන අපේ ප්‍රතිරූපය....බොහෝ දෙනෙක් ඒක තීරණය කරන්නේ අපේ බාහිර ස්වරූපය අනුව...ඉතා සරළවම කිව්වොත් 

"අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

සැබි ඇසැබි බෙදුම්වාදය...!!!

අදහස්‌ ප්‍රකාශනයෙහි ලා භාෂාව මගින් ඉටුකරනුයේ සුවිශේෂ මෙහෙවරකි. මානව නිර්ගමනයේ මූලික අවධියේ පටන්ම ස්‌වකීය අදහස්‌ හා සිතුම් පැතුම් අනෙකුන් වෙත ප්‍රකාශ කිරීමට විවිධාකාරයේ ඉරියව් හා ශබ්ද භාවිත කළ මානවයා අවසානයේදී භාෂාව නම් ප්‍රකාශන මාධ්‍යය නිර්මාණය කරගෙන තිබේ. ලෝකයේ භාෂාවන් 6000 කට අධික ප්‍රමාණයක්‌ පවතී. භාෂාව නිර්මාණය වීමේ මූලික අධ්‍යාශය වන්නේ ස්‌වකීය අවශ්‍යතා අනෙකා වෙත සම්ප්‍රේෂණය කරවීම වන අතර එහිදී ලිංගිකත්වය නමැති සාධකය සම්බන්ධයෙන් අනෙකා වෙත ප්‍රකාශනය කිරීමට ද විවිධාකාරයේ ක්‍රමවේද භාවිත කරනු ලැබ තිබේ. ලෝකයේ සංස්‌කෘතිය විසින් හික්‌මවනු ලැබූ සියලුම රටවල පවතින්නා වූ භාෂා ව්‍යවහාරයන් තුළ මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිsර්මාණය වී තිබෙන වචනවලට යම් යම් සීමා බාධක පැනවී තිබේ. භාෂාව විවිධාංගීකරණය වීමෙන් නිෂ්පන්න වූ සිනමාව, චිත්‍රණය, සාහිත්‍ය, ගීතය වැනි නෙක්‌ කලාවන් විෂයෙහි ද මේ තත්ත්වය බලපා ඇත. ලාංකීය ජන සමාජය තුළ "කුණුහරුප" ලෙසින් ද නැතහොත් "කුණුහබ්බ" ලෙසින් ග්‍රාම්‍ය ව්‍යවහාරයේ දී ද පොදුවේ යෙදෙන්නේ මේ ප්‍රකාශනයන් හා සම්බන්ධ අරුත් ගැබ් වූ වදන්ය. වර්තමානය වන විට "කුණුහරුප" යන යෙදුම පවා සමාජයේ පිළිකුළට බඳුන් වන සෙයක්‌ පෙනෙන්නට ඇත. මේ අසභ්‍ය වදන් නිර්මාණය වීමේ දී කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමක්‌ සිදුවී ඇත. ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික අවයවයන් සම්බන්ධ ප්‍රකාශන ඒ අතර ප්‍රමුඛ වේ. ඒ නිසා යට කී අර්ථ සහිත වදන් හැඳින්වීම උදෙසා "අසභ්‍ය වචන" යෑයි කියනු ලැබෙයි. මේ අසභ්‍ය වදන් භාවිතය සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය විමසුමක්‌ වෙත යැම අපගේ අපේක්‍ෂණයයි.

"අසභ්‍ය" යන වදනෙහි අරුත නම් "සභ්‍ය නොවන" යන්නයි. එනම් "සභාවට" නොහොත් "සමාජයට අනුචිත" යන අරුතයි. සමාජය නමැති ප්‍රපංචය තුළ පොදුවේ කතිකා කළ නොහැකි වන හෙයින් එවන් අර්ථ සහිත වදන් සමාජය විසින් වාරණය කරනු ලැබේ

