girl--- අපි මේ සම්බන්දෙ නවත්වමු
Boy---- ඒ... ඇයි එක පාරටම
Girl---- මන් අසනීපෙන් hospital ඉදපු එකදවසක් වත් ඔයා ආවද මාව බලන්න මන් ඇස් රිදෙනකම් බලා ඉදිය, අඩු තරමෙ ඔපරේෂන් එක දවසෙවත්.
Pls මගෙන් ඈත්වෙන්න
මෙහෙම ආදරයක් මට වැඩක් නෑ.
පසුව ලියමි...
-------------------------------------------------------
රෝහලේ නුඹ බලන් ඉන්නැති
නෙත් ඔබේ මගෙ රුව සොයන්නැති
ඒත් කෙලෙසක ලගට එන්නද
මමත් සිටියේ ලෙඩ ඇදේ
නෙත්වසා මරුවා සමග ඔබ
දවස් ගනනක් සටනෙ උන්නා
බලා ඉන්නට නොහැකි තැන මම
ඔබට මගෙ වකුගඩුවක් දුන්නා
අඩපණව ගියමුත් මගේ ගත
හැම විටම නෙතු ඔබව සෙව්වා
රහසක්ය මෙය ඔබට නොකියන
ලෙසට මම සැම දෙනට කිව්වා
යා යුතුයි නම් මගේ සෙවනින්
තහනමක් නෑ පිටව යනු මැන
හුස්ම ගන්නා වරක් පාසා
මගේ පෙම යලි සිහිකරුනු මැන
සමීර මදුසංක.....
No comments:
Post a Comment