අසභ්‍යවාදය සම්බන්ධව බටහිරට යැමට පළමුව ඉන්දීය සමාජය හා මෙරට තුළ විමැසුමකට යාම වඩා උචිතය. ලාංකීය සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතිකා කිරීම පිළිබඳ පාරම්පරික තහංචි සමුදායක්‌ තිබේ. අසභ්‍ය වදන් මෙන්ම අසභ්‍ය ක්‍රියාකාරකම් ද ඇත. මේවා කියන්නන් හා කරන්නන්ට සමාජය වෙතින් එල්ල වනුයේ සුළුපටු ප්‍රහාරයක්‌ නොවේ. ඒ තබා විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අත්වැල් බැඳ යැම පවා මෙරට පාරම්පරික සංස්‌කෘතිය විසින් වාරණය කොට තිබෙයි. මෙය කිසිසේත් වැරදි යෑයි අපි නොකියමු. ලිංගිකත්වය වැනි පොදු මාතෘකා විෂයෙහි විද්‍යාත්මක හා ශාස්‌ත්‍රීය කතා බහක්‌ තිබිය යුතු වුවත් ඒ පිළිබඳ ව ග්‍රාම්‍ය මට්‌ටමේ සංවාද දුරැලිය යුතුය. නමුත් දැන් දැන් නාගරික සමාජ පද්ධතීන් තුළ මේ සම්බාධක ලිහිල් වෙමින් පවතින ආකාරයක්‌ දකින්නට ලැබේ. කෙසේ නමුත් මේ "අසභ්‍ය සංකල්ප" ලාංකීය සමාජය තුළ වඩා තදින් රෝපණය වී තිබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී යුගයන්හි බව ඇසීමෙන් බොහෝ දෙනා පුදුමයට පත් නොවන්නේ වී නම් එය අනිවාර්යෙන්ම තවත් පුදුමයක්‌ වනු ඇත. නමුත් එය සැබෑවි.

පුරාණ සමාජය තුළ නිරුවත නමැති සංකල්පය සම්බන්ධයෙන් පැවැති සමාජගත ආකල්පය වර්තමානයේ තරම් උග්‍රව පැවතියේ නැත. ලිංගික අවයවයන් සම්බන්ධයෙන් හැරුණු විට වෙනත් ශාරීරික අංගයන් සම්බන්ධයෙන් සමාජයේ පැවැති ආකල්පය අදට වඩා වෙනස්‌ වූ ස්‌වභාවයක්‌ උසුලා තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් සොයාගත් මාතෘ දෙවඟනගේ රුවෙහි යෝනිය තුළින් නික්‌මෙන පැළෑටියක්‌ දක්‌වා තිබීම මගින් ද ප්‍රකට වන්නේ නිරුවත හා ලිංගිකත්වය සශ්‍රීකත්වය පතා වන්දනා කිරීමට පැරණි සමාජය උත්සුක වී තිබෙන බවයි. එපමණක්‌ද නොව, පශ්චාත් වෛදික සමයේදී ශිව ලිංග වන්දනාව සහ යෝනි වන්දනය ද පැවැතී තිබේ. එමෙන්ම ඉන්දියාවේ වෛදික යුගයන් හි දී නිරුවත් බමුණෝද විසූහ. විශේෂයෙන්ම නිගණ්‌ඨයෝ නිරුවත ව්‍රතයක්‌ සේ සැලකූහ. රජුන් හා වෙනත් ප්‍රභූන් පවා නිරුවත් පූජකයන්ට වන්දනාමාන පවත්වා තිබේ. එකල ඔවුන් නිරුවත් යයි කියා කිසිදු තැනකට යැමට බාධක තිබූ බවක්‌ ද නොපෙනේ. තවද නිරුවත් ස්‌ත්‍රී රූපවලට වන්දනාමාන පවා පවත්වා තිබේ. ඉන්දියානු කලා නිර්මාණ අතර, සාංචි තොරණ, භාරුත් කැටයම්, එල්ලෝරා ලෙන්, අජන්තා ලෙන් වැනි ස්‌ථානවල ඇති පූර්ණ හා අර්ධ නග්න කාන්තා රූප සම්බන්ධයෙන් විමසීමේදී ද පෙනී යන්නේ එකල අද තරම් නිරුවත හා ලිංගිකත්වය සම්බන්ධයෙන් තියුණු වූත්, අද තරම් ප්‍රබල වූත් සංස්‌කෘතික විවේචන නොතිබූ බවය. මේ අතර වඩාත්ම වැදගත් නිදර්ශනය වන්නේ ක්‍රි. ව. 2 වන ශතවර්ෂයේදී පමණ ඉන්දියාවේ විසූ පඬිවරයෙකුවූ "වත්ස්‍යයාන" විසින් රචනා කරන ලද "කාම සූත්‍ර" නම් වෛද්‍ය ශාස්‌ත්‍ර කෘතිය යි. සමකාලීන රජුන් හා ප්‍රභූන්ගේ ලිංගික දිවිය සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක්‌ සේ සකස්‌ කර තිබෙන "කාමසූත්‍ර" කෘතිය අද වනවිට වැරදි පුද්ගලයන් අතට පත්වීම කරණකොටගෙන හුදු කාමෝද්දීපන කෘතියක්‌ බවට පත්ව තිබේ. නමුත් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඇති "කාහුජාරෝ" හි කාමසූත්‍ර දේවාලය වැනි ස්‌ථානයන්හි රමණ දිව්‍යත්වයෙන් යුක්‌තව ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ද පෙනී යන්නේ පෙරදිග සංස්‌කෘතිය තුළ ලිංගිකත්වය "කුණුහරුපයක්‌" නොවූ බවය.

එමෙන්ම පැරණි ශ්‍රී ලාංකීය සමාජය නිරීක්‍ෂණය කිරීමේදී ද පෙනී යන්නේ මෙරට ද ලිංගිකත්වය සම්බන්ධයෙන් අසභ්‍යවාදයක්‌ නොතිබූ බව ය. ක්‍රි. ව. 4 - 5 සියවස්‌වලට අයත් සේ ගැනෙන සීගිරියේ බිතුසිතුවම් වුව වර්තමානයේ අසභ්‍ය කුලකයෙහි ලා සැලකීමට බොහෝ දෙනා උත්සුක වෙතත් ඒවා නිර්මාණය වූ වකවානුවේදී ඒ හා සම්බන්ධව එවන් අසභ්‍ය යෑයි සම්මත ආකල්පයක්‌ නොතිබූ බව නිසැකය. විශේෂයෙන්ම සීගිරිය වූ කලී පසුකාලීනව බෞද්ධ විහාරයක්‌ බවටද පරිවර්තනය වූ ස්‌ථානයක්‌ නමුත් යට කී සිතුවම් ඒ ස්‌ථානයෙන් ඉවත් කිරීමක්‌ සිදුකර නොමැත. එසේම පිදුරංගල වැනි ස්‌ථානවල ද එවන් නග්න රූප තිබේ. සමකාලීන කුලවත් කාන්තාවන් පවා මේ ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇඳි සිටි බවට මේ නිර්මාණ කදිම සාක්‌ෂ්‍යයක්‌ වෙයි. ඇතැම් දාගැබ්වල ගර්භවල පවා ඇඳ තිබෙන සිතුවම් අතර ද අර්ධ නග්න රූප තිබෙනු දැකගත හැකිය. තවද පොළොන්නරු යුගය වනවිට ද මේ තත්ත්වය මෙසේම පැවතී තිබේ. යාපහුව යුගයේ දී දළදා මාළිගාවට පිවිසෙන පියගැටපෙළ දෙපස අතිශයින්ම දුහුල් වූ සළුපිළි හැඳි රූප තිබේ. මාතලේ නාලන්දා ගෙඩිගේ ඇති කැටයම් අතර පුද්ගලයන් තිදෙනකු එකවර රමණයේ යෙදෙන ආකාරයක්‌ පවා දක්‌වා ඇත. ලිංගිකත්වය සම්බන්ධයෙන් පැරණි සමාජය අනුගමනය කර තිබෙන්නේ අතිශයින්ම ලිහිල් ප්‍රතිපත්තියක්‌ බව මේ අනුව මනාව පැහැදිලි වේ. ගම්පොළ හා කෝට්‌ටේ යුගයන්හි රචනා කරන ලද සංදේශ කාව්‍යයන් හි පවා පියයුරු පිටතට පෙනෙන සේ වීදි සැරි කාන්තාවන් පිළිබඳව තොරතුරු මුණගැසේ. මහනුවර යුගය වනවිට බිතුසිතුවම් අතර උඩුකය නග්න කාන්තා රූප අනන්තවත් දැකගත හැකිය. සමකාලීන සමාජයේ කාන්තාවන් පවා ඒ අනුව ස්‌වකීය ඇඳුම් සකස්‌ කරගෙන සිටි බව ද මේ අනුව සනාථ වේ. පහත් කුල කාන්තාවන් විශේෂයෙන්ම නිරුවත්ව සිටි බව ද මහනුවර යුගයේ සමාජ යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව පෙනී යයි. නමුත් කිසිවිටෙක ඔවුන් මෙසේ සිටි පමණින් ඒ මත පදනම් ව සමාජයෙන් ඔවුන් ප්‍රතික්‌ෂේප වූ බවක්‌ පිළිබඳ තතු ඉතිහාසයෙන් හමුවන්නේ නැත.

මහනුවර යුගයේ සමාජය තුළ පැවැති මේ "අසභ්‍ය" තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කෙරෙන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ 1696 දී Robert Knox විසින් ලියන්නට යෙදුණු An Historical Relation of the Island of Ceylon නමැති කෘතියයි.

"ඔවුන් ඇණුම් බැණුම් සඳහා භාවිත කරන කර්ණ කඨොර වචන බොහෝය. සහෝදරයා තවත් සහෝදරයකුට බැණ අඬගැසීමේදී සිය මව ඉදිරිපිට ම සිටියත් "තෝ මෝ..." යයි කියයි. එවිට අනිකා "පල තෝ ගිහින් මෝ...." යනුවෙන් බැණ වදී. මව දුවට බැණ වැදීමේදි "තෝ අප්ප..." ආදියෙන් බැණ වදින්නීය. කුඩාවෝ තමන් ගේ නිදොස්‌කම සනාථ කර ගැනීමට කථා කරන කල්හි සැර වැර කරමින් "හරි උපන්නා" යයි කියන්නෝය. බැණ ගැනීමේදි "රිංපිය මගෙ නාහෙ කපා ගියා" යනාදියෙන් බැණ වදිති. ශාප කිරීමේදී හැවිළි කැවීමේදී "තෝ පංසියක්‌ ජාති නරකාදියෙ...." යනාදියෙන් සාප කරති. ගම්වැසියන්ගේ වත්තකින් කෙසෙල් කැණක්‌ බඳු යම් කිසිවක්‌ යමෙකු සොරකම් කර ගතහොත් "මේක කරපු එකා නීච...... කූට ජාතක...." යනාදියෙනුත්..." (එදා හෙළදිව: ඩේවිඩ් කරුණාරත්න - 2004( 301 පිට)

මේ අනුව පෙනී යන්නේ මහනුවර යුගයේ දී පවා භාෂාවේ "අසභ්‍ය" යෑයි පිළිගත් වදන් මාලාවක්‌ නොතිබූ බවය. මව ඉදිරිපිට සිටියදී ම සොහොයුරන් බැණගන්නා ආකාරය අනුව ද පෙනී යන්නේ එවන් වදන් සම්බන්ධයෙන් උග්‍ර සංස්‌කෘතිකමය වාරණයක්‌ එකල බලපැවැත්වී නොතිබුණු බවය. කෙසේ නමුත් මේ සමාජ තත්ත්වය වෙනස්‌ වන්නේ බටහිරුන්ගේ දෘෂ්ටිය හේතුවෙන්ය. නොක්‌ස්‌ මේ පුවත් පාඨකයා හමුවේ තබනුයේ පිළිකුල් සහගත අන්දමිනි. ඉංග්‍රීසීන්ට වඩා ග්‍රාම්‍ය වූ සිංහලයන් අතර එදා පැවති මේ භාෂාත්මක භාවිතය නොක්‌ස්‌ට ඉහිලුම් නොදුන්නක්‌ වන්නට ඇත. නමුත් නිර්ව්‍යාජ සිංහලයන් අතර මේ ස්‌වභාවය සාමාන්‍යකරණය වූ තත්ත්වයක්‌ වූ බව නිසැකය. එමෙන්ම අමුඩය ලෙසින් අප හඳුන්වන වස්‌ත්‍රය ගත් කල ඉංග්‍රීසි සංස්‌කෘතිය තුළ එය ද නිර්වචනය වන්නේ අසභ්‍ය දර්ශනයක්‌ ලෙසිනි. නමුත් එය පැහැදිලිවම දේශීය සංස්‌කෘතියේ වස්‌ත්‍ර භාවිතයක්‌ වෙයි. අපේ සමාජය තුළ මේ දෑ අසභ්‍ය වූයේ නැත. නමුත් බටහිරකරණයක්‌ සමඟ මේ සාම්ප්‍රදායිකත්වයන් "අසභ්‍ය" ලෙසින් ලේබල්ගත කිරීම සිදුව තිබේ. වර්තමානය වන විට බටහිර සංස්‌කෘතිය දැඩි සේ දූෂ්‍යව පැවතියත් එකල එය බොහෝ සෙයින් ශික්‍ෂිතවත් වූවක්‌ විය. එකල බටහිර සමාජයේ පැවති ඇඳුම් ආයිත්තම් පවා සැකසී තිබුණේ එසේය. ඇඳුම් පැළඳුම් ආදිය නිර්මාණය වන්නේ ඒවා අඳින පළඳින ජනතාව දිවි ගෙවන භූමියේ දේශගුණික සාධකයන් මතය. ලංකාවේ පවතින උෂ්ණාධික දේශගුණය අනුව භාවිත වූ අමුඩය වැනි ඇඳුම් නිර්මාණයව තිබෙන්නේ එවන් වාතාවරණයක්‌ තුළය. ශීත දේශගුණය සමනය කරගනු වස්‌ කය හොඳින් වැසී යන පරිද්දෙන් ඇඳුම් නිර්මාණය කරගත් බටහිරුන් අමුඩය වැනි ඇඳුම් දැක තිබෙන්නේ නිරුවත ප්‍රකාශ කෙරෙන ඇඳුම් වශයෙනි. මේ නිසා බටහිර සංස්‌කෘතිය අනුව ස්‌වකීය දිවිපැවැත්ම හුරු කර ගැනීමට පෙළඹුණු සිංහලයෝ ද මේ දේශීයත්වය අසභ්‍ය සේම නිර්වචනය කළහ.

".....අවුරුදු පහකට උඩදී කුඩා ගැමි දරුවෝ සෙළුවෙන් ඇවිද්දෝය. ගැමි ගැහැනු ඒ කුඩා දරුවන් සුරතල් කරමින් ඔවුන්ගේ ඇඟ හැම තැන සිම්බෝය. ඔවුන්ගේ සිඹීමට දරුවන්ගේ රහසඟ ද හසුවිය. එය දකුණු පළාතේ ගැමි ගැහැනු අමුත්තන් ඉදිරියේ "සුන්නිය" නමින් හැඳින්වූහ. දරුවන්ගේ සෙළු කය අසභ්‍ය දර්ශනයක්‌ කොට සලකන්නට අප පුරුදු වූයේ වික්‌ටෝරියා රැජිනගේ කාලයෙහි වූ යුරෝපීය සභ්‍යත්වයෙහි බලපෑම නිසාය." (සිංහල සකස්‌කඩ - මාර්ටින් වික්‍රමසිංහ - 1962(39) සහ 40 පිටු)

අසභ්‍ය යෑයි සැලකෙන සියලු දේ ලිංගිකත්වය හා සමගාමී වන කරුණු කාරණාය. අසභ්‍ය වදනින් මුක්‌ත එකම බස මාගධි නොහොත් පාලි බස යෑයි කියනු ලැබේ. එයට හේතුව එය බුද්ධ භාෂිත භාෂාවක්‌ වීම යෑයි ඇතැම්හු කියති. කෙසේ වෙතත් සෙසු භාෂා සියල්ලකම පාහේ "කුණුහරුප" තිබේ. ඒවා භාවිත කරන්නෝ තත් සමාජයේ පිළිකුළට පවා පාත්‍ර වෙති. අපේ පැරණි සාහිත්‍යයේ ඇති ඇතැම් පැරණි වදන් 'කුණුහරුප' යෑයි සලකා පාසල්වලින් පවා මඟහැර යන අවස්‌ථා නැත්තේ නොවේ. මෙයට හොඳම උදාහරණයක්‌ නම් 'කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ' එන ඇතැම් වදන්ය.

"සන්තින්ද්‍රියෝච නිපකෝච-අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති"

"යේච දූරේ වසන්ති අවිදූරේ - භූතා වා සම්භවේ සී වා"

යනාදී පද කියවන බොහෝ දෙනා ඒවායේ නිසි අරුත් නොදැන කියවන ගමන්ම කට කොණින් සිනා නගනු අප නිරන්තරයෙන්ම දැක තිබේ. එමෙන්ම ඇතැම් සාහිත්‍ය කෘතිවල ද මෙවන් දෑ සුලබය. ගුත්තිල කාව්‍යයේ 494 වැනි කවිය එහි මුල් මුද්‍රණවල ආරම්භ වන්නේ.

"තිඹිරි පතක්‌ දුන් අඟනක්‌ සඟන දැක"

(සංඝයා වහන්සේ දැක තිඹිරි ගෙඩියක්‌ දුන්නා වූ ස්‌ත්‍රිය....)

ලෙසිනි. නමුත් දැන් එළිදකින අලුත් මුද්‍රණවල මෙය අසභ්‍ය යෑයි සලකා 'තිඹිරි පලක්‌ දුන් අනෙක්‌ පහන දැක' යනාදී වශයෙන් වෙනස්‌ කර තිබේ. මහනුවර යුගයේ රචිත 'සඳකිඳුරු දා කවෙ' හි,

"වේසක්‌ නැතිව සැප විsඳ විඳ ඉන්ට"

(වෙහෙසකින් තොරව සතුටින් කල් යෑවීමට....)

යන පදය කියවන සාමාන්‍ය පෙළ සිසුවෝ ද මහත් හඬින් හිනැහෙති. ගැහැනු ළමෝ මුහුණ රතුකරගෙන ඇඹරෙති.

"තන ගස මුස කළෙමි නිදොසිම් ලු හා නුගියට"

ලෙසින් කාව්‍යශේඛරයේ 12 වැනි සර්ගයේ 559 වැනි කව ද ඇතැම් දෙනා අසභ්‍ය සේ විවරණය කරති.

සැළලිහිණි සංදේශයේ ද එසේය.

"වෙසඟන තුඟු කන යුග රොන් කොකු මඟර" 

(23 කව)

"සලා දූලා පියොවරැ තඹර රොන් රත" (38 කව)

මේ ආදී වශයෙන් පැරණි සාහිත්‍යයේ එන්නා වූත්, වර්තමානයේ අසභ්‍ය සේ ගැනෙන්නා වූත් උදාහරණ අනන්තවත් සැපයිය හැකිය. විශේෂයෙන්ම මහනුවර යුගයට අයත් 'රති වැනුම්' සහිත ශෘංගාරාත්මක කාව්‍ය සම්බන්ධයෙන් මේ තත්ත්වය උපරිමයෙන් මෙන් පවතී. නමුත් නිසි අර්ථ නොදැනීමෙන් හා රස විඳීමේ පවතින දුබලතාවයන් නිසා වර්තමානයේ බොහෝ දෙනා මේවා දෙස බලා කට කොණින් සිනහ නඟති. නැතොත් අසැබි සේ සලකා බැහැරලති.

ගාල්ලට නුදුරු 'පයාගල' නම් නගරය. මෙයින් වසර තුන හතරකට පමණ පෙර ව්‍යවහාර කළ එහි මුල් නම වූයේ 'පයියාගල' යන්නයි. නමුත් දැන් එහි නම අසභ්‍ය සේ සලකා වෙනස්‌ කර තිබේ.

භාෂාවේ අසභ්‍ය සම්ප්‍රදාය එසේය. ඇතැම් තැන්හි පැරණි සාහිත්‍යයේ එන වදන් අසභ්‍ය සේ ගෙන තිබෙන්නේ ඒවායේ නිවැරැදි අර්ථය හා සම්බන්ධ වූ අල්පමාත්‍රයකුදු දැනුමින් මුක්‌තව ය. විශේෂයෙන් වර්තමානයේ සිදු වී තිබෙන 'රස සායනය' නොහොත් 'රස වින්දනයේ' පවතින නායයැම හේතුවෙන් මෙවන් දෑ සිදුව තිබේ. අතීත ජන සමාජයේ විසුවෝ සියල් දෑ කලාවෙන් විඳි බව පුරාණ කලා නිර්මාණ ඇගයීමෙන් මනාව අවබෝධ කරගැනීමට පිළිවන. නමුත් වර්තමානයේදී මේ තත්ත්වය සපුරාම වෙනස්‌ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරිකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගත ව ඇත. එදා කලාත්මකව රස විඳි පූජනීය වස්‌තුවක්‌ සේ ඇගයුම් ලැබූ ස්‌ත්‍රී ශරීරය, වත්මන ව්‍යාපාරීකරණය වීමත් සමඟ කාමොද්දීපනය පිණිස පවත්නා වස්‌තුවක්‌ සේ ආකල්පයක්‌ සමාජගතව ඇත. පැරණි සමාජයේ දෙවියන් සමඟ යාවීමක්‌ සේ සැලකූ ස්‌ත්‍රී පුරුෂ සංවාසය වෙතින් එහි පූජනීයත්වය වර්තමානයේ ගිලිහී ගොස්‌ ඇත්තේය. මේ සමාජ ආකල්පමය වෙනස සිදුව තිබෙන්නේ ලෝකය ව්‍යාපාරීකරණය වීමේ අනිටු ඵලයක්‌ වශයෙනි. මෙහි වගකීම හුqදු බටහිර ලෝකයටම පවරා වැරැද්දෙන් නිදහස්‌ වීමට පෙරදිග අපට නුපුළුවන. බටහිර සංස්‌කෘතිය මුළුමනින්ම දූෂිත යෑයි කීමට ද අපට නොහැක. එමෙන්ම ඔවුන් තුළ මෙයින් දශක හතරකට හෝ පහකට පමණ පෙර සංස්‌කෘතිකවත් සමාජ රටාවක්‌ පැවැති බව පිළිගැනීමට ද අපට සිදුවේ.

අසභ්‍ය යෑයි සමාජ සම්මත ප්‍රපංචය වුව රසවිඳීම ඔස්‌සේ 'සභ්‍ය' බවට පත්කළ හැකිය. මනසින් උසස්‌ ප්‍රජාවක්‌ භාවිත කරන බසක 'අසැබි' යෑයි පොදු සම්මතයක්‌ නැති වන්නේ මේ නිසා ය. රසාස්‌වාදයේ හා විචාරයේ උපරිමයට පත් වූ කල එතැන 'අසභ්‍ය' දෙයක්‌ තිබිය නොහැක. 'කලාව' නමැති සන්දර්භය තුළ අසභ්‍ය දැයක්‌ නැත. සාහිත්‍ය හෝ කලා නිර්මාණකරණයේදී නිර්මාණකරුවා තුළ මෝදු වන විචාරාතම්ක පරිකල්පනය කරණ කොටගෙන ඔහු තුළ රාගය හෝ කාමය බිහි නොවේ. නිර්මාණකරුවා සේම වින්දකයා සහ විචාරකයා ද එවන් ප්‍රබුද්ධ මනෝභාවයෙන් සපිරුණේ වී නම් මානව ආකල්ප වඩා හොඳින් කුළුගැන්වෙන නිර්මාණයක්‌ එතැන සිදුවනු ඇත. 'අසභ්‍ය' සේ පොදුවේ ගැනෙන්නේ 'රාගය හා ලිංගිකත්වය' නම් ඒ දෙකම උසස්‌ මනසින් රස විඳින තැනැත්තා කෙරෙහි 'අසභ්‍ය' යෑයි සැලකිය හැකි දෘෂ්ටියක්‌ කිසිදා ඇති වන්නේ ද නැත